2012/02/26

අහක යන නයි රෙද්ද අස්සේ දා ගැනීම

                                             


                                                  ඒ 2011 වසර බව මට හොඳට මතක ය. කොහොමත් අමතක වෙන්න විදියක් නැති ය. ඒ අවාසනාව අප පාසල හඹා ආ අවුරුද්ද ය. අවුරුද්ද මුලදී අපිට හොඳ විදුහල්පති කෙනෙක් හිටියේ ය. ටික කලක් දැහැමින් සෙමෙන්(සෙමෙන් කියන්නේ හෙමින් නොවේ ය. සාමයෙන් ය.) රාජ්‍ය කෙරෙමින් වාසය කරද්දී ඔහුව පාසලෙන් එළවා දැමිණ. ඒ වෙන කවුරුවත් විසින් නොවේ ය. අපි විසින්ම ය. ඉන්පසුව අපිට ඉඟුරු වෙනුවට මිරිස් ලැබුණි. මේ වන විටත් අහක යන නයි රෙද්ද අස්සේ දාගත්ත අපි කනෝ කනෝ යැයි කෑ ගසමින් සිටිමු. ඒවා කාටවත් ඇහෙන්නේ නැත. දැං ඉතිං කුම්බලා මාලු කෑව නං විඳවපං බට්ටෝ ය. උපමා ආප්පතෝප්පදේස ඇති ය. දැං පාසල බෝගම්බර හිර ගෙදර වගේ ය. පොඩි වෙනසකට ඇත්තේ හවසට ගෙදර යන්නට දීම ය. ඒත් පහුවදාට ආපහු පැමිණිය යුතු ය. මට නං ඕවාගෙන් වැඩක් නැතිය. මම සති දෙකකින් පාසල ඇහැටවත් දැක්කේ නැත. ඒ නිසා ප්‍රයිවට් උ/පෙ කලාව දන්නා එකෙකු විසින් පහලින් මාව දැනුවත් කළ යුතු ය.                               
                                               දැං අද කතාව ය. අලුත් මණ්ඩුකාගමණයත් සමඟ අපේ පාසලේ අලුත් නීතියක් ද ක්‍රියාත්මක විය. පීරියඩ් දෙකක් මැදදී විනාඩි 5 ක කාලයක් ලබා දේ. ඒ අතරතුර යන රෙද්දක යා යුතු ය. පීරියඩ් එකක් අතරතුරදී එළියේ හිඳ අහු වුනහොත් කිරි හල ලඟ මහ පාරේ හිටගෙන යන එන අයගේ මූනු දිහා බලන්නට වාසනාව ලැබෙන්නේ ය. අවට තත්ත්වය එසේ තිබියදී දිනක් මගේ පන්ති සගයෙකු වන භාත්කණ්ඩේ අසනීප විය. ඌට ගෙදර යන්නට හිතෙන තරමට අසනීපය උග්‍රව තිබුණේ ය. ඒ වන විට සෙක්ෂන් එකේ පන්ති හතරේ ම එක ගුරුවරයෙක් වත් හිටියේ නැත. එහෙමය කියා මූට මෙහෙම ඉන්න දෙන්නට බැරි ය. එළියට ගියොත් ස්වීප් ඇදෙන්නට බැරි නැත. නමුත් කරන්න දෙයක් නැති ය. ඕන මඟුලක් කියා මම සෑර් හොයන්නට එළියට ගියෙමි.
                                             13 ඉස්සරහා ම ඇති 12 සෙක්ෂන් එකට ඔලුව දැම්මත් ඒකේද කවුරුත් හිටියේ නැති ය. මුං සේර ම කොහේ මකබෑවිලාද මන් දන්නෑ ය. ආහ්...! කොහේවත් මකබෑවිලා නැති ය. මේ එන්නේ ප්‍රින්සිපල් සෑර්.......! ආ! ප්‍රින්සිපල් සෑර්... අනිත් එවුං වගේ දුවන්නේ නැතුව මම මද්දුම බණ්ඩාර සේ බෙල්ල දං ගෙඩියේ තිබ්බෙමි. ප්‍රස්න මුකුත් නැත. කෙලිං ම කිරිහල පැත්තට අත දික් වුණේ ය.

