2012/02/06

කෙස් ගහක් දී පාටියක් ගත්තෙමු.









                                                       පිළිවෙලක් නැති මතකයන් අතරින් තෝරගත්තු මේ කතාව කියන්න මට විශේෂ අවසරේකුත් ගන්න උනා. කොහොමටත් මගේ 1 ඉඳන් 0 වෙනකන් තියන කිසිම දේක පිළිවෙලක් නං නෑ තමා. මේකත් 2010 යූත් එකේ වෙච්ච සිදුවීමක්. කලින් පෝස්ට් එක නොබලපු අයට පැහැදිලි මදි වෙයි ඕං. (නොහොත්, අනේ පිලීස් කලිං එකත් බලන්න.)
                                                       හරි! මේක කලින් සිදුවීමටත් කලින් සිද්ද වෙච්ච දෙයක්. අපේ බඩාට කෙල්ලෙක්ට හිත ගිහින් තිබුනා. ආරංචිවල හැටියට හිත ගිහිපු පළවෙනි කෙල්ල. අපේ පංතියට එහා පංතියේ හිටපු ඒ අක්කට  හිත ගිහිපු බඩා ඒ දවස් වල දැක්කම දුක හිතෙන චරිතයක් වෙලා තිබුනා. උගේ හිතේ තිබුන මහ විසාල ආදරේ ගැන පුංචි අදහසක් අපිට දෙන්න බඩා කිව්වෙ
                               "ළමයි දෙන්නෙක් එක්ක ආවත් බාරගන්නවා " ය කියලා.
                                                    මේ කතාව ගැන බොහෝම අප්සැට් එකේ හිටියෙ සුද්දා. "ඒ පව් බං බඩා" ඌ මාත් එක්ක කියනවා. කොහොම උනත් මේ ඒක පාර්ශ්වික ආදරයේ ආදරවන්තයාට ලොකු ප්‍රශ්නයක් තිබුනා. අක්කා පරසතු මලක්. හලේ! ඒක විතරදැයි, තව අවුලක්. අක්කා අපේ අයියට වඩා අවුරුද්දක් වැඩිමල්. ඉතිං මොකෑ කරන්නේ? අපිට කරන්න දෙයක් නැති උනාට බඩාට විසඳුමක් තිබුනා. මූ ගියා අඳුරන කට්ටඩියෙක් හම්බ වෙන්න. කට්ටඩියා දුන්න විසඳුම.

               "කරපිය වශියක්!"

               "කොහොමද අයියා ඒ?"

               "ඇයි බොල? ගෙනෙන් කෙස් ගහක්!"


                     "ගලෝපියව් බොලව්නේ කෙස් ගහක්! දුක නැද්ද තොපිට?"
                                                 දුකයි තමා. ඒත් කෙල්ලෙක්ගේ කෙස්  ගස් ගලවන්න ගිහින් කොහොමද අඩි උස සෙරෙප්පුවෙන් වදිනකොට? බට්ටට නං බෑ ඔව්වා! අහ්! තව දෙයක්. මේ වෙනකොට අපේ සෙට් එකේ තව දෙන්නෙක් හිටියා. බන්ඩයි, ජුන්ඩයි. මැද්දෙදි හැලුණ උන් දෙන්නත් අපේ වයසෙ. ඔය අතරෙදි දවසක් යූත් එකට පොලෝසියෙන් ආවා. කාවවත් ගෙනියන්ට නෙමෙයි. ජනාධිපතිතුමා යූත් එකට ගෙන්නන්ට. ළඟදි තණකොල කැපුවත් උපන්තේකට අතුගාලා නොතිබුණු පිට්ටනියට හෙලිකොට්ටෝරුවො දෙන්නෙක් ගොඩ බාද්දි, හිතාගන්න බැරි තරං වේලිච්ච තණකොළ කෑළි ගොඩක් සම්පූර්ණ වටපිටාවම වැළඳ ගනිද්දි විවේක කාලය පටන්ගත්තා. අපි කෑමත් අතට අරන් කැන්ටිමට යන අතරතුරේදි නිසරු සිමෙන්ති පොළවෙ තණකොල රැඳුණු සුන්දර දර්ශනේ රස විඳින්නත් අමතක කරේ නෑ.

                                                  දැන් අපි කැන්ටිමේ. බඩාත් සීඩීත් වාඩිවෙලා ඉඳිද්දි ජුන්ඩා, ගල්ෂෝටා, සුද්දා සහ මම අත හෝදන්න ගියා. අර ඌරො දෙන්නට මොන සෞඛ්‍යද? අපි ටැප් එක ළඟට වෙලා බලා හිටියෙ කාන්තාවො දෙතුන් දෙනෙක් අත් හෝදමින් හිටපු නිසා. ලේඩීස් පස් කිව්වලු! කව්ද එතකොට මේ අන්තිමට ඉන්න අක්කා ඈ? අපේ බඩාගෙ අක්ක නෙව බොල! අක්ක ටැප් එක පැත්තට පහත් වෙලා වතුර බොන ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න ගල්ෂෝටට අමතක උනේ නෑ. දිග කෙස් ගහක් අගින් අල්ලගත්තු ඌ විදුලි වේගෙන් ඒ අත පිටිපස්සට ගත්තත් අක්කට නොදැනෙන්න ඒක කරන්න පුලුවං වුනේ නෑ. ප්‍රතික්‍රියාව වුනේ සද්දයක් දාගෙන එක පාරටම හැරුන අක්කා ගල්ෂෝටා දෙස බැලීම, ඒ එක්කම ගල්ෂෝටා ජුන්ඩා දෙස බැලීම සහ අක්කා ජුන්ඩා දෙස රවා බැලීම. ඔයින් ගියා මදැයි!
                                                  කොහොම උනත් මැරෙනකං හිනාවෙවී කන්න ගිහිපු අපිට කෙස් ගහක් වෙනුවෙන් පාටියක් හම්බ උනේ බඩාගෙන්!




පින්තූරය ගත්තේ:  මෙතනින්

7 comments:

  1. වශී ගුරුකම කොලාද බං ඉතින්?.

    ReplyDelete
    Replies
    1. මොන වශී ගුරුකංද? කෙස් ගහ ගිහින් දුන්නම ඌ කිව්වලු නූලක් පන්නන්න ඕනැයි කියලා. හදිස්සියෙවත් නූල උඩින් වෙන එකෙක් පැන්නොත් එහෙම කියලා අපි වැඩේ අතෑරලා දැම්මා.

      Delete
  2. මාරු මාරු ,පට්ට පට්ට ,තව එකක් ලියන්න ශක්තිය ලැබේවා,,,බට්ටා දිනේවා,,,,,,,,,,

    ReplyDelete
    Replies
    1. සම්පත්

      Delete
    2. තැන්කූ තැන්කූ. මට ජය වේවා! ඔබටත් ජයවේවා!

      Delete

ඔබේ ප්‍රතිචාරය පුස්කොලපොතේ අලුත් පිටුවක උපතයි!

Related Posts Plugin for WordPress, Blogger...