බොලවුනේ...! පුංචි කාලෙ සුරංගනා කතා අහල තියේද?? ආසද ආපහු අහන්න මේඩ් ඉන් ශ්‍රී ලංකා සුරංගනා කතාවක්... ඒත් වැඩ තියන අය කාලෙ නාස්ති කර ගන්න එපා ඈ..
මෙහෙමයි...
එක හැන්දෑවක හද්ද පිටිසර ගමක රැවුල දිග අසූව පැනපු සීය කෙනෙක් හාන්සි පුටුවක වාඩි වෙලා හිටියා... ඉන්නකොට අහල පහල සෙල්ලං කර කර හිටිය පුංචි එව්වො වගයක් සීය වටේට එකතු වෙලා නඩුවක් අහන්න පටාං ගත්තා..
"සීයෙ මූ කියනවා සත්තු වත්තෙ පැන්ඩල නෑලු" එකෙක් කිව්වා.. අන්න ඒක අහපු ගමන් සීයට හෙනට මල පැන්නා

"පැන්ඩ?? මතක් කරන්න එපා බොලවු ඕකව... ආව මෙතන මගුලක් කතා කරන්න.. පල කිව්වෙ"
"ඒ මොකද බං??" පොඩි එකෙක් ලඟ හිටිය එකෙක්ට කෙඳිරුවා....
"ඇයි සීයෙ?" එක පොඩි එකෙක් බයෙන් වගේ ඇහුවා...
"ඕකා අපේ පරම්පාරාවෙ හතුරෙක්"
"ඒ මූට පිස්සුද බං?? පැන්ඩ කියන්නෙ හෙන අහිංසක සතෙක්නේ" අර පොඩි එකා ආපහු ලඟ හිටිය එකාට කෙඳිරුවේ වෙන කාටවත් නෑහෙන්න..
"ඒ මොකෝ සීයෙ ඒ? පැන්ඩ මක් කරාටද? "
"ඔය එහෙං මෙහෙං ඈඳි ගං එහෙනං කියන්න කතාව...."
පොඩි උන් ටික ඉඩ තියන තැන් බලල හොඳ සැප පහසුවට වාඩි උනේ කතාව දිග උනොත් එහෙම කියලයි...
සීය කතාව පටං ගත්තා....
"දැන් ඔන්න බොලං අපේ සීය ඉන්නවනේ... දැන්නං නෑ... ඉස්සර හිටියලු.. අන්න ඒ සීයගෙ සීයට හිටිය මාම කෙනෙක්.."
"ඒ මාම සීයට කවුද වෙන්නේ? " පොඩි එකෙක් මැදට පැන්නා...
"වහපිය කිව්වෙ කට" සීයගෙ සද්දෙට ඌ කට වහගෙන පැත්තකට උනා...
"ඒ මාමගෙ මල්ලිගෙ පුතා බැඳල හිටිය කෙනාගෙ බාප්පට හිටිය එක පුතෙක් කසාද බැන්දා... ඒ පුතාගෙ යාලුවෙක් හිටියා ආරොං කියලා.. මේ ආරොංගෙ මුත්ත බැඳල හිටිය නෝනගෙ අම්ම බැඳල හිටිය එක්කෙනාගෙ දුවගෙ මාමට යාලුවෙක් හිටිය බාරොං කියලා... "

මේ කතාව අහන්න වාඩි උන පොඩි උන් දෙන්නෙක් තුන් දෙනෙක් ඔලුවෙ අත ගහත්තා... අනිත් උන් කට ලොකු කරල ඇරගෙන සීයගෙ දිහා බලාගෙන හිටියෙ කන්න වගේ...
"හොඳ වෙලාවට බං මම වාඩි වෙලා හිටියෙ" අර පොඩි එකා ආපහු ලඟ හිටිය එකාගෙ කනට කතා කරා..
සීය කතාව පටං ගත්තා...
"අන්න ඒ බාරොං ඒ දවස් වල හිටියෙ මැටි ගහල හදපු ටිකක් ලොකු ගේක...මිනිහ කසාද බැඳලා තමා හිටියෙ.. ළමයි හිටියෙ නෑ... ටිකක් වයසයි පොරට ඒ කාලෙත්.. මාත් එක්ක එකට ඉස්කෝලෙත් ගියා ඉස්සර.."
