2012/08/31
මරණය සොයමි..
සැඟවුණු කඳුළු බිඳුවක පිහි පහර වැද
වැගිරෙන රුහිරු සමඟින් පවු ගෙවයි හද
තනිකම මකන මුත් පාලුව ළඟින් හිඳ
පෙර තනි මැකූ ඇය මා ලඟ නොමැත අද
පන්හිඳ අනියි කටු අත්තක් වී හදට
පුන්සඳ පවා සෝ දසුනකි මගෙ ලොවට
ඉන්නද කෙසේ ඇය වෙන් වුනි පෙර පවට
දැන් ලද දෙයින් සැනසෙනු මිස නන් කුමට
ඇය හෙලු බැලුම් සිහිවෙයි නිල් දෙනෙත අයා
කන්කලු සිනාවන් සොයනෙමි කොහෙද කියා
දැන් මා කෙසේ සැනසෙන්නද දෙ ඇස පියා
ඇය ගිය ලොවට ඈ මගෙ හද අරන් ගියා
උණුසුම් කඳුළු බිඳුවකි නෙත සිප ගන්නේ
කොතරම් වැළපුණත් ඇය නෑ යළි එන්නේ
රුදු සිහිනයෙන් කෙළෙසද මා පිබිදෙන්නේ
මරණය සොයමි, අද මා ඔබ වෙත එන්නේ
Subscribe to:
Post Comments (Atom)
අම්මෝ ඇති යන්තම් බට්ටට බ්ලොග් එක මතක් වෙලා...ඔය ලියලා තියෙන්නේ සුපිරියටම...මේ හැකියාවෙන් වැඩක ගන්න මල්ලියෝ..
ReplyDeleteදැන් කියමුකෝ මේ කාටද ලිව්වේ කියලා...? ;)
මන් දන්නා කෙනාද..? O.o
මට මතක් උනාට අක්කට අක්කගෙ බ්ලොග් එක මතක් වෙලා නෑ වගෙයි.. මේක ලිව්වෙ හීන ලෝකෙ කෙනෙක්ට.. අක්ක දන්න කෙනා ජීවතුන් අතර ඉන්නෙ අර හොඳට... :O
Deleteබොහොම ස්තූතියි කොමෙන්ටුවට.. :D
දැන් ඉතින් ඔයාට ලියන්න වෙලාව තියෙනවනේ . දිගටම ලියාවි කියල හිතනවා .
ReplyDeleteලස්සන පද ගැලපුමක් .
දැන් විතරක් නෙමේ අක්කෙ.. කලිනුත් ලියන්න ඕනෙ තරං වෙලා තිබුණා.. ලියාගන්න දෙයක් නැතුවයි හිටියෙ.. ඊයේ අද මෙන් හෙටත් එහෙම වෙයි ඉතිං.. බොහොම ස්තූතියි.. :)
Deleteසෑහෙන කාලෙකින් නේ... එල එල..
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
ඔව් අයියෙ.. මාසෙකින් විතර කවි හතරක් ලියාගත්ත යන්තං.. ගොඩක් ස්තූතියි.. :)
Deleteබට්ටා මලේ මට මේ කවි පන්තිය කියවද්දි මතක් වුනේ රැයිපියල් තෙන්නකෝන් කියන කවියගේ කවි පන්තියක්... මට සම්පූර්ණයෙන්ම මතක නෑ මතක ටික මෙතන දාන්නම්.කවි පන්තියෙ නම් වවුලුව වෙන්න ඕනේ...
ReplyDeleteසිවියෙන් මිදුණු බෝවිටියා ගෙඩිය සොයා
මල් කැකුලකට නෑගම් ඇති තුඩග තියා
සුරතල් කිරිල්ලක් වන ලැහැබකට ගියා
දුටුවෙමි ඇගේ කූඩුව කොතැනකද කියා
මේකත් හරියටම හරිද දන්නේ නෑ.. බට්ටගෙ කවිපන්තිය හොඳ කවියෙක්ගෙ ලක්ෂණ පෙන්නුම් කරනවා.දිගටම ලියන්න බට්ටෝ විශේෂ හැකියාවක් මේක.හරි ලස්සනට කතාවම කියවිලා තියෙනවා.සුභ පැතුම් මගෙන්.ජය වේවා මලේ.
