උන් දෙන්න බොහොම පුංචිවට විහිලුවකින් පටං ගත්ත රණ්ඩුව ටිකක් දුර දිග යන ගතියක් පෙනුණා. මුලින් හිනාවෙන් කියවුණු වචන දැන් ටිකක් අමුතු ස්වරේකින් පිටවෙන්න අරං. අපේ පන්ති හතරම තිබුණෙ එක හෝල් එකේ නිසාත් ඒවා මනඃකල්පිත මායිම් වලින් විතරක් වෙන්වුණු නිසාත් අපිට ඕනෙ වෙලාවක එහා කෙරෝලෙම පන්තියෙ ඉන්න ගෑල්ළමයෙක්ගෙ වුණත් මූණ බලන්න පුලුවන් වෙලා තිබුණා.. ඒ නිසා ඕන ම කෙනෙක් සද්දෙට වචනයක් කිව්වොත් ඒක අහන්න දුර පන්තියෙ එකෙක්ට ආයාසයක් ගන්න ඕනෙ වුණේ නෑ.. මේ කට හොඳ නැති එවුන් කෑගහන අස්සෙ වාසනාවකටද මන්දා ඒක අහන්න ගුරුවරයෙක්ට කියලා හිටියෙ එහා පන්තියෙ සිංහල උගන්නන මිස් විතරමයි.. ඒ මිස් කට ඇරගෙන මේ විලි ලැජ්ජා නැතුව එකසිය ගානක් ළමයි අතර අසැබි වචනෙන් කෑ ගහන මී හරක් දෙන්න දිහා බලං හිටියා. මේ වෙලාවෙ රතු ඉර බලෙන්ම වගේ පන්නගත්ත එක චන්ඩියෙක් තමන්ගෙ ප්‍රතිවාදියට කම්මුල් පාරක් ප්රදානය කරා.. ගෑල්ළමයි සිය ගානක් මැද නිවට වෙන්න අකමැති වුණු අනිත් එකා පුරුදු වචන පේලියත් එක්ක ම පළවෙනි ප්රහාරකයගෙ ඇඟට කඩාගෙන පනිද්දි ඒ වෙනකොට පන්ති නායකය වෙච්ච මට බලාගෙන ඉන්න බැරි වුණා..
"ඒයි ඕක නවත්තපන් රංගයා" මම එකෙක්ව පැත්තකට අදිද්දි අනිත් එකාව අල්ලගෙන කට්ටියම මට සහය දුන්නා.
"උඹලට පේන්නැද්ද යකෝ එහා පන්තියෙ මිස් කෙනෙක් ඉන්නවා..නවත්තපං ඔය කුණුහරප කිවිල්ල"
රණ්ඩුව නවත්තන එක එච්චර අමාරුවක් නැතුව කරගත්තත් පීරියඩ් එක ඉවර වෙලා මොහොතකින් අංශ බාරව හිටපු සර් පංතියට ආවා.
"කෝ මොකාද ගහගත්තේ? මේ පන්තියෙ නේද?" මට නැගිටින්න උණා..
" ඔව් සර්...! දැන් ඒක ඉවරයි සර්!"
"කවුද ගහගත්තේ?"
"අව්ලක් නෑ සර්.... ඒක බේරගත්තා දැන් මුකුත් ප්‍රශ්නයක් නෑ" කොහොම උණත් මට පාවල දෙන්න හිත දුන්නෙ නැති නිසාම මං කිව්වා.
"මං දන්නෑ.. අන්න අර මිස් ගිහිං ප්රින්සිපල්ටත් කියලා..දැන් උඹලම බේරගනිල්ලා" සර් ගිහින් මොහොතකින් පොඩි කොල්ලෙක් පන්තියට ආවා..
"මේ පන්තියෙ පන්ති නායකට අන්න ප්‍රින්සිපල් එන්න කිව්වා"
"මං කිව්ව උඹලට.. දැන් හරිනෙ ආතල් එක? මට තමා දැන් කෙලවෙන්නෙ.." මම කේන්තියෙන්ම රංගයට කියලා අධිකරණයට ගියා.. ප්‍රින්සිපල් වේවැල අතේ තියාගෙන අංශ බාර සර් එක්ක කතාව...