ඒක අහල පොඩි උන් පුදුම උනා.. උඹලටත් වැඩිය උන් පුදුම උනා... ඒත් සීය ඒක ගනන් ගත්තෙ නෑ.. කතාව කිව්වා..
"එක පුටුවෙ වාඩි වෙලා අපි අකුරු ලියපු හැටි මතක් වෙනකොට මේ දැනුත්... මේ දැක්කද... මේ.. කඳුලු එනවා...." සීය කඳුලු වලින් තෙමිච්ච ඇස් දෙක පෙන්නුවා.. ඒ වෙලාවෙ පොඩි උන් දෙතුන් දෙනෙකුගෙත් ඇස් වල කඳුලු පිරිල තිබුනා... සීය කතා කරා..
"ඔන්න ඉතිං මේ බාරොං ගම මහගේත් එක්ක හේනක් කොටාගෙන ඉන්නකොට මැයි මාසෙ ආවා... ඒ කියන්නෙ මේ වගේ වෙසක් මාසෙ.. ආවාම දැන් නිකන් ඉන්නත් බෑනෙ.. කූඩුවක් දෙකක් හදන්න එපෑ.. ඉතිං බාරොං ගම මහගෙට කතා කරා"

"මේ යෝදියෙ... අර කම්මලේ ගලේ ගාල හදපු කැත්ත ගං මෙහෙට්ට... මට දහාටපට්ටමක් හදන්න පල්ලෙහැයින් බට ගහක් කපාන එන්ට"කියල කිව්වලු...
ඒත් දැන්... ගම මහගේ සද්දයක් නෑලු...ඉතිං බාරොං කිව්වලු...ඉස්සෙල්ලට වඩා හයියෙන්..
"ඕයි ගෑනියෙ...!! අර කම්මලේ ගලේ ගාල මුහාත් කරාපු ලොකු කැත්ත ඇන්න වර මෙහෙට්ට!"
අන්න ඒ සැරේ ගම මහගේ කැත්තත් දෑතින් අරගෙන ආවලු බාරොං දිහාවට... බාරොං ඉතිං සිංහය වගේ ඉස්සරහට ගිහිං මීය වගේ කැත්ත අතට ගත්තලු.. කියන්න බෑනේ... මේ ගෑනි පරන තරහක් අල්ලල කැත්තෙන් පත බෑවොත් එහෙම.. ???" සීය කියනකොට වහගන්න බැරි හීනි හිනාවක් ගියා පොඩි උන් ටිකට... සීය කතාව කියනවා තාමත්..
"දැන් බාරොං උන්නැහේ කැත්තත් අරගෙන වත්තට යනකොට පෙත්තෙක් ඉඳගෙන කජු කනවලු... ඉතිං පෙත්ත කජු කෑවට කමක් නෑ කියල බාරොං ගියාලු වත්ත පහල බට ගහ ලඟට... යනකොට....අඩේ අන්න බට ගස් පඳුරම නෑලු.. තිබ්බ තැනක් වත් නෑලු හොයාගන්න... දැන් බාරොං උඩ බිම බලනවලු මොන මගුලක්ද මේ කියලා.. අන්න එහෙම බලනකොට අර උස බිලිං ගහ මුදුනෙ කවුද දන්නවද හිටියෙ??" සීය හයක් හතරක් නොදන්න පුංචි එව්වොන්ගෙන් ඇහුවා..
"ඔව්" එකෙක් කිව්වා...
"පැන්ඩා" පිටිපස්සෙ වාඩි වෙලා හිටිය එකෙකුත් කෑ ගැහුවා..
"බම්බුව... ගහ උඩ ඉන්නවලු තඩි බූරුවෙක්..." සීය කියනවා..
"ගහ උඩ බූරුවෙක්??" එක පොඩි එකෙක්ට කියවුනා...
"අන්න එතකොට බාරොං කැත්ත උරුක් කරල බූරු තඩියගෙන් ඇහුවලු..
"කවුද යකෝ මගේ බට පඳුර කෑව වල් බූරුව?" කියල.. ඉතිං බූරුව වෙව්ල වෙව්ල කිව්වලු... "අනේ මගෙ හාංදුරුවනේ.... මම තමයි කෑවෙ" කියල..."
"තෝ මොකද ගොං බූරුවො බට කෑවෙ... ?? බූරුවො බට කන්නෙ නෑනෙ" කියල බාරොං කිව්වලු...
