2012/02/29

එන්න මගෙ මළගමට!




අලුත් වන කඳුලු වැල්
පිසලන්න මට එන්න
ඉඩක් නැති මුත් ලොවෙන්
එපා මට සමු දෙන්න
මදි වුණොත් මගෙ මතක
අතීතෙන් අරගන්න
ඔබෙ මතක හැමදාම
මගෙ ලඟයි දැනගන්න

හුදෙකලා මොහොතකදි
ඔබේ මුව සිපගන්න
මමත් ආසයි ඔබේ
ලඟින් හැමදා ඉන්න
මැයයි මගෙ ආදරී
මිතුරන්ට පවසන්න
කෙදින හෝ ඔබෙ
ලඟට එනතුරා ඉවසන්න

ගුවන'රා පෑයු සඳ
වන් සිනා දැකගන්න
තරු දෑස මට පුදන
සමාධිය විඳගන්න
කැමති නම් ඔබත් හෙට
මගෙ මිනිය දැකගන්න
හද සොහොන හැර දමා
දැන්ම ඉන් පිටවෙන්න!

පින්තූරය ගත්තේ: මෙතනින්

14 comments:

  1. අවකැපෙන කථා කියන්න එපා.....

    ReplyDelete
    Replies
    1. සත පහකට ගණං ගන්න එපා අයියේ! ඔය කිව්වට මං මළාට මැරෙන්නෑ. :ඩී

      Delete
  2. ලස්සනට ලියලා තියෙනවා ඒත් මේකේ නිමිත්ත මොකක්ද කියන්න පුළුවන්ද?? උඹට හොඳ හැකියාවක් තියෙනවා කවි නිසඳැස් වලට ඔය ගිටාරෙක පින්තූරයක් තියෙන්නේ උඹ ඒකත් ගහනවද

    ReplyDelete
    Replies
    1. ඕකට තියන එක ම නිමිත්ත ඉතිං බ්ලොග් එකේ ලියන්න මුකුත් හිතා ගන්න බැරි වීම තමා. ගිටාර් එක නං මගෙ තමයි. තාම පුහුණු අවධියේ. දැං අවුරුද්දකට කිට්ටුයි. අර මොකද්ද හැකියාවක් ගැන කිව්ව එකටනං කියන්න තියෙන්නේ "අනේ මට ලැද්දයි බං" :D

      Delete
  3. හත් දොහේ දානෙ කවද්ද ?

    මළගමට එන්න විදියක් නෑ, දානෙට කොහොම හරි එන්නං

    ReplyDelete
    Replies
    1. සොරි තමා ඔබා මාමේ! හත් දවසෙ දානෙනං පහු වුණා. තුන් මාසෙ එකට එන්ට. මං කලිං කියන්නං!

      Delete
    2. හත් දවසට තුන්මාසෙට මොකටද දාන ...?

      Delete
    3. ඇයි දෙයියනේ! බට්ටි අක්ක කයිය කියෙව්වෙ නැතෙයි? ඒ යකා මැරෙන්න යනව!

      Delete
  4. සුපිරියි බට්ට මල්ලි.. තාලයක් අල්ලගෙන කියන්නත් පුළුහන් වගේ.. මට තාම එහෙම ලියන්න බෑ.. මම එන්නම් අවුරුද්දේ එකට.. ඊට කලින් ඇවිත් මතක් කොරල යන්ට..තව කල් තියෙනවනේ... :))

    ReplyDelete
    Replies
    1. හනේ මට ලැද්දයි බොල! තැංකූ කිව්වා එහෙනං. උත්සාහ කරල බලන්න ඔයාටත් ලියන්න පුලුවං. මමත් මීට අවුරුදු දෙකකට කලිං දවසක් වෙනකං කවි ලියන්න දැනං හිටියෙ නෑ.

      Delete
  5. මං සොහොනෙ ඉටි පන්දමක් ගහන්නං , ලස්සනයි

    ReplyDelete
  6. ඒක මරු වැඩේ! ලස්සනයි කිව්වෙ සොහොනෙ ගහපු ඉටිපන්දමද? නැත්තං කයියද?

    ReplyDelete
  7. හිතට දැනුන මේ කවි ටික.හුඟාක් ලස්සනයි..

    අදයි මේ පැත්තෙ ගොඩවෙලා තියෙන්නෙ...පරණ ලිපිත් කියවල එන්නම්...

    ReplyDelete
    Replies
    1. බොහොම තැංකූ, මේ පැත්තෙ ගොඩ වුනාටත් අගය කිරීමටත්!

      Delete

ඔබේ ප්‍රතිචාරය පුස්කොලපොතේ අලුත් පිටුවක උපතයි!

Related Posts Plugin for WordPress, Blogger...