අපොයි.. එච්චර අගය කරන්න තරං වටිනවද.. මමත් ඔය කවි ටික කියෙව්ව.. ඇත්තටම ලස්සනයි.. අදටත් ආසයි.. ඔය කවිය නං ඔහොම තමයි මටත් මතක හැටියට.. එහෙමනං මේ තරමට අගේ කරාට ගොඩක් ස්තූතියි.. අයියටත් ජය.. අවුල් සේරම විසඳෙන්න කියල පතනවා ඉක්මනටම.. :)
Deleteදැන් නම් මට තද වෙනවා හරිද.... මේ බ්ලොග් එකත් එක්ක බ්ලොග් 4යි.හතරම මගෙ කොමෙන්ටු ගිල්ලා.ඇයි බොලව් මගෙ එව්වම ගිලින්නේ ගිලපියකෝ අනිත් එව්වා....
ReplyDeleteහපොයි කේන්ති ගන්න එපා දරුව නිවෙන්න..සන්සුන් වෙන්න..අද මේ පෝය දවසනේ...
Deleteඔන්න දැන් හරිනේ.....:D :P
මගෙත් කමෙන්ට්ස් පහකට වැඩිය ගිලලා අනේ.. :/
Deleteඋඹට තද වෙනව නං උඹම බුරුල් කරගනිං... අපියැ තද කරේ... :/
Deleteතෙල් කෑම අඩු කරපං.. කෙමෙන්ට් වල ග්‍රීස් ගාන්න එපා.. කොත්තමල්ලි අවුන්සයකට සුදු හුණු ගා තුන පහ ලුණු ඇඹුල් යහමින් දමා තක්කාලි කන්න.. පත අට එකට සිඳුවා බීමෙන් වළකින්න.. නාන්න
හප්පා...කවි ටික නම් ලස්සනයි...බට් දුක හිතුනා....
ReplyDeleteහ්ම් හ්ම්.. එහෙම කේස් එකකුත් තියනවද.. සමාවෙන්න ඕනෙ අයියෙ එහෙනං.. ගොඩක් ස්තූතියි අදහසට... :)
Deleteසුපිරි ආ...!!! මරේ මරු
ReplyDeleteසුපිරිදැ බං සිරාවටම? ;)
Deleteගොඩක් ස්තූතියි අයියෙ කොමෙන්ට් එකට.. :)
ලස්සන කවියක් සහෝ.. ජය වේවා!!
ReplyDeleteහ්ම්.. සමහරුන්ට නම් දුක හිතිලා වගෙයි.. :/
Deleteමේ කොමෙන්ටුව නං ස්පෑම් වෙලා නෑ ඔන්න.. බොහොම ස්තූතියි අදහසට.. ජය..
හප්පේ.. මේ මතක් වෙලා තියෙන්නේ මේකගේ පුස්කොල පොත ආයෙම..
ReplyDeleteකවි පෙලනම් ලස්සනයි මලයා.. පාළුවට නොයවා මේක ලියමු..