"ආ! මේ එන්නෙ ලොකු බුවා" අංශ බාර සර් එහෙම කියනකොට මට තේරුණා මොකද්දෝ අවුලක් තියන විත්තිය..
"කෝ? තමුසෙල මොකද මේ පන්තිය මැද්දෙ කුණුහරප කිය කිය ගහගන්නෙ? අල්ලපං අත! අර අහින්සක ගෑල්ළමයින්ට ඉස්කෝලෙ එන එක එපා කරන්නද තමුසෙල හදන්නෙ?"
ඒ අන්තිම වාක්‍යයට "අනේ මොකටද මගේ කට" කියන්න හිතුණත් ඒක නොකිය නිදහසට කරුණු කියන්න හදනකොට අහක ගිහිපු මිස් කෙනෙක් ප්‍රින්සිපල්ට මොකද්දෝ කිව්වා.. සර් ඒ පැත්තට හැරිච්ච අවසරෙන් මං අ.බා. සර්ට කාරණාව පැහැදිලි කරා..
"සර් මං දැක්ක විතරයි සර්! ගහගත්තෙ නෑ!" ප්‍රින්සිපල් කතාව නවත්තල මේ පැත්ත හැරුණේ එවෙලෙ.
"ආ! සර් මූ ගහගෙන නෑ.. මූ ඇහින් දුටු සාක්ෂි කාරයෙක් විතරයි!"
"ආ! මෙයා ගහගෙන නැද්ද? එහෙනං කවුද ගහගත්තෙ? ගිහින් එන්න කියනව පන්තියෙ සේරම පිරිමි ළමයින්ට.." මං ගිහින් කට්ටිය එක්කං ආවට පස්සෙ පුංචි දේශනයක් තිබුණා.. උ/පෙ කොල්ලො ගහල හදන්න බැරි බව දැනං හිටිය අපේ කලිං හිටිය ඒ ප්‍රින්සිපල් තුමා මං ජීවිතේ විඳපු හොඳම හා රසවත්ම දඬුවම අපිට දුන්නා...
"දැන් තමුසෙල සේරම මෙතන ඉඳන් අතෙන්ටයි, එතන ඉඳන් මෙතෙන්ටයි වට 20 ක් දුවන්න ඕනෙ.. ඉක්මනට ඉක්මනට!" සෙක්ශන් එක ඉස්සරහ දුවන එක ලැජ්ජයි තමා.. ඒත් බලන්න ඒ දඬුවමේ හැංගුණු බුද්ධිමත් කම.. වට පහළවක් විතර දිව්වම අනුකම්පා කරපු සර් ඊළඟට කට්ටිය නවත්තලා මෙහෙම කිව්වා.
"හා! දැන් ෆ්‍රොග් ජම්ප් එක දාන්න" කිව්වට කවුරුත් දන්නෑ ඒ මොකද්ද කියලා.. ඉතින් සර් අත් දෙක ඔලුව පිටිපස්සෙන් තියාගෙන දනහිස් දෙකෙන් නැවිලා දෙතුන් පාරක් පැනලම පෙන්නුවා. ෆ්‍රොග් ජම්ප් එක පැනල ඉවර වෙනකොට එකෙක්ට හොඳටම අසනීප උණ එකත් සර් හොඳටම කලබල වෙලා සර්ගෙ සල්ලිවලින්ම බෙහෙත් අරන් දීල ගෙදරටම ඌව ගිහින් දාපු එකත් මෙතන නොලිය ඉන්න එක හොඳ නෑ.. කොහොම උණත් බලන්න පොඩ්ඩක් මුලුන්ම කියපු ගුරුවරියගෙත්, අ.බා. සර්ගෙත්, අපේ කලින් හිටපු ඒ ප්‍රින්සිපල්ගෙත් චරිත තුන කොයි තරං එකිනෙකට වෙනස්ද කියලා. කවුද වැඩිය හොඳ කියන එකේ තීරණය ඔබට බාරයි...
ප.ලි.:
අද පොඩ්ඩක් වෙනස් විදියක් ට්‍රයි කරපු නිසා කියවන්න කම්මැලි වගේ හිතුණනං සමාවෙන්ඩ ඕනෙ..! පහළ අදහස් අවංක වෙයි කියලයි බලාපොරොත්තුව..
