2014/04/24

අමෘතය







                      එකමත් එක රටක හිටපු මෝහන විද්‍යාඥයෙක් කොට ජීවිතයක් ගෙවපු පිරිමි ළමයෙක්ව මෝහනය කරා. එයාට ඕන වුණේ ඒ කොට ජීවිතේ පෙර ආත්මෙ මොන වගේ ද කියල බලන්නයි. එයා ඒ පිරිමි ළමයගෙන් ප්‍රශ්න අහන්න පටන් ගත්තා.

වි - හොඳයි. ඔයා කවු ද? කොහෙ ද ඉන්නෙ?

පි - මං දෙයියෙක්. ඉන්නෙ දිව්‍ය ලෝකෙ

විද්‍යාඥයගෙ කට මෙහෙම ඇරුණා. එයාට පුදුම හිතුණා. දැන් දිව්‍ය ලෝකෙ මොන වගේ ද කියල දැනගන්න පුලුවන්. එක එක ප්‍රශ්න අහන ගමන් එයා මෙහෙමත් ඇහුවා.

ඔයාට කොහොම ද දැනෙන්නෙ? මොනව ද පේන්න තියෙන්නෙ?

පි - උහ්.. මට බඩගිනියි. ලොකු බිල්ඩිමක් පේනවා. හරි ම නුහුරු ගතියක් තමා දැනෙන්නෙ. මං මෙහෙට අලුත්. මගේ ඉස්සරහට දෙයියෙක් ඇවිදන් එනවා. මං එයාට කතා කරන්නයි යන්නෙ.

වි - හා.. ඉතිං මොනව ද කියන්නෙ?

පි - “ ඒ යාළුවා! මෙහේ කැන්ටිමක් එහෙම නැද්ද? බඩගිනී බං. “ කියලා.

වි - ඉතිං?

පි - ඒකා මාත් එක්ක හිනාවෙලා අර ලොකු බිල්ඩිමට අත දික් කරලා ලතාවට කියනවා, “ මිතුර! තෙල පෙනෙන්නේ කප් සුවහස් කලක් තිස්සේ මෙම තුසිතයෙහි විරාජමානව වැජඹෙන මහ බොජුන්හල යි. නේකවිධ ලෙස පිළියෙල කරන ලද අමෘතය එහි හිඟ නො වේ. තොපට අවැසි වේලාවක ගොස් අවැසි තරම් අනුභව කරව!

වි - හා

පි - ඒක ඇතුළට යනවා මම. ඇතුළේ ලොකු බුෆේ එකක් වගේ. ලොකු මුට්ටි පේලියට තියලා බෝඩ් ගහලා.

වි - බෝඩ්? මොනව ද?

පි - අමු අමෘතය, තම්බපු අමෘතය, තෙම්පරාදු අමෘතය, අමෘත සුප්, කලවං අමෘතය... අම්මට හුඩු! ඇඬෙනවා බං. මුට්ටි කෝච්චියක්. මට හිතෙනවා මුලින් ම අමු අමෘතය කාලා බලන්න.

වි - හා හා එළ.. ඉතිං?

විද්‍යාඥයගෙ කුතුහලය අහස උසට නඟිනවා. ඇයි අමෘතය හදන විදිය හොයාගන්න පුලුවන් වුණොත් සෙල්ලංයැ. ලෝකෙ ම ප්‍රසිද්ධ වෙන්න වුණත් පුලුවන් වෙයි සමහර විට.

පි - ඉතිං මම ගිහින් මුට්ටියට එබෙනවා

වි - ඉතිං? මොන වගේ දෙයක් ද ඒකෙ තියෙන්නේ? මොනවයින් ද හදල තියෙන්නේ?

එතකොට ම පිරිමි ළමයා “හුග්!“ ගාගෙන ගැස්සිලා බය වෙලා ඇහැරුණා. එයා ඉහිං කනිං දාඩිය මුගුරු පෙරාගෙන මෙහෙම කිව්වා.

                                                              
                                                                  පරිප්පු බං!

19 comments:

  1. Replies
    1. හොඳයි වෙන මොනාටද අමෘතෙ කියන්නෙ? :3 :v

      Delete
  2. හික්ස්.. හප් හප්.. ඇදෝ පරිප්පු මගේ ඈ.... ^_^

    ReplyDelete
    Replies
    1. හහ් හා.. ඒ පෝස්ට් එක මම කැපචර් කරල සේව් කරගෙන තියෙන්නේ :v

      Delete
    2. පලයං ඇඩෝ යන්න.. මරණවා දෙන්නවම >:(

      Delete
    3. කතා දෙකක් නැහැ .... -_- මගේ ... :/

      Delete
    4. හිටු බුකියෙදි අල්ලගන්නං >_<

      Delete
  3. Replies
    1. ඉතිං පරිප්පු තමා බං.. එයි ෂෙකද? :3

      Delete
  4. මට නං ඉතිං අමෘතය කියන්නෙ පරිප්පු තමයි.

    @සුදු මහත්තයා - අඩෝ සුදුමහත්තයා පෝස්ට් දූසණය කොරන්නැතුව හිටපං.

    ReplyDelete
  5. හැක් හැක්.. කමු..

    ReplyDelete
  6. උඔ බාර් එකට ගිහිල්ල ආවට පස්සෙද මල්ලි මේක ලිවුවෙ.

    ආයෙ දෙකක් නෑ පරිප්පුනං අමෘතය තමයි.

    ReplyDelete
  7. පරිප්පු අපිටත් අමෘතය තමයි බං.. ඕක නැතුව කෑවත් නිකන් නෑ වගේ..

    ReplyDelete
  8. බඩ පිරෙන්න පරිප්පුම ලැබේවා

    ReplyDelete
  9. පරිප්පුම තමා, මගේ් යාළුවෙක් ඉන්නවා, ඒකට තුන් වෙලටම පරිප්පු ඕන :D

    ReplyDelete
  10. මේක ඇත්ත කතාවක් වෙන්නත් බැරි නෑ

    ReplyDelete
  11. මටත් පරිප්පු කියන්නෙ අමෘතය තමා පරිප්පු නැත්තං කෑවත් නෑ වගේ

    ReplyDelete
  12. මතක් කරන්න එපා :/ බෝඩිමේ උදේට තෙල් දාල.. දවල්ට කිරට.. රෑට මික්ස් එකක් :/ ආයේ හෙට උදේට :3

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය පුස්කොලපොතේ අලුත් පිටුවක උපතයි!

Related Posts Plugin for WordPress, Blogger...