ඔව් ඔව්.. ඉඳල හිටල මේ පැත්තත් මතක් වෙනවා... :)
Deleteපාළුවට නොයවා ලියන්න මමත් ආසයි.. මොකක් හරි හේතුවක් නිසා මට අලුත් දෙයක් ලියාගන්න බෑ.. මුල් දවස් වල හරී අයියගෙන්, චතුරංග අයියගෙන් ආපු මග පෙන්වීම් නිසා දුර්වලකම් ගොඩක් හදාගන්න පුලුවන් උනා.. මට දැන් දැනෙන්නෙ කොමෙන්ට් කොහොම උනත් ලියන දේ ගැන මට තෘප්තියක් නැත්තං වැඩක් නෑ කියලයි.. අලුත් දෙයක්, නිර්මාණශීලී දෙයක් නැතුව නිකංම මුකුත් ලියන්න හිතක් නෑ.. මම හිතන්නෙ ඒකයි පාලුවට යන්න හේතුව.. //බ්ලොග් එක යුනික් වෙනකොටයි නැගලා යන්නෙ// මතකයි හරී අයියේ.. :) ගොඩක් පින් ඒ අදහස් වලට.. බ්ලොග් එක නැගලා ගියත්, නොගියත් ඉස්සරට වඩා මගේ ලිවිල්ල ගැන මම තෘප්තිමත්.. වෙන්න ඕන දේ ඒකයි කියල මට හිතෙනවා.. පුංචිවට හරි වෙනසක් කරා කියලත් මම දන්නවා.. වැරදි පාරවල් වලින් හරි පාරට මාව ඇදල දාන්න පොඩියට හරි උත්සාහ කරපු මේ හැම දෙනාටම ගොඩක් ස්තූතියි.. දිනේෂ් අයියගෙ කොමෙන්ටුවටත් ගොඩක් ස්තූතියි.. :) අපොයි දිනේෂ් අයියගෙ රිප්ලයි එක :D
ලස්සනයි මල්ලි අදහස
ReplyDeleteගොඩක් ස්තූතියි අක්කේ අදහසට... :)
Deleteමරුවට ලියලා... (සිතිවිල්ලක් විතරනෙ මැරෙන්න එහෙම එපා...)
ReplyDeleteබොහොම ස්තූතියි මචං.. :) සිතිවිල්ලක් විතරයි තමා.. ඒ වුනාට..
Deleteඒ ඔන්නොහෙ මම මැරෙනවා බං.. :/
අපූරුයි නිර්මාණය!
ReplyDeleteඔබට ජය!
ගොඩක් ස්තූතියි සහෝදරී.. ජය.. :)
Deleteසුපිරි බට්ටො!!!
ReplyDeleteමුල මැද අග නියම විදියට රයිම් වෙනවා... මුළ ඔඳන් අගට එනකම් ඒ ගතිය රැකගෙන ලියන එක හරිම අමාරුයි... මේක හොඳම විදියට ලියවෙච්ච කවියක්
එහෙම ලියන්න ලොකු උත්සාහයක් ගත්ත.. සමහර තැන් වල නං ටිකක් අසාර්ථකයි.. කොහොම උනත් මේ වගේ නැතුව කවි වලට ව්‍යංගාර්තෙකුත් එකතු කරන්න අයිය දක්ෂයිනේ ඈ.. එහෙම බැලුවම මේක පොඩි දෙයක්... ගොඩක් ස්තූතියි අයියෙ.. :)
Deleteකවි ටිකනං නියමයි.
ReplyDeleteයංතං පුස්කොළපොත පුස් කන්න ඉස්සෙල්ල එකක් දාල තියෙන්නෙ.
ඔව් අයියෙ.. කොච්චර උනත් නිකංම පුස් කන්න දෙන්නත් හිතක් නෑ මේක.. ඉඳල හිටල හරි ලියන්නෙ ඒකයි අමාරුවෙන් උනත්.. බොහොම ස්තූතියි.. :)
Deleteඑල.
ReplyDeleteකොහෙද බං හිටියේ ?
වැඩිපුර ම හිටියෙ නං මූණු පොතේ.. බ්ලොග් එකක් පැත්තෙ එවෙන්නෙ හරිම කලාතුරකින් අයියෙ,, බ්ලොග් ලිස්ට් එක දිහාවත් බලන්නෙ නෑ අඩු ගානෙ.. කියෙව්වොත් නං අනිවා කොමෙන්ට් එකක් දාලයි එන්නෙ.. ගොඩක් ස්තූතියි :)
Deleteමරු කවි ටික...