පින්තූරය ගත්තේ: මෙතනින්
මදි මදි දඬුවම හොඳටම මදි..
ReplyDeleteඑතන හිටියනං සෙන්නයිය ඔහොම කියන්නෑ... කෙල්ලො ඉස්සරහ උන් බලන් ඉද්දි ගෙම්බො පයින එක විලි ලැජ්ජයි බොල.. :)
ReplyDeleteගහල මට්ටු කරනවට වඩා ඕහොම දඬුවම් හොදයි.. ලැජ්ජාවටම ආයේ කරන්නේ නෑ..
ReplyDeleteආයිත් මොකට කියන්නද දිනේශ් අයියේ.. උන් දෙන්න නෙමේ අපහු ඉස්කෝලෙ ඇතුලෙ නං ගහගත්තේ..!
Deleteතුන් දෙනාම බොලාට හොඳ වැඩියි
ReplyDeleteඅනේ අහිංසක අපිට එහෙම කියන්න එපා ඔබා මාමා...
Delete//! අර අහින්සක ගෑල්ළමයින්ට ඉස්කෝලෙ එන එක එපා කරන්නද තමුසෙල හදන්නෙ?"//
ReplyDeleteඉතිං බලන්න කිරි අයියා ඒ වගේ කතාවක් කිව්වාම කොච්චර අමාරුද කියලා ඉවසං ඉන්න... :D
Deleteමේකත් දඬුවමක්ද?
ReplyDeleteකෝ ඉතින් අරුන් දෙන්නට ඊට පස්සෙ මොකද වුනේ කියලා ලියලා නෑනෙ.
ලියලා තියෙන ශෛලිය අවුලක් නෑ මල්ලී. කියවන්න කම්මැලි හිතුනෙ නම් නෑ පොඩ්ඩක්වත්.
ඔය ඡේදෙ මුල ඔච්චර මැදට නොගන්නවානම් හොඳයි. අනික ඡේද ටික justify කරානම් පෙනුමත් ලස්සනයි...
උන් දෙන්නට ඊට වඩා දෙයක් උන්නෑනෙ අයියේ..! උන් කරපුවට අපිටත් වන්දි ගෙවන්න උනාට කට්ටියගෙන් පොඩ්ඩක් බැණුම් ඇහුවා විතරයි...
Delete…චේදෙ මැදට අරන් වැඩි වගේ නං තමා ඇත්තට... ඒක මං හදාගන්නං ඊළඟ එකේ ඉඳන්.. තැංකිවු ඈ..!
ප්‍රින්සිපල් ඉස්සෙල්ලම ෆ්‍රොග් ජම්ප් කරපු එක තමයි නියම.
ReplyDeleteමමත් වැඩිය කැමති ඒ වැඩේට තමා.... මෙහේට සාදරෙන් පිළිගනිමි..
Deleteප්‍රින්සිපල් ගේ දඬුවම ටිකක් මදි වගේ...... ඇයි යකෝ මේ බට්ටා ඇරෙන්න එකෙක් හිටියෙම නැද්ද නායකයා කරන්න ... :ප (විහිලුවටයි කිව්වේ)
ReplyDeleteටිකක් මදි වගේ පෙනුනට ඒක සාර්ථකයි වගේ... ප්‍රින්සිපල් කගෙන්වත් බැනුම් ඇහුවෙත් නෑ... උන් ආපහු ගහගත්තෙත් නෑ.. මාව මුලින් නායකය කරාට සර් ට පස්සෙ වැරැද්ද තේරිච්ච නිසා දැන් ඉන්නෙ වෙන එකෙක්.. :P
Deleteප්‍රින්සිපල්ම ෆ්‍රොග් ජම්ප් එක කරලා පෙන්නපු එක නම් ශෝක් වැඩේ
ReplyDeleteප්‍රින්සිපල් හිටපු හමුදාකාරයෙක්... ගැමි අයියගෙන් ඇහුවොත් කියයි දැක්කත් බය හිතෙන පුදුම පෞරුෂය ගැන...