"අනේ හාංදුන්නේ... මම ඉස්සර කෑවෙ බත් විතරයි... මට දවසක් දෙහිවල සත්තු වත්ත බලන්න ගිය වෙලේ යාලුවෙක් හම්බුනා... ඌ පැන්ඩෙක්... ඕක තමයි මට බට කන්න පුරුදු කරේ..." කියල අන්න බූරු තඩිය කිව්වලු... "
"ඉතිං දැන් කවුද වැරදි?? අර පැන්ඩනේ වැරදි... ඕක තමයි සේරම කරල තියෙන්නෙ..."
"අන්න එදා ඉඳං මම අර කිව්ව නෑදෑ කම් වල පිළිවෙලට පැන්ඩ අපේ පාරම්පරික හතුරෙක් උනාලු.. කියල තමයි ඉතිහාස පොතේ රන් අකුරින් ලියවිලා තියෙන්නෙ.." ඔන්න සීයට කතාව කියවල ඉවර වෙනකොට නින්දත් ගිහිල්ලලු....

ප.ලි.
දැන් මට බනින්න එපා අඩාලා... මම කලිම්ම කිව්වනේ වැඩ තියන උං බලන්න එපා කියලා.. :P
(මූණු පොතේදී මගේ අක්කා හා අයියා සමඟ කළ චැට් එකක් ඇසුරිණි )
දැන් මට බනින්න එපා අඩාලා... මම කලිම්ම කිව්වනේ වැඩ තියන උං බලන්න එපා කියලා.. :P
(මූණු පොතේදී මගේ අක්කා හා අයියා සමඟ කළ චැට් එකක් ඇසුරිණි )
හනේ අපොයි..පිස්සු නහේදී යන්තම් බේරුනාද..? තිබ්බ එක වැඩි උනාද මන්දා...:)
ReplyDeleteහානේ මම එක..මට ජය වේවා..හපෝ..නොදැනීම බුරුවෙක් උනාද මන්දා මේක කියවලා...;) :D (බුරුවා කියන්නේ බොහෝ රුව ඇත්තටලුනේ එහෙමවත් කියල හිත හදා ගන්නවා...)
Deleteකමක් නෑ ඉතින් තියන ප්‍රශ්න ඔක්කොම අමතක වෙලා ටිකක් හිනා වෙන්න ලැබුන එක ගැන සැහෙන්න සතුටුයි. ඇති යන්තම් බොලොග් එකක් තියනවා කියලා මතක් උන එක ගැන..අපිට නම් වැඩ නැති නිසා ඔන්න කියවලා ගියා හොදේ..නියම පොස්ට් එක මල්ලියෝ...දිගටම ලියමු...නැවතුවොත්නේ ලියන එක..:@ මෙච්චර හැකියාවක් තියාගනේ හංගගෙන ඉන්න එක ගැන සැහෙන්න දුකයි...:(
දිගටම ලියමු...ජය..!!!
ආ... මෙන්න මෙයා එක.. කට්ටියම එක්ක දෙමු බලන්න අපේ අක්කට අත්පොලසන් නාදයක්.....(clap,clap,clap)
Deleteඑක උනාට බූරු සම්මානෙ අක්කම පිරිනමාගෙන තියෙන්නේ.. :P අපි තෑගි දෙන්න ඕනෙ නෑ.. පොහ්.. මෙන්න අප්පුඩිත් ගහල තීන්නෙ ලොකු අයියා... පොහ්.. :P බොහොම ස්තූතියි අක්කේ අගේ කෙරුවට.. :)
Deleteහුරේ....හිරු අක්කට ජය වේවා!
Deleteහෆ්ෆේ මේ බට්ටගේ නෑදෑයෙක් වෙන්ට ඔනේ මගෙ හිතේ.. ඇයි හත්තිලව්වේ මූනු පොතේ අයියයි අක්කයි එක්ක චැට් කරන්න වෙන දෙයක් තිබුනෙම නැද්ද මල්ලියෝ? : P
ReplyDeleteඇයි හත්තිලව්වේ කතා කරනව කියලත් මොනා කතා කරන්නද?? අපි ඉතිං ඔය මම ලියල තියනව වගේ තේරුමක් නැති පිස්සුවක් කියෝ කියෝ ඉන්නවා ඉතිං... බොහොම ස්තූතියි අක්කේ..