ReplyDeleteසාතන් අයියත් කවි කාරය කියල අපී දන්නවා.. ;)
Deleteබොහොම ස්තූතියි.. :)
ආයෙත් පුස්කොළපොත කළු මැදපු එක ගැන බොහොම සංතෝෂයි........
ReplyDeleteගොඩක් ස්තූතියි අයියෙ අදත් ආවට දිරිමත් කරන්න.. මම බලාගෙනම හිටිය අයියගෙ විචාරෙ හම්බුණේ නැති එක තමා දුක.. ;) වැඩ ඇතිනේ.. අවුලක් නෑ.. :)
Deleteලස්සනට ලියලා මල්ලි : D
ReplyDeleteතැංකූ තැංකූ අක්කේ :D
Deleteකවි හතරම ලස්සනයි මල්ලි...
ReplyDeleteඑත් මේ කවියට මං ආසයි...
උණුසුම් කඳුළු බිඳුවකි නෙත සිප ගන්නේ
කොතරම් වැළපුණත් ඇය නෑ යළි එන්නේ
රුදු සිහිනයෙන් කෙළෙසද මා පිබිදෙන්නේ
මරණය සොයමි, අද මා ඔබ වෙත එන්නේ
ඒ... අර මොකෝ ඒ කවියට විතරක් විශේෂයක්? :D
Deleteමමත් ආවා.නියමයි.
ReplyDeleteවෙල්කං අක්කේ.. තැංකූ වේවා!! :D
Deleteඔන්න බට්ටෝ මමත් සැපත් උනා. අගේ ඇති පැල් කොටේ. පංකාදු කවි පෙළ ආයෙමත් එන්නම්කෝ. දිගටම ලියන්න
ReplyDeleteඅයියත් වෙල්කං.. බෝම ලේසියෙං පටං අරගෙන අමාරුවෙන් පවත්තගෙන යන පැල් කොටයක්.. තැංකූ එහෙනං..
Deleteඅගේ ඇති පද පෙල...
ReplyDeleteකවුරැ කවුරැත්
නිරෝගී වේවා෴දීර්ඝායු වේවා෴ සැප වේවා෴චිරං ජයතු!!!
බෝම ස්තූතියි... මාත් කියන්නෙ ඒකයි.. හැමෝම නිරෝගී වේවා!! දීර්ඝායු වේවා!! ජය වේවා!! :D
Deleteජය වේවා බට්ටෝ.....නීම කවි ටික අප්පා...පට්ට අඃ....
ReplyDeleteතැංකූ තැංකූ.. ඔයැයිටත් ජයම වේවා!! යෙහෙන් වැජඹේවා!!
Deleteජයවෙවා ජොනී බටිටො
ReplyDeleteතැංකූ ඇන්ඩ් ජය වේවා Mr. වැ.කො.ඇ. මී. !! :D
Deleteපන්හිඳ අනියි කටු අත්තක් වී හදට
ReplyDeleteපුන්සඳ පවා සෝ දසුනකි මගෙ ලොවට
ඉන්නද කෙසේ ඇය වෙන් වුනි පෙර පවට
දැන් ලද දෙයින් සැනසෙනු මිස නන් කුමට
නියමයි.. දිගටම ලියන්ට කවි!
වර්ෂත් වැහැල යන්න ඇවිත්.. මට ඉඳල හිටල ලියවෙන ඒව තමා මේ.. ඉස්තූතියි එහෙනං..
Deleteනියම්යි බට්ටා, ලස්සනට ලියලා :)
ReplyDeleteඑළස් ෆා අක්කේ.. තැංකූ වේවෝ!! :D
Deleteමාත් අලුත් මාත් ආව ඔන්න ඇ
ReplyDeleteමරු කවි ටික
මේ මනුස්සයාට මක් වුණාද? >_<
Delete