Deleteකියලා වැඩක් නෑ බට්ටෝ ඒ ප්‍රින්සිපල් ඉස්කෝලෙට ආපු මුල්ම දවසේ මම පරක්කු පෝලිමත් ගියාට පස්සේ ඉස්කෝලෙට ඇවිල්ලා මාට්ටු වුනා එදා කඩ්ඩෙන් බැන්නේ මාව උස්සලා පොලේ ගැහුවා වගේ ඊට පස්සේ එයා කඩ්ඩෙන්ම එයාව අඳුන්වලා දීලා යැව්වා....කොටියා කන එක සැපයි එයාගේ සිංග්ලිෂ් බැනුම් අහනවට වඩා...මුළු ඉස්කෝලෙම දැනගන්නවා අම්මෝ....
Deleteමොනවා උනත් හරිම හොඳ මනුස්සයා ක්ෂනිකව මල පැන්නට...හිටපු ගමන් ඔහොම ඇක්ටිං පාරවල් දෙනවා තමා කාලයක් ඉස්කෝලේ උදේට උදේට ජොගිං කලා මතකයි
අම්මෝ මට නං කඩ්ඩෙන් බැනල නෑ හොඳ වෙලාවට.. නැත්තං පොළව පලාගෙන යන්න තමා වෙන්නෙ මට... ඇත්තටම හරි හොඳ මනුස්සයෙක් තමා. මට මතකයි එක දවසක් ඔඩියෙ මොකද්ද එකකදි නියමෙට සින්දුවකුත් කිව්වා..
Deleteහාපෝ,, අපේ දවස වල නම් ඔහොම වැරැද්දකට දෙතිස් සදුවමම දෙනව. උබල වාසනාවන්තයි
ReplyDeleteඒ සිද්ධියෙදි ඔහොම බේරුණාට අනික්වට එච්චර ලේසි වෙන්නෙ නෑ... දාගන්නවනං හොඳ ලෙඩ තමා ඕවා....
Deleteඅම්මෝ බට්ටා මලේ මමත් ඔය ජම්පින් එක පැනල හරියටම සතියක් කකුල් කඩිත්තුව හැදිලා උන්නා. ඉඳගන්න බෑ. පඩියක් නගින්න බෑ. අඩුම ගානේ බස් එකටවත්.
ReplyDeleteඅපිත් ඕක පැන්නේ හිස් පීරියඩ් එකක ඩෙගා නටල. පිස්සු හැදෙනවා මතක් වෙද්දී
ඕක ඉතින් පැනලම තමා බලන්න ඕනෙ ආතල් එක කොහොමද කියලා... හෆ්ෆා සනීපයි..!
Deleteෆ්‍රෝග් ජම්ප්1 මොකක්ද බං :p
ReplyDeleteඋබල ක්‍රෝකඩයිල් ජම්ප් 1 පැනල නෑනේ!
අඩ්ඩේ! ඒ සැරේ දැන් කිඹුල්ලුත් පැන පැනද යන්නේ... :D
Deleteඅනේ මේ ටීචට නම් වැඩි කරදරයක් තිබුනේ නැහැ කොල්ලන්ගෙන්. ගහගන්න කොල්ලන්ව කොරිඩෝවට යවල දන ගස්සල තිබ්බම එතනින් යන යන සර්ලා ඔක්කොම එක එක දඬුවම් දීගන යනවා. ආයි ජීවිතේට මගේ පීරියඩ් එකේදී ගහගන්නේ නැහැ.
ReplyDeleteබට්ට යාලුවන්ව පාවා දුන්නේ නැති එක හොඳ වැඩක්.
ආහා! මේ චීච කෙනෙක්ද දෙයියනේ එතකොට? සැරයි වගේ මට පේන්නෙ.. :p බොහොම ස්තූතියි අර ඇගයීමට.. :)
Deleteඔහොම දඬුවම් දුන්නාම ආයේ වැරද්දක් කරන්නේ නෑ...0.
ReplyDeleteමට මතකයි මලේ දහම් පාසලේදි මම පිටිපස්සෙම පේලියට වෙලා ක්ලිප් ගගහ පාඩම අහන්නැතිව හිටියා...එතකොට අල්ලපු පන්තියේ උගන්නපු සර් ඇවිල්ලා මට කිව්වා
"කොල්ලෝ මම හිතනවා උඹ ආයේ ඔහොම සද්ද කරන එකක් නෑ නිහඬව පාඩම අහගෙන ඉඳියි ඒ නිසා මම උඹට ගහන්නේ නෑ" කියලා
ඒක කනකට ගත්තේ නැතිව ආයේ ඒ දේම කර කර ඉද්දි ඒ සර්ම ආයේ ඇවිල්ලා මට තට්ටු කරලා කිව්වා
"උඹ මගේ විස්වාසේ කඩකලා" කියලා ඒක මට විතරක් නෙමෙයි මුළු පේලියටම දැනුනා..