Deleteබට්ටෝ... තව සුට්ටෙන් උන්න තැනත් අමතක වෙනවා මුත්තගේ නෑදෑකම් අහලා... ඒකත් මාර වයිරක්කාරකමක්නේ.... කතාව ලස්සනයි... එල...
ReplyDeleteමෙව්ව කියන්න ගිහින් මගේ උන් හිටි තැන් නැති වෙයිද දන්නෙත් නෑ.. තෙරුමක් නැති එව්ව ලියනව කියලා.. අයියා අගය කරාට බොහොම ස්තූතියි එහෙනං ඕං.. ගොඩක් කාලෙකින්ද කොහෙද ප්‍රදීප් අයිය ආවෙ මෙහෙට..
Deleteමේකා ඉදලා ඉදල ඇවිත් දාපු කතාව ඉතින්... හොදයි.. :)
ReplyDeleteහ්ම්... එච්චරම හොඳ නෑ නේ... මොනා කරන්නද...?? ලියන්න දේකුත් නෑ.. නොලිය ඉන්නත් බෑ... බොහොම ස්තූතියි අයියේ...
Deleteකවුද කිවුවේ හොද නෑ කියලා.. මම කියලා තියෙන්නේ හොදයි කියලා.. නොලියා ඉන්න එපා මලයා..
Deleteහ්ම්.. බලමුකෝ අයියේ.. ලියන්න දෙයක් හිතුණොත් නොලිය ඉන්නෙ නෑ.. අද කොහොමහරි පෝස්ට් එකක් ලියන්න ඕනෙ කියල හිතල ලිව්වොත් ලියන එක සාටර් වෙනවා.. ඒක නිසා හිතට හොඳ අදහසක් ආවොත් විතරක් ලියනවා..
Deleteමලේ ඉතින් ඔය පැන්ඩා උඹට බට ගස් පිටින්ම කන හැටි කියලා දුන්නද ඈ...
ReplyDeleteඑච්චර විතරක් නෙමේ අයියෙ.... බිලිං ගස් වල කරටියට නගින හැටිත් කියලා දුන්නා.. හිහ් හිහ්... :D බොහොම ස්තූතියි සෙන්න අයියේ...
Deleteහයියෝ බට්ටා...සීයාට විතරද නින්ද ගියේ... එතකොට කතාව ඇහුවට පස්සෙ, අර පොඩි එවුන්ගෙ තත්වය ....???? අනේ මන්දා!
ReplyDeleteමට පේන්නෙ සේරටම කලින් අක්කට නිදිමත හැදිල වගේ... :D පොඩි උනුත් මගෙ හිතේ එකාද කොහෙද ඇහැරං හිටියෙ.. ;) බොහොම ස්තූතියි ඈ...
Deleteඅඩෝ බට්ටෝ සිරාවට අපේ මී මුත්තාගේ අප්පච්චිගේ දුව බැඳලා හිටපු මනුස්සයාගේ නංගිගේ දුවත් එක්ක මම කතා අහනවා සීයාගෙන්. එත් මගේ උපන්තේකට අහල නෑ මේවගේ මේඩ් ඉන් ශ්‍රී ලංකා සුරංගනා කතාවක්.. බට්ට ආයෙම පොස්ට් දාන්න ගත්ත එකටනම් අපට ගොඩක් සන්තෝසයි. මුලින් මොන අප්පිරියාවක්ද මේ කියල හිතුනත් කතාව අගට එනකම් කියවන්නමයි හිතුනේ. තේරුනේ නැති වුනත්. මාරු ඈ....!!!
ReplyDeleteඅඩේ මේ කොමෙන්ට් එකට මම හරි කැමතී ලොකු අයියේ... හිතේ තියන දේම බය නැතුව කියල තියනවා... අගට හිතුණෙ නැද්දැ ඉතිං මොන අප්පිරියාවක්ද මේ කියල? තේරිලත් නෑනේ... මක් කරන්නද??? බොහොම ස්තූතියි ඔන්න ලොකු අයියටත්...
Delete“මේ කතාව අහන්න වාඩි උන පොඩි උන් දෙන්නෙක් තුන් දෙනෙක් ඔලුවෙ අත ගහත්තා... අනිත් උන් කට ලොකු කරල ඇරගෙන සීයගෙ දිහා බලාගෙන හිටියෙ කන්න වගේ...
