2013/03/10

නිවුන්නන් වේ ය උහු..

ඈත දීපෙක
ඈත කාලෙක
විසුවා නිවුන්නෙක්
නිවුන්නියක්
සාමාන්‍යයි
උන්ගෙ ජීවිත

දිනෙක මරුවා
අමුතු වෙසකින්
පැමිණ උහු අතරට
හිටියොතින් උඹ
තවත් මූ ළඟ
මරණවා මූ
මරණවාමයි

තර්ජනය කර
නිවුන්නිට
පල යන්න තෝ
ඌව අතහැර


හැපී පොළොවේ
කඩා කෙස්වලු
කඳුලු නොහෙලා
සිනාසීගෙන
නික්මුණා ඈ
දමා අතහැර
සෝවුරා තම
බේරගන්නට
උගේ ජීවය

බිය නොවනු මැන
නිවුන්නිය
ඉටු කරමි ඔබ
පොරොත්තුව මම
වැටෙමි එනමුදු
විගස නැගිටිමි
අතැර නොයනෙමි
අරමුණ
සිටියත් නැතත්
ළඟින්
ඔබ

36 comments:

  1. අතැර නොයනෙමි
    අරමුණ
    සිටියත් නැතත්
    ළඟින්
    ඔබ

    මේ ටිකට අසයි ආසයි වගේ ^_^ මොක උනත් පටිටයි ඇ

    ReplyDelete
    Replies
    1. ඔව්.. ඒකනෙ වෙන්න ඕනෙ දේ.. එළස් මචං (Y)

      Delete
  2. මට තේරුන්නෑනේ බට්ටෝ.....

    ReplyDelete
    Replies
    1. මම දන්නවා.. වැරැද්ද උඹේ තේරුම් ගැනීමේ හැකියාවෙ නෙමේ තරියෝ.. :D

      Delete
  3. මේ ටියුබ් ලයිට් උනා! මේකේ හැංගිච්ච එකත් එලියට ඇඳලා දාපන්කෝ හොඳ බට්ටා වගේ...

    ReplyDelete
    Replies
    1. මේකෙ හැංගිච්ච එක එළියට ඇදලා දාන්න පුලුවන් කාලෙකුත් එනවා.. එතකං තම තමන්ට දැනෙන විදියට.. :D

      Delete
  4. ඉපදෙනකොට වෙච්ච ප්‍රශ්නයක් හින්දා නිවුන් සහෝදරිය ගේ උප්පත්තිය වෙනුවෙන් නිවුන් සහෝදරයට මරණය වැළඳ ගන්න සිද්ද වීම නේද බට්ටෝ. මම හිතන්නේ ඉපදෙනකොට ඔයවගේ ප්‍රශ්න වෙනවා කාගේ ජීවිතේද තීරණාත්මක කියන එක. සමහර විට දරුවාගේ (නිවුන් දෙදෙනාගෙන් එක අයකුට) නැත්තම් බිහිකරන අම්මට. මම වැරදි නම් කියාපන් ඈ

    ReplyDelete
    Replies
    1. උඹ කියන එකත් නරක නෑ වෙනවනං :D.. ඒ වුණාට කවියෙ අදහස ඔයිට වඩා ගොඩක් වෙනස්.. උඹ උපමාවෙ ඉඳගෙන ඒ ඇතුලෙන් කවිය දිහා බලපු නිසයි ඒ.. උපමාව උපමාවමයි.. ආදේශනය පිළිතුරේ දොරටුවයි :D

      Delete
    2. කතාව කියකෝ ඉතින් දැන්

      Delete
    3. කතාව කියන්න පුලුවන් වෙච්ච දවසටත් උඹට ඒක දැනගන්න ඕනෙ නං, අන්න එදාට අනිවා කියන්නං කතාව උඹට :D

      Delete
  5. හරියටම තේරුනේ නෑ...

    ReplyDelete
    Replies
    1. වැරැද්ද උඹේ නෙමේ මලයා.. ගණිතය ප්‍රශ්නයක් විසඳන්න ඕන කරන කරුණු ප්‍රමානයක් තියනවනේ.. ඒ ප්‍රමානය අඩුවෙන් දුන්නාම විසඳන්න බෑ.. මහාචාර්ය කෙනෙක්ටවත්.. ;)

      Delete
  6. harima lassanai malli
    be keewata me liyala thiyenne hari apooruwata

    boot sapaththu dan one ne wage... jaya wewa

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්.. මට ලියවුණොත් ලියවෙන්නෙ ඉඳල හිටල ඉබේ ලියවෙන එකක් තමා.. අපිට එපා ලෙදර් :D
      ජය වේවෝ..!!

