හිතේ දුක වනසන්න
එක කඳුලු බිඳුවකට
හැකි උනත් එන්නෙපා
ඇස් අගට
එක කඳුලු බිඳුවකට
හැකි උනත් එන්නෙපා
ඇස් අගට
අඩු වුනත් දුක හිතේ
සුව දැනෙන මුත් නෙතේ
කොට්ට උර හෝදන්න
කවුරුවත් මට නැතේ
මල මගුලයි.. අම්ම එනව :o
ෆේස්බුක් එකේ හිඳ
විබාගෙට කෙල වෙතේ
කොට්ට උර හෝදන්න
ගෙදර වැඩ කරගන්න
හොඳ වදක බාරියක්
තොට හම්බවෙයි පුතේ
:-/
ඇහිල නේද..........
(හයියෙන්)පොත් අපේ නෙත් වගේ
ඔය තියෙන්නේ සේරම දේවල් හරිම කෙටියෙන් ලියලා....
ReplyDelete//හොඳ වදක බාරියක්
තොට හම්බවෙයි පුතේ//
මේ ටික ලියද්දි අතවත් වෙව්ලුවේ නැද්ද බං??
ඔය කියපු ටික ඔය විදියටම මෙහෙත් වෙනවා.... මුල් ටික නැතිව හැබැයි....
ලස්සනයි අදහස..... ජය වේවා ඈ
අත නං වෙවුලුවෙ නෑ.. මට පේන්නෙ හැම තැනම වෙන්නෙ මේක වගේ.. ;)
Deleteබොහොම ස්තූතියි අයියෙ..
ඇති යන්තම් පොස්ට් එකක් දාන්න මතක් උනා...
ReplyDeleteවහාම පොත අතට ගන්න කාලය ඇවිත් තියෙන්නේ...
බුකියේ හිටියොත් වදක භාරියක්ම තමා ඉතින්...:/
පුදුමයි බ්ලොග් එකක් තියනවා කියලා මතක උනා.ආපහු නොලියා හිටියොත් ඉතින්...
හැකියාවෙන් ප්‍රයෝජනයක් ගන්නේ නැ..:@
මොනවා උණත් ලස්සන කවිය මල්ලියෝ..
දිගටම ලියමු.:)
මේ ළමයටත් බ්ලොග් එකක් කියලා එකක් තියෙනවාද කියලා මතකයිද මංදා :P
Deleteඅහා මටත් බ්ලොග් එකක් තියනවා නේ..? :O
Deleteමතක නැනේ...
බ්ලොග් නම් අනේ මන්දා වෙලා ඉන්නේ මේ වැඩ ගොඩ නිසා....:)
හහ් හා.. පොත අතට ගන්න කාලෙ පහු උනා.. 3:)
Deleteලියන එකෙනෙක් කිව්වනං මටත් සලකල බලන්න තිබ්බා දිගටම ලියන්න.. :P
බොහොම ස්තූතියි අක්කෙ..
හිකිස්....අඩේ අන්තිම ටික නම් මරු ඈ....සිරා...
ReplyDeleteඔව් අප්පා.. මුලින් ලියන්න ගිහිපු එක නෙමේ අන්තිමට ලියවුණේ.. ;)
Deleteගොඩක් ස්තූතියි..
හප්පට සුර. මෙන්න බොලන් පට්ට කවියක්. මමත් කියන්නමයි හිටියේ වධක භාරියක් තොට හම්බෙයි කියල මෙහෙම ගියොත්. භාරියක් !! හ්හා...එච්චරයි අඩු.
ReplyDeleteහැබැයි පුතෝ හෙට උදේට ඉර නැතුව හඳ හෙම පෑව්වොත් අල්ල ගන්නේ නම් උඹව මම. හේතුව උඹ දන්නවනේ
හෙට ඉර පව්වේ නැත්නම් අපේ බට්ටව අල්ලගන්නේ මොකෝ ලොකුපුතේ....?
Deleteවධක බාරියක්වත් හම්බවෙන්නෙ නෑලු... අඩෝ හූ.. ලියාගන්න පුලුවන් වෙලාව්ට ලියනවනේ බං ඉතිං.. මොනා කරන්නද.. ගොඩක් ස්තූතියි..
Deleteඔව් ඉතිං face එක පොතේම තියාගෙන හිටු.එතකොට ඉතිං වදකබාරි සරණ තමා..
ReplyDeleteහා හා ගන්නවා ළමයා දැන්වත් face එක පොතෙන් අහකට
වධකබාරිගෙන් මොන සරණද අක්කේ.. :P
Deleteෆේස් එක පොතෙන් ගන්න ඕනෙ නෑ.. දැන් වැඩේ ඉවවයි.. බොහොම ස්තූතියි කොමෙන්ට් එකට..
ආ.. බට්ටා කාලෙකින්
ReplyDeleteඔව් අයියෙ.. දැන් වැඩිය බ්ලොග් පැත්තෙ එවෙන්නෙ නෑ.. බොහොම ස්තූතියි..
Deleteෆු......ඃ මකුළු දැලුත් බැඳිලා......දූ......වි..ලි
ReplyDeleteඒ පොතත් නරක නෑ..... :P
ඔව් අයියෙ.. වැඩිය එවෙන්නෙ නෑ මේ පැත්තෙ... ඔව්.. නරකකුත් නෑ ඉතිං.. ;) බොහොම ස්තූතියි අයියෙ..
Deleteඅඩේ නිමයි බං. ලියපන්කො සතියකට දවසක්.
ReplyDeleteනිකමට ලියවෙච්ච එකක්.. සතියට දවසක් නම් ලියවෙන්නෙ නෑ අයියෙ.. බලමුකො.. ගොඩක් ස්තූතියි කොමෙන්ට් එකට..