ගහලා බැන්නට හැදෙන්නේ නැති එවුන් එක හොඳ වචනයකින් හදන්න පුළුවන්....
අපේ ප්‍රින්සිපල් නම් පාවිච්චි කලේ ලැජ්ජා කරලා වැරදි නවත්තවන එක....
දවසක් හොරෙන් කැන්ටිමට ගිහින් පන්තියට යද්දි දැන් ස්විමිං පූල් එක තියෙන ඉස්සර බෑවුමක් තිබුනු පාර දිගේ ප්‍රින්සිපල් එනවා වේවැලත් අරන්...දැක්ක ගමන් මම හැරිලා දුවනකොටම ප්‍රින්සිපලුත් පන්නන්න ගත්තා...එතන තිබුනු කොටයක් උඩින් පනින්න ගිහින් ප්‍රින්සිපල් පෙරේතයා පොලේ ගැහුවා වගේ බිම පතබෑවුනා...දුවන එක පැත්තකින් තියලා මම එයාව ගිහින් නැගිට්ටුවාම කොහෙද තෝ දිව්වේ කියලා පාරකුත් නෙලලා තමයි තෑන්ක්ස් කිව්වේ
ඇත්තට ම දඬුවමක් දෙද්දි කලබල නොවී බුද්ධිමත් වෙන එක තමා හොඳම වැඩේ. ඔය කියපු සර් නං ඒක අපූරුවට කරල තියනවා. අර අන්තිමට කියපු සීන් එක නං පට්ටම පට්ටයි.. මැරෙන්න හිනා ඒකට.. ඇත්තටම නියම චරිතයක් ඒකනං.. බොලාටත් හොඳ වැඩේ හොරෙං කැන්ටිමට ගියාට කාටත් නොකියා... :D
Deleteඒ ලෙවල් ළමයිට මෙහෙම දඬුවමක් දීලා මදි මම හිතන්නේ...මන් හිතුවේ 6 7 දි වෙච්ච වැඩක් කියලා...හි හි
ReplyDeleteබැලූ බැල්මට ටිකක් මදි වගේ තමා.. ඒත් කරල බැලුවොත් නං වැඩි වගේ හිතෙයි.. :D මොකෝ A/L කාලෙ පුංචි කාලෙට වඩා ආත්ම ගරුත්වය ගැන හිතන නිසා
Deleteපීටී සර්ට අහු උනොත් දෙන්නෙම ඩිප්ස් ගහන්න....පොර 10 විතර ගහලා පෙන්නනවා මෙහෙම ගහපල්ලා කියලා....පපුවේ වැලි තියෙන්න බෑ....
ReplyDeleteඒකට අපේ පී.ටී. සර්.. ලේසියට කේන්ති යන්නේ නෑ.. හැබැයි එක පාරක් මොහොකටද මල පැනල කට්ටියගෙ ඔලු වලට ගැහුවෙ කොසු මිටෙං.. :)
Deleteතුන් දෙනාම හොඳයි.. ළමයි ටිකට වඩා..:P
ReplyDeleteමමත් පන්ති නායිකාව වෙලා ඉද්දි ළමයින්ට වඩා මම කෑ ගැහුව කියල හොඳටම ප්‍රින්සිපල්ගෙන් බැනුම් ඇහුවා..කණත් මිරිකුවා..ඒත් අවුලක් නෑ ගෑනු ළමයි විතරනෙ..:D
ළමයි එක්ක සාපේක්ෂව බලන්ට එපා අක්කා.. එතකොට කොහොමත් තුන්දෙනාම හොඳ තමා.. :) අන්න බලන්න මම ඉතිං අක්කට වඩා කොච්චර හොඳද කියලා... අපරාදෙ කොල්ලොත් ඉන්න තිබ්බෙ.. :P
Deleteඒ කතාවනම් මාර රහයි බට්ටෝ.මටත් මතක් උනා අතීතයෙන් එක දවසක්.ලඟදිම අපි ඒක බෙදා හදා ගමු
ReplyDeleteබොහොම ස්තූතියි මචං.. මගේ කතාව මොකද්ද? බලන්න ගැමි අයියගෙ කොමෙන්ට් එක.. උඹට මතක් වෙච්ච එකත් ලියපංකො අපිටත් විඳින්න එහෙනං. :)
Deleteහික්ස්....හියෝ...ඔයාටත් වෙන ඩේවල්.....:)
ReplyDeleteඅපි ඉතිං ඉන්නේ අනුංගෙ කටු කන්න ම තමා. මේ උ/පෙ ත් එහෙම එකක්නේ..