      Delete
  7. මේකෙ තේරුම මොකක්ද කියල යටිං දාහංකො හොඳ මල්ලි වගේ.

    මොනව උනත් පදපෙළනං ලස්සනට ලියල තියෙනව.

    ReplyDelete
    Replies
    1. අන්න එකනෙ අවුල.. මම හොඳ මල්ලි නෙමේ.. ඉතිං කොහොමද තේරුම දාන්නෙ ;)
      …මොනව වුණත් වෙන්නෙ කවියක් ලියන්න වෙන දෙයක් වුණාම දන්නෙම නැතුව ලියවෙනව :D

      Delete
  8. මේකෙන් කියන්නේ නැවත කෙදිනක හෝ එක්
    වෙන "අරමුණින් " නැගිටිමි කොපමණ වැටුණත් ..

    කියල...

    ReplyDelete
    Replies
    1. නැහැ.. මෙතන කියන අරමුණ වෙන එකක්.. කොහොම වුණත් ඒ අදහසත් නරක නෑ.. එළස්

      Delete
  9. තේරුම කියන්න බැරි නම් නිකා හිටු :3

    ReplyDelete
    Replies
    1. ඔහොම කිව්වාම තේරුම කියන්න හිතෙනවනෙ ;)

      Delete
  10. නිවුන් කෙල්ලො දෙන්නෙක්ටවත් පැනි හැලුවද බං

    නොතේරේ !

    ReplyDelete
    Replies
    1. නෑ නෑ.. පැණි හැලිල්ලක්/ආලයක් ගැන මේකෙ එක වචනයක්වත් නෑ.. නිවුන්නු දෙන්නෙක්.. නිවුන්නෙක් නිවුන්නියක් :D

      Delete
  11. තේරුණේ නෑනේ මේක?? බොලා නිවුන්නෙක්ද??

    ReplyDelete
    Replies
    1. ඔය ඇහුවේ ඉඳගෙන.. මොකොද බොල එච්චර අමාරු ප්‍රශ්න අහන්නේ? :/

      Delete
  12. අනේ තේරුන් නෑනේ..... නිවුන්නි මැරිලද මොකක් හරි ප්‍රශ්නයක් වෙලා??

    ReplyDelete
    Replies
    1. ඕං ඉතිං කිව්වා කතාවක්.. මම බයෙන් හිටිය කොමෙන්ටුව.. බුදු අම්මේ.. පිස්සු කියවන්න එපා :D

      Delete
  13. මට නම් තේරුණා කය්ය බට්ටෝ.ඔය නිවුන්නි ඉන්න තාක් වැරදෙන්නෑ.තමන් මැරෙනකම්ම ඒ නිවුන්නිව අතාරින්න නරකයි.ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. මෙන්න මේකිට තේරුණාලු.. මම හිතුව මේක තේරුං ගන්න පුලුවන් එවුන් එක්කෙනයි ඉන්නෙ කියලා.. :O
      …උඹ හරි..හරියටම හරි.. වරදින්නෙ නෑ.. මැරෙනකං නෙමේ මැරුණත් අතාරින්නෙ නෑ.. බූතයෙක් වෙලා එනවා.. :D
      ජය වේවා!!

      Delete
  14. බට්ටො මේක පුස්කයි. මොනවහරි ලියහං.

    ReplyDelete
    Replies
    1. කවුරු හරි ලියලා දුන්නනං පෝස්ට් කරන්න තිබුණා :D
      කොච්චර සිම්පල් ද ඒ ප්ලෑන් එක..

      මාස ගානකින් ආවේ අද නිකමට මේක බලලා යන්න.. …බලමු බලමු.. ලියන්න දෙයක් හිතිච්ච ගමන්..

      Delete
  15. මේ ටික සිංහලෙන් දාන්නේ නම් මැනවි

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්.. මේ සරල සිංහලනේ බං.. ;) කවියක් නෙමේ.. දිග කතන්දරයක්..

      Delete
  16. දැන් නං දන්නවා ^_^ සේරම

    ReplyDelete
    Replies
    1. ඔව් ඉතිං කතාව දැනගත්තට පස්සෙ උඹට ආයි මේකේ ප්‍රහේලිකා විසඳන්න දෙයක් නෑනෙ :D

      Delete
  17. අඩේ බට්ට මල්ලියෙ මේක පුස්කාල බං.

    ReplyDelete
    Replies
    1. මේක විතරක් නෙමේ මගේ ඔලුගෙඩියත් පුස්කාල වගේ :/

      Delete

ඔබේ ප්‍රතිචාරය පුස්කොලපොතේ අලුත් පිටුවක උපතයි!

Related Posts Plugin for WordPress, Blogger...