             "සෑර්, මේ අපේ පන්තියෙ එකෙක්ට සනීප නෑ. ගුරුවරයෙක් හොයන්න ගියේ." මොනා වුනත් ආ වැඩේ අතහැර නිකං යන්නට යන්නට බැරි ය.

            "හරි! ඒක මං බලාගන්නං. තමුසෙ යනව අතෙන්ට. මොකද්ද පංතිය?"

           "13 A4"

                                           දැං වධකයා හිස ගසා අවසාන ය. ඉතිං මම ඔලුවත් අතේ රැගෙන යන එන අයගේ මූණු බලන්නට ගියෙමි. කතාවේ ඉතිරිය ආරංචි වුණේ පන්තියට ගියාට පසුව ය. තමුන්ට තනියෙං යන්න පුලුවන්දැයි විදුහල්පතිතුමා ලෙඩාගෙන් අසා ඇත. ඌට තනියෙං යන්නට තබා හිට ගන්නවත් පණ තිබුණේ නැත. ට්‍රයි එකක් දුන් පසු ඌට යන්න බැරි බව තේරුම් ගත් විදුහල්පති තුමා යන්තං වෙන එකෙක් සමඟ ඌව වෑන් එකේ ගෙදර යවා තිබුණේ ය. දැං ඉතිං මේ පෝස්ට් එක එතුමාට දකින්න නොලැබේවා.........! කියල එක හිතිං හිතාගෙන සාධුකාරයක් දීහල්ලා! කොහොමත් මං ළඟ නැති වෙලාවට මිනිහට බය නෑ හැබැයි :)

පින්තූරය ගත්තේ: මෙතනින්

15 comments:

  1. උන්දැට පිස්සුද? පන්තියෙ වුන්ව කන්න මොකෙක් හරි ආවත් ඇතුළට වෙලා ඉන්නද කියන්නෙ..

    ReplyDelete
    Replies
    1. අන්න ඒකනේ බං හරී අයියෙ අපිත් එදා කතා වුණේ. පන්තියෙ එකෙක් මළත් අපි ඇතුළට වෙලා ඉන්න ඕනෙ.

      පෝස්ට් එකේ මොනාහරි වැරැද්දක් තියනවනං අවුලක් නෑ කියලා යන්ට!

      Delete
  2. මෙයාට කලින් හිටිය ප්‍රින්සිපල්ව අපි ඉද්දිත් එලවන්න හැදුවා පස්සේ මමත් මන්ඩිපාලත් එකතුව පෙත්සම් පත්‍රයක් සකස් කරලා තව ප්‍රින්සිපල්ට හිතැති කොල්ලෝ එකතු කරලා යන්තම් අපි ඉස්කෝලෙන් යනකන්ම කලින් කෙනාව තියාගත්තා... අපි ගියාට පස්සේ උඹලා ඔය කොරගෙන තියෙන්නේ හොඳ වැඩේ උඹලට දැන් කනවෝ කනවෝ කියලා කෑ ගහ ගහ හිටහන්...

    ප්‍රයිවට් අයඳුම් කරන හැටි දන්නවනම් මටත් කියහන් gamiyagepathiruwa@gmail.com

    ReplyDelete
    Replies
    1. ඉතිං ඕකනේ බැරි අයියේ උඹලා තව අවුරුදු දෙකක් ඉස්කෝලේ හිටියේ නෑනේ! මට බයින්න එපා ඉතිං. මම ඕක වෙනකං දන්නේ නෑ.ඒ දවස් ටිකෙත් මම ගෙදර නේ!
      ප්‍රයිවට් කේස් එක දැන ගත්තොත් අනිවා විස්තර එක්ක මේල් එකක් එවන්නං.