ReplyDelete"හොඳ වෙලාවට බං මම වාඩි වෙලා හිටියෙ" අර පොඩි එකා ආපහු ලඟ හිටිය එකාගෙ කනට කතා කරා.. “
හිකිස්...මරු ඈ.....;)
බොහොම ස්තූතියි අග්නියෝ.. මේ කතාව කාටවත් වැඩක් වෙන එකක් නෑ කියල පොඩි සැකයක් තිබුණා.. ඒත් පොඩ්ඩක් හරි රස විඳපු කට්ටියකුත් ඉන්නව වගෙයි..
Deleteමොළේ මැල්ලුම් වෙන්න ඔන්න මෙන්න කියලා යාන්තම් කතාව ඉවර වුනා...
ReplyDeleteඉතින්...හිනා....හිනා....හිනා....:D:D:D
මේවට කියන්නෙ yarn කියලා...යාන් හෑලි
එළස්..දිගයම ලියමු...
සුමිත් අයිය මම ගරු කරන හොඳ කොමෙන්ට් කාරයෙක්.. ඒක නොකිය බෑ.. ගොඩක් අයට නැති සාමාන්‍ය දැනීමක් අයියට තියනව කියලයි මම හිතන්නෙ... කවි ගැන වගේම කතා ගැනත්... ඉතිං සුමිත් අයියගෙන් මේ වගේ ප්‍රතිචාරයක් මේ කතාවට හම්බුනාට මට ලොකු සතුටක් හයියක් ආවා.. අනිත් එක සුමිත් අයිය කියන්නෙ කියන්න ඕන හරි දේ, ඇත්තටම හිතෙන දේ මිස වෙන දෙයක් නෙමේ කියලත් මම දැකල තියනවා... බොහොම ස්තූතියි අයියේ..
Deleteදැන් එතකොට බට්ටාගේ නෑයා පැන්ඩා ද බූරුවා ද? :)
ReplyDeleteපැන්ඩ මගේ යාලුවා... එතකොට බූරුවා වෙන්නෙ මගේ නෑය නේද?? ඔව් ඔව්... :D බොහොම ස්තූතියි සයුරි අක්කේ..
Deleteඇත්තමයි මල්ලියෝ හොඳ හැකියාවක් තියෙනවා ඔයාට.මේක කියවද්දී ඕන කෙනෙකුට හිනාවෙන්න පුළුවන්.දුකින් ඉන්න කෙනෙක්ට වුනත් එ දුක අමතක කරලා හිනා වෙන්න පුළුවන්.ඒක හුඟාක් වටිනවා.ලස්සනයි මේ කතාව.හැබැයි ඔන්න කිව්වත් වගේ මේක ලියල නතර වෙනව එහෙම නෙවෙයි.දිගටම ලියන්න.ඔයාට සුභ පතනවා දිගටම ලියන්න.... :)
ReplyDeleteදිගටම ලිව්වත් ලියන්න වෙන්නේ මේ වගේ මගුලක්ම තමා අයියේ... බලමුකෝ... අනාගතේදිවත් කාට හරි වැඩක් ඇති අදහසක් එයිද කියලා... හිනා වෙන්න පුලුවන්නම් කාට හරි මම නිසා සතුටුයි ඒක ගැන ගොඩාක්,,, බොහොම ස්තූතියි පොඩි අයියේ අගය කිරීම් වලටයි දිරිමත් කිරීම් වලටයි.. :)
Deleteනියම කතාවක් බට්ට මල්ලි.
ReplyDeleteබොහොම ස්තූතියි ප්‍රසන්න අයියේ... එක බිංදුවක් හිනා ගියා නම් ඇති.. :)
Deleteහික්ස්ස්.. මරු කතාවක් මල්ලි!!!
ReplyDeleteගොඩක් ස්තූතියි හිතූ අක්කේ මේ පැත්තට ඇවිල්ල කොමෙන්ට් එකක් දැම්මට..
Deleteමාත් ඔළුව කරකුට්ටං වෙන්නැතිව බේරගත්තේ බොහෝම අමාරුවෙන්.අර නෑදෑකම තේරුං ගන්න තුන් හතර පාරක්ම කියෙව්වා බොල.නියම කතාව ඈ මට මැවිලා පේනවා උඹ රැවුලක් වවාගෙන මුණුබුරන්ට කතා කියලා දෙන හැටි හයියෝ උන්ට දෙයියංගේ පිහිටයි.බූරුවා ගැන සීන් එක ආවාම මට මැවිලා පෙනුනේ SHREK එකේ ඉන්න බූරුවා ගහ මුදුනේ ඉඳන් වෙව්ලන හැටි... පණ යන්න හිනා ඕයි.... උපරිමයි මලේ මරු හැකියාවක් ඈ
ReplyDeleteඔය නෑදෑකම ලියන්න නම් මට එච්චර අමාරු උනේ නෑ.. ඒත් ලියපුව කියවන්න ගිහින් මටත් මොකද්ද උනා බොල.. අඩේ මෙන්න මෙයැයි මවල තියන ඒව.. මේ ජීවන චක්කරේ ගෙනියන විදියට මුණුබුරන්ට කතා කියල දෙන්න බට්ටෙක් ඉතුරුවෙන එකක් නෑ.. මවල බැලුවනම් කතාව රස විඳින්න ඇති.. මරු ඈ.. ගොඩක් ස්තූතියි දිග මෙව්වෙකක් දැම්මට.. ;)
Deleteඔයාට හොඳ හැකියාවක් තියෙනව මල්ලි.ලස්සනට ලියලා තියෙනව....හොඳටම රස වින්ඳා කතාව:)))
ReplyDeleteබොහොම ස්තූතියි අක්කේ.. රස වින්ද එක ගැන සතුටුයි ගොඩක්.
Deleteපුස්කොළපොත කියවන්නට එක්වූයෙමි. දිගටම එන්නම්. ජය!
ReplyDeleteලිපි වල Font Size එක ලොකු කළොත් වඩාත් පහසුවෙන් කියවන්න පුළුවන් වේවි. :)
Deleteබොහොම ස්තූතියි දිගටම එන්න හිතුවට.. අකුරු තව ලොකු කරන්න නේද?? ම්ම්.. මම ගැලපෙනවනම් අකුරු ලොකු කරන්නම්.. කියවන්න අමාරු නම් ලියල වැඩකුත් නෑනේ..
Deleteමෙන්න බට්ටා කතාවක් ලියලා.... හරි ශෝක්.... ගොඩක් ලස්සනයි... ඔයාට හොඳට ලියන්න පුළුවන් මල්ලි, ඒක දන්නෙ ලියන ඔයා නෙමේ කියවන අපිනේ........................................
ReplyDeleteහ්ම්.. කියවන අය එහෙම හිතනවනම් මමත් එහෙම හිතාගන්නම්කෝ.. ගොඩක් ස්තූතියි අක්කේ.. :)
Deleteබට්ටි මලේ ඔන්න මමත් ආවා. පංකාදු පහයි මලේ කතාව.මේවා හරියට ඇම්ඩන්ගේ කතා සෙට්එකේ කතා වගේ නියමයි.
ReplyDeleteහෙහ් හේ.. ඇම්ඩන් වගේ?? බොහොම ස්තූතියි දයා අයියේ කියවලා, රස විඳලා වගේම අගයලත් ගියාට.. :)
Deleteහප්පේ... මාර තරහක් නේ ඒක... බට්ටා ට හොඳ නිර්මාණ හැකියාවක් තියෙන බව පේනවා... අදයි මුලින්ම ආවෙ.. දැන් දිගටම එන්නම්... සුභපැතුම්..
ReplyDeleteමගේ එක පෝස්ට් එකක් දැකල ඔහොම කියන එක නම්... අනේ මන්දා.. සමහර විට මගේ ඊ ළඟ පෝස්ට් එක අන්තිම අසාර්ථක වෙන්න පුලුවන්.. සාදරෙන් පිළිගන්නවා කොහොම උනත්.. දිගටම එන්න හිතුවට වගේම කොමෙන්ටුවකින් දිරිමත් කරල ගියාටත් බොහොම ස්තූතියි..
Deleteසියගෙයි බාරොං ගෙයි නෑ කම ගැන මම තවම හිතන්නේ.
ReplyDeleteහා හා... දෙයියනේ! ඒක හිතන්න එපා අයියේ.. ලියපු මටවත් හිතා ගන්න බැරුව ඉන්නේ.. ;) ගොඩක් ස්තූතියි අයියේ කොටලම ගියාට..
Deleteඅර පොඩි එවුන් ටික යහතින් ඉන්නවද?
ReplyDeleteනියමයි කතාව බට්ටෝ.