Deleteඅමුතුයි සිතුවිල්ල බට්ටාගෙ....ඔහොම දාන්නකො සතියකට එකක්වත්..:)
ReplyDeleteඔව් ටිකක් අමුතු උනා ලියද්දි... සතියකට තියා මාසෙකට එකක්වත් දාගන්න බැරුව ඉන්නෙ.. බොහොම ස්තූතියි අක්කෙ..
Deleteහි හි..ෂෝයි!
ReplyDeleteපිළිගන්නවා මෙහෙට.. :)
Deleteබොහොම ස්තූතියි..
වදක බාරියක්??? පවු අප්පා බට්ටා
ReplyDeleteවධක බාරියක් නේන්නං.. පවු කියල මොනා කරන්නද.. ;)
Deleteගොඩක් ස්තූතියි කොමෙන්ට් එකක් දාල ගියාට..
//ෆේස්බුක් එකේ හිඳ
ReplyDeleteවිබාගෙට කෙල වෙතේ
කොට්ට උර හෝදන්න
ගෙදර වැඩ කරගන්න
හොඳ වදක බාරියක්
තොට හම්බවෙයි පුතේ//
ඕක දන්න නිසාමනේ නිසි බලදාරී.... මට සිමා මායිම් දැම්මේ :)))) මොන බාරි වෙයිද මංදා :P
දවසක ඉර පායයි අයියෙ.. බය වෙන්න දෙයක් නෑ.. :)
Deleteබොහොම ස්තූතියි..
මෙහෙත් තත්වේ ඔහොමමද මන්ද...
ReplyDeleteකෙල්ලොත් දැන් සෑහෙන්ඩ සුදුසුකම් බලනව බන් කසාදයක් කර ගද්දි...
යාලු උනත් කසාද නම් බදිනව බොරු හරි හමන් රස්සාවක් වත් නැතුව..
නිකම් රස්සා දෙන් නෑනේ.ඒකට ඕනනේ අර අධ්‍යාපන සුදුසුකම් කියන එව්වා..
මොනව කරන්නද...
"ඉගෙනීම කටු ඇත්තකි එහි ප්‍රථිපලය මල ඉත්තකි"
මොන කට්ටක් කාල හරි ගොඩ යන්න ඕනෙ.නැත්නම් අන්තිමට හුලනුත් නෑ...
හොදට ඉගෙනීමේ වැඩ කටයුතු කර ගනින් කොලුවෝ....
ජයම වේවා!!!
අප්පා.. කෙල්ලොන්ට සුදුසුකම් බැරි නං ඕන එකක් බලාගන්න කියලයි ඉන්නෙ.. රස්සාව ගැන නං හිතන්න ඕනෙ තමා.. ඔව් ඔව්.. වැඩ ටික කොහොමහරි කරගන්නවා.. බොහොම ස්තූතියි අදහස් වලටයි කොමෙන්ට් එකටයි.. :)
Deleteහප්පේ බට්ට කාලෙකිං.
ReplyDeleteඔව් අයියෙ.. කම්මැලිකම වැඩි වෙලා.. ගොඩක් ස්තූතියි..
Deleteමරු කවි පොඩ්ඩ බට්ටො.. කියන්න ඕන ඔක්කොම කෙට්ටියෙන්ම කියල, රසයට හානියක් නොවෙන්න....
ReplyDeleteගිහින් පාඩම් කරපන්..
බොහොම ස්තූතියි අගේ කරාට.. පාඩම් කරන්න ඕනෙ නෑ දැං.. ඉවරයි ;)
Deleteමේක නේද එදා අර මහ රෑ ලිවුවේ.. වදක බාරියෝ මොකටද බං.. හොද කෙල්ලෙක් බැදහන්කෝ..
ReplyDeleteඔව් ඔව්.. මේක තමා ලිව්වෙ.. කෙල්ලො ගැන නං කතා නොකර ඉමු.. ;)
Deleteබොහොම ස්තූතියි අදහසට...
කොපි කොරපං... විබාගෙට..
ReplyDeleteඋඹ කියනකං හිටියේ.. :P
Deleteමොන කොපිද බං.. පොඩ්ඩක්වත් නොදන්න දේ කොපි කරන්නත් බෑ
අදහසට බොහොම ස්තූතියි..
සුපිරි කවි ටික......
ReplyDeleteබොහොම ස්තූතියි මචං.. :)
Deleteමමත් තොට කියන්නෙ ඔය ටිකම තමා...
ReplyDeleteදැන් ඉතිං ඉවරයිනේ ඒක.. ඊලඟ සැරේ කියන්න වෙන එකක් නෑ.. ගොඩක් ස්තූතියි..
Deleteමරු කවියක්... ජය වේවා..
ReplyDeleteපිළිගන්නවා මෙහෙට සාදරෙන්.. බොහොම ස්තූතියි..
Deleteමලයා ඔයාගේ බ්ලොග් එකනම් මාර වටිනවා. හරිම සුන්දරයි.ඔයා ලස්සනට ලෝකය දකිනවා. මමත් ලෝකයේ ලස්සන හොයමින් යන කෙනෙක්. මගේ බ්ලොගය පැත්තටත් ඇවිත් යන්න වෙලාවක.
ReplyDeletehttp://samakayawate.blogspot.com/
හ්ම් හ්ම් .. බොහොම ස්තූතියි අගය කරාට මෙච්චර.. එන්නං ඒ පැත්තටත්.. දිග බ්ලොග් ගමනකට සුබ පතනවා. :)
Deleteලස්සනයි කවිය...
ReplyDeleteවාදක භාර්යාවක් නෙමෙයි හොඳ කෙල්ලෙක් ලැබෙයි මල්ලිට.....