      Delete
  3. යකඩෝ මේක පුදුම කෙලියක් නේ..අර ඇහුවත් වගේ කවුරු හරි එකෙක් මලත් ඇතුලේ තමා ඉන්න වෙන්නේ

    ReplyDelete
    Replies
    1. ඇත්ත ඇත්ත. මට නං ඉතිං අවුලක් නෑ. ලබන මාසෙන් මේක ඉවරයි නේ. ප්‍රයිවට් කරන්න වෙච්ච එකනේ කේස් එක. දැනට ආරන්චියෙ හැටියට නං 79% තිබ්බත් ප්‍රයිවට් තමා. හරියට ම දන්නෑ හැබැයි!

      Delete
  4. මේ ഹുത്തിഗെ പുതാ ඉතිං වැඩේ දැනගත්තට පස්සෙ වත් බට්ටව කිරි මණ්ඩලෙන් රිකෝල් කලේ නැද්ද ?

    ReplyDelete
    Replies
    1. ඔබා මාමේ, සින්හලෙං අහපියෝ. බබාට ඉංගීසි දල්ලෑ. සංස්කුරුත දන්නෙත් නැතෝ.

      Delete
  5. ප්‍රයිවෙට් සීන් එකනම් එච්චරම අමාරු දෙයක් නෙවෙයි.
    මුලින්ම පලාත් අධ්‍යාපන කාර්යාලයට යන්න ඕනේ.. එතන ලියාපදිංචි වෙලා. ඉසුරුපායට විභාඟ ගාස්තු එහෙමත් ගෙවන්න ඕනේ.. පලාත් අධයාපන කාර්යාලයෙන් ඔක්කොම සීන් එක අහගන්න පුළුවන්...

    ReplyDelete
    Replies
    1. තැන්කූ මචං අසරණ වෙලා ඉන්න වෙලේ ලොකු උදව්වක් කරේ. එතකොට ඇගයීම්, ප්‍රොජෙක්ට් එහෙම වෙනම කරන්න ඕනෙද? එතකොට වියදං වෙන ගාන එහෙම දන්නැද්ද?

      Delete
    2. ගාස්තු පැකේජ් විදියට තියෙන්නේ බන්.

      මෙහෙමයි.. ඇඟයීම්,ප්‍රොජෙක්ට් වලට අපෙන් ලඟම ඉස්කෝලේ මොකක්ද කියලා අහල ඒ ඉස්කෝලේට තමා දෙන්නේ... A/L අංශභාර ගුරුවරයා ෂේප් නම් වැඩේ ගොඩ. ප්‍රොජෙක්ට් එකත් ඒ වගේ තමා.. මේ වෙනකොට ඉස්කෝලේ ප්‍රොෙජක්ට් එක කරලා තියෙනවා නම් ඒකේ ලකුණු ටික දාගන්න පුළුවන්..

      Delete
  6. අසාධාරණයි... මම තරයේ හෙලා දකිනවා ප්‍රින්සිපල් ගේ දරඳඩු වැඩ පිළිවෙල....

    ReplyDelete
    Replies
    1. අන්න දැක්කද? මේ අපේ ශානි අක්කටත් තේරෙන දේ ප්‍රින්සිපල්ට තේරෙන්නෑනේ. අසාධාරණය වෙනුවෙන් වූ නිහඬ සටනට සහය දීම පිළිබඳව ඔබට තැන්කුයි! :ඩී

      Delete
  7. විනාඩි පහනම් මටත් එපා වී ඇත්තේමය.එහෙමයි කියා කරන්නට දෙයක් නැත්තේමය.වත්ත බද්දට දී ඇස්සට දත නියවන්නේමය.මන්ඩුකාගමනයෙන් මමද ලත් දායද කියාගන්නටවත් නොහැක්කේමය

    ReplyDelete
    Replies
    1. අයිත් මොනාද මචෝ? උඹට 80% තියෙයි බං?

      Delete

ඔබේ ප්‍රතිචාරය පුස්කොලපොතේ අලුත් පිටුවක උපතයි!

Related Posts Plugin for WordPress, Blogger...