Deleteඔය කාපු කට්ට මදෑ බං.....
ReplyDeleteහිහ් හිහ්... ඒක ඇත්ත බං... කටු ඇනෙන්න ගන්නෙ පහුවදා උදේට තමා ඉතිං.. :)
Deleteමදැයි අප්පේ ඔයින් ගිහින් තියෙනවා.පන්තියේ හැමෝටම අන්තිමට දඬුවම් ලැබිල.පොඩි දවස් වල ඔහොම වුනානම් පාවල දෙන්න පිරිසකුත් පන්තියේ කොහේහරි කොනක ඉන්නවා..
ReplyDeleteහැමෝටම දඬුවම් ලැබුණ එක නේන්නං අයියේ අවුල...... පාවල දෙන එවුං ගොඩාක් නැති උණත් එහෙං මෙහෙං ටිකක් ඉන්න්ව තමා...
Deleteතව ටිකෙන් පන්ති නායකයා නිරපරාදේ ගුටි කනවා නේද :D
ReplyDeleteමේ අර අයිය නේද? ආ... නෑ නෑ අක්කා... :) ඒකනේ තව පොඩ්ඩෙං මුකුත් නොකර තනියෙං ගුටි කාලා නෝන්ඩි වෙනවා....
Deleteතව ටිකෙන් කොහෙවත් හිටපු අහිංසක උඹව තනියෙන් ගුටි කනවා ප්‍රින්සිපල්ලා ඔහොමමයි කිසි හොයන්නේ බලන්නේ නැහැ ගහනවා.මම ගුටි කෑවේ වැරදි කරලම නෙවෙයි.
ReplyDeleteහොයන්නෙ නැතුව ගහනව නේන්නං... මමත් වැරැද්දක් නැතුව කොච්චර නිකං ගුටි කාල තියනවද..
Deleteඅනේ අපේ ඉස්කෝලෙ ඉන්නවා වාගෙ කිසිම දැගලිල්ලක් නැති සාන්තදාන්ත සහෝදරයො ටිකක්.ඒ වුණාට මම නම් කියන්නෙ දුන්න දඩුවම බොහොම මදි.මොට්ටසෝරි පනිෂ්මන්ට් එකක්නෙ.
ReplyDeleteහ්ම්ම්... එතකොට මේ හැමෝම කියන්නෙ දෙතුං පාරක් වේවැල වැනුව නං හරි කියලද?
Delete…මේ කට්ටියට ඔය දඬුවම දීල බලන්න තිබ්බනං වටිනවා ඇත්තටම.... :P
…නිකං දඬුවම් විඳපු අපිට දීපු දඬුවම මදි කියන හැටි අම්මප... බොහොම ස්තූතියි සහෝදරියේ කොමෙන්ටුවට...
අම්මෝ... අපේ හිටපු ප්‍රින්සිපල් නම් උපේ කරන උන්ටත් හොඳට නෙලුව... මනුස්සයව දකිනකොට අපේ චන්ඩි තැම්පත් වෙලා ඉවරයි... :)
ReplyDeleteඅපෙත් එහෙම තමා අයියා... මේකෙදි මොකෝ මන්දා ඔහොම කරේ.. සමහර විට තාවකාලික තැන්පත් වීමකට වඩා කාලයක් පවතින තැන්පත් වීමක් ගැන හිතුවද දන්නෙ නෑ..
Deleteඅහිංසක ගෑල්ලමයි ... 0.00000000000000000000000000000000000000000001% විතර ඇති මේ ලෝකෙම නේද ......
ReplyDelete