2012/02/14

ආර්තිකේට නිර්වචනයක්?

                                               



                                                   ''හොඳ හොඳ සෙල්ලං එළි වෙන ජාමෙටෙ''යි කිව්වට සමහර වෙලාවට නිදාගන්න ගිය වෙලාවටත් එක එක විකාර හිතෙන්න පටං ගන්නවා. මේක මේ මට ඊයෙ රෑ හිතිච්ච වැදගත් අදහසක්. මේකයි කතාව. ක්..හ ක්...හ (උගුර පාදයි.....නෑ කාරයි.)

                                                   ආර්ථිකය... කවුරුත් දන්න අටමගලයක් නෙව මේක. ආං ඒ කියන ආර්ථිකයේ හැසිරීම ගැන පැහැදිලි හා නිවැරදි නිර්වචනයක් හිටි හැටියේ බට්ටට කම්පනා උණේ පැණි වරකෙට හෙණ ගහනවටත් වඩා වේගෙන්. ඒකට අනුව ගත්තා ම ඔය ආර්ථිකය කියන මෙව්ව එක මේ අපේ මාරයියා කියපු ආබස්සරයන් වගේ එක පාරට පහල වෙච්ච දෙයක් නං නෙමෙයි. ඕක බොහෝ ම පුංචිවට ඉපදිලා පස්සෙ පස්සෙ සීමාවක් නැතුව විසාල වෙන්න පටං ගත්ත මළ කරුමයක්.
                                               
                                                   දැං අපූරු ම කාