ඈත දීපෙක
ඈත කාලෙක
විසුවා නිවුන්නෙක්
නිවුන්නියක්
සාමාන්‍යයි
උන්ගෙ ජීවිත
දිනෙක මරුවා
අමුතු වෙසකින්
පැමිණ උහු අතරට
හිටියොතින් උඹ
තවත් මූ ළඟ
මරණවා මූ
මරණවාමයි
තර්ජනය කර
නිවුන්නිට
පල යන්න තෝ
ඌව අතහැර
හැපී පොළොවේ
කඩා කෙස්වලු
කඳුලු නොහෙලා
සිනාසීගෙන
නික්මුණා ඈ
දමා අතහැර
සෝවුරා තම
බේරගන්නට
උගේ ජීවය
බිය නොවනු මැන
නිවුන්නිය
ඉටු කරමි ඔබ
පොරොත්තුව මම
වැටෙමි එනමුදු
විගස නැගිටිමි
අතැර නොයනෙමි
අරමුණ
සිටියත් නැතත්
ළඟින්
ඔබ
ඈත කාලෙක
විසුවා නිවුන්නෙක්
නිවුන්නියක්
සාමාන්‍යයි
උන්ගෙ ජීවිත
දිනෙක මරුවා
අමුතු වෙසකින්
පැමිණ උහු අතරට
හිටියොතින් උඹ
තවත් මූ ළඟ
මරණවා මූ
මරණවාමයි
තර්ජනය කර
නිවුන්නිට
පල යන්න තෝ
ඌව අතහැර
හැපී පොළොවේ
කඩා කෙස්වලු
කඳුලු නොහෙලා
සිනාසීගෙන
නික්මුණා ඈ
දමා අතහැර
සෝවුරා තම
බේරගන්නට
උගේ ජීවය
බිය නොවනු මැන
නිවුන්නිය
ඉටු කරමි ඔබ
පොරොත්තුව මම
වැටෙමි එනමුදු
විගස නැගිටිමි
අතැර නොයනෙමි
අරමුණ
සිටියත් නැතත්
ළඟින්
ඔබ
අතැර නොයනෙමි
ReplyDeleteඅරමුණ
සිටියත් නැතත්
ළඟින්
ඔබ
මේ ටිකට අසයි ආසයි වගේ ^_^ මොක උනත් පටිටයි ඇ
ඔව්.. ඒකනෙ වෙන්න ඕනෙ දේ.. එළස් මචං (Y)
Deleteමට තේරුන්නෑනේ බට්ටෝ.....
ReplyDeleteමම දන්නවා.. වැරැද්ද උඹේ තේරුම් ගැනීමේ හැකියාවෙ නෙමේ තරියෝ.. :D
Deleteමේ ටියුබ් ලයිට් උනා! මේකේ හැංගිච්ච එකත් එලියට ඇඳලා දාපන්කෝ හොඳ බට්ටා වගේ...
ReplyDeleteමේකෙ හැංගිච්ච එක එළියට ඇදලා දාන්න පුලුවන් කාලෙකුත් එනවා.. එතකං තම තමන්ට දැනෙන විදියට.. :D
Deleteඉපදෙනකොට වෙච්ච ප්‍රශ්නයක් හින්දා නිවුන් සහෝදරිය ගේ උප්පත්තිය වෙනුවෙන් නිවුන් සහෝදරයට මරණය වැළඳ ගන්න සිද්ද වීම නේද බට්ටෝ. මම හිතන්නේ ඉපදෙනකොට ඔයවගේ ප්‍රශ්න වෙනවා කාගේ ජීවිතේද තීරණාත්මක කියන එක. සමහර විට දරුවාගේ (නිවුන් දෙදෙනාගෙන් එක අයකුට) නැත්තම් බිහිකරන අම්මට. මම වැරදි නම් කියාපන් ඈ
ReplyDeleteඋඹ කියන එකත් නරක නෑ වෙනවනං :D.. ඒ වුණාට කවියෙ අදහස ඔයිට වඩා ගොඩක් වෙනස්.. උඹ උපමාවෙ ඉඳගෙන ඒ ඇතුලෙන් කවිය දිහා බලපු නිසයි ඒ.. උපමාව උපමාවමයි.. ආදේශනය පිළිතුරේ දොරටුවයි :D
Deleteකතාව කියකෝ ඉතින් දැන්
Deleteකතාව කියන්න පුලුවන් වෙච්ච දවසටත් උඹට ඒක දැනගන්න ඕනෙ නං, අන්න එදාට අනිවා කියන්නං කතාව උඹට :D
Deleteහරියටම තේරුනේ නෑ...
ReplyDeleteවැරැද්ද උඹේ නෙමේ මලයා.. ගණිතය ප්‍රශ්නයක් විසඳන්න ඕන කරන කරුණු ප්‍රමානයක් තියනවනේ.. ඒ ප්‍රමානය අඩුවෙන් දුන්නාම විසඳන්න බෑ.. මහාචාර්ය කෙනෙක්ටවත්.. ;)
Deleteharima lassanai malli
ReplyDeletebe keewata me liyala thiyenne hari apooruwata
boot sapaththu dan one ne wage... jaya wewa
ඔව් ඔව්.. මට ලියවුණොත් ලියවෙන්නෙ ඉඳල හිටල ඉබේ ලියවෙන එකක් තමා.. අපිට එපා ලෙදර් :D
Deleteජය වේවෝ..!!
මේකෙ තේරුම මොකක්ද කියල යටිං දාහංකො හොඳ මල්ලි වගේ.
ReplyDeleteමොනව උනත් පදපෙළනං ලස්සනට ලියල තියෙනව.
අන්න එකනෙ අවුල.. මම හොඳ මල්ලි නෙමේ.. ඉතිං කොහොමද තේරුම දාන්නෙ ;)
Delete…මොනව වුණත් වෙන්නෙ කවියක් ලියන්න වෙන දෙයක් වුණාම දන්නෙම නැතුව ලියවෙනව :D
මේකෙන් කියන්නේ නැවත කෙදිනක හෝ එක්
ReplyDeleteවෙන "අරමුණින් " නැගිටිමි කොපමණ වැටුණත් ..
කියල...
නැහැ.. මෙතන කියන අරමුණ වෙන එකක්.. කොහොම වුණත් ඒ අදහසත් නරක නෑ.. එළස්
Deleteතේරුම කියන්න බැරි නම් නිකා හිටු :3
ReplyDeleteඔහොම කිව්වාම තේරුම කියන්න හිතෙනවනෙ ;)
Deleteනිවුන් කෙල්ලො දෙන්නෙක්ටවත් පැනි හැලුවද බං
ReplyDeleteනොතේරේ !
නෑ නෑ.. පැණි හැලිල්ලක්/ආලයක් ගැන මේකෙ එක වචනයක්වත් නෑ.. නිවුන්නු දෙන්නෙක්.. නිවුන්නෙක් නිවුන්නියක් :D
Deleteතේරුණේ නෑනේ මේක?? බොලා නිවුන්නෙක්ද??
ReplyDeleteඔය ඇහුවේ ඉඳගෙන.. මොකොද බොල එච්චර අමාරු ප්‍රශ්න අහන්නේ? :/
Deleteඅනේ තේරුන් නෑනේ..... නිවුන්නි මැරිලද මොකක් හරි ප්‍රශ්නයක් වෙලා??
ReplyDeleteඕං ඉතිං කිව්වා කතාවක්.. මම බයෙන් හිටිය කොමෙන්ටුව.. බුදු අම්මේ.. පිස්සු කියවන්න එපා :D
Deleteමට නම් තේරුණා කය්ය බට්ටෝ.ඔය නිවුන්නි ඉන්න තාක් වැරදෙන්නෑ.තමන් මැරෙනකම්ම ඒ නිවුන්නිව අතාරින්න නරකයි.ජය වේවා!!!
ReplyDeleteමෙන්න මේකිට තේරුණාලු.. මම හිතුව මේක තේරුං ගන්න පුලුවන් එවුන් එක්කෙනයි ඉන්නෙ කියලා.. :O
Delete…උඹ හරි..හරියටම හරි.. වරදින්නෙ නෑ.. මැරෙනකං නෙමේ මැරුණත් අතාරින්නෙ නෑ.. බූතයෙක් වෙලා එනවා.. :D
ජය වේවා!!
බට්ටො මේක පුස්කයි. මොනවහරි ලියහං.
ReplyDeleteකවුරු හරි ලියලා දුන්නනං පෝස්ට් කරන්න තිබුණා :D
Deleteකොච්චර සිම්පල් ද ඒ ප්ලෑන් එක..
…
මාස ගානකින් ආවේ අද නිකමට මේක බලලා යන්න.. …බලමු බලමු.. ලියන්න දෙයක් හිතිච්ච ගමන්..
මේ ටික සිංහලෙන් දාන්නේ නම් මැනවි
ReplyDeleteහෙහ් හෙහ්.. මේ සරල සිංහලනේ බං.. ;) කවියක් නෙමේ.. දිග කතන්දරයක්..
Deleteදැන් නං දන්නවා ^_^ සේරම
ReplyDeleteඔව් ඉතිං කතාව දැනගත්තට පස්සෙ උඹට ආයි මේකේ ප්රහේලිකා විසඳන්න දෙයක් නෑනෙ :D
Deleteඅඩේ බට්ට මල්ලියෙ මේක පුස්කාල බං.
ReplyDeleteමේක විතරක් නෙමේ මගේ ඔලුගෙඩියත් පුස්කාල වගේ :/
Delete