පොඩි උන් ගැන නම් දුකේ බෑ අක්කේ.. අහන්ඩ එපා ඕවා මගෙන්.. :)
Deleteගොඩක් ස්තූතියි අක්කේ.. මේක මම හොඳ ප්‍රතිචාර බලාපොරොත්තුවෙන් නම් නෙමේ පෝස්ට් කරේ.. ඒත් ගොඩක් අය විඳල තියන එක ගැන සතුටුයි..
වෙද ගෙදර මහ වෙදනට කියල මූට ඉසකුඩිච්චියක්වත් දාන්න වෙයි වගේ :-))
ReplyDeleteමට? ඉසකුඩිච්චි? මහ වෙදනා? අපොයි...!! මට කලින් මේ කතාව කියපු අනිත් අයටයි ඔබා මාමටයි ඉසකුඩිච්චි දාල දෙන එක මගේ වගකීමක්නේ... ඒක ඉවර උනාම බැරි මට දාගන්න.. :P බොහොම ස්තූතියි ඔබා මාමේ ඉසකුඩිච්චි දාන්න ආවට.. :D
Deleteබට්ටා මල්ලියේ කරකෝලා අතැරියා වගේ උනා මැද හරියේ...යම්තම් ඉවරවේගෙන එනකොට පියවි සිහියට ආවා....ලස්සනයි හොදේ..රසවින්දා ඔන්න මාත්....
ReplyDeleteකියවන්න කලින් උපදෙස් ගත්තනම් මම කියනවනේ මැද හරිය කියවන්න එපා කියලා... :P බොහොම ස්තූතියි අයියේ කියවල රස වින්දට වගේම අදහසටත්...
Deleteපට්ට ඈ බට්ටෝ... :-)
ReplyDeleteගොඩක් ස්තූතියි රජෝ... පිළිගන්නවා පුස්කොලපොත කියවන්න..
Deleteමට අර නෑදෑකම තේරුන්ගන්නම ටිකක් වෙලා ගියා.මොනව වුණත් කොණ්ඩෙ බැඳපු චීන්නුන්ගේ පැන්ඩෙක්ගෙන් ඔය වගේ ලණු කන්න අපේ බූරුවෝ මහ වල් බූරුවොම වෙන්න ඕන...
ReplyDeleteආයිත් අහල... හෙන වල් ගොං බූරුවො මුන්... :) මොනා උනත් ඌට ටිකක් හිතන්න තිබ්බා.. හිහ් හිහ්.. ගොඩක් ස්තූතියි අදහසට..
Deleteඒල බූරු කතාවක්නෙ.....
ReplyDeleteබූරු කතාවක්?? හිහ් හිහ්.... :D එළ නම් මොකක් උනත් කමක් නෑ.. ;)
Delete…බොහොම ස්තූතියි හයියක් උනාට..
ඔන්න බට්ටො මමත් ආව පුස්කොළ පොත කියවන්න. හෙමීට ඔක්කොම කියවන්න ඕනෙ
ReplyDeleteසුරOගනා කතා අහන්නනO ඉතින් වයස භේදයක් නෑනෙ. ඒ උනාට මට අර නෑදෑකමනO ටිකක් දිරවව්වෙ නෑ ඕO...ඔලුව නිකO මෙව්ව වෙලා ගියා.
මම දිගටම එනෝ...
ජයවේවෝ!!!
හ්ම්.. මන්දා.. මේ මනුස්සයට මොනා වුණාද කියලා.. අපරාදෙ හොඳ අනාගත බ්ලොග් කාරයෙක් අතුරුදහං වුණා.. ආපහු එයි කියල හිතනවා.. සේරම අයින් කරල ගිහින් කියල දැනගත්තෙ දවසෙ නං අවුලක් දැනුණා.. පළවෙනි පෝස්ට් එකම හොඳ ලස්සනට ලියපු කෙනෙක් නිසා.. ආවොත් කියන්න ආපහු :)
Deleteසෑ උබත් බලාගෙන යනකොට එල බුවෙක් නෙ ඈ මේ ඔබට දර්ශනය වනුයේ රෝමය ගිනි ගනිද්දී නිරෝ ගිටාර් ගහන ආකාරයයි.. මතකෙයි මාව මන් තමා
ReplyDelete- වැලි කොස් ඇට මියා
උඹව මතකයි.. මොකද නැතුව...?? බොහොම ස්තූතියි මචං කියවල කොමෙන්ටුවකුත් දැම්ම එකට.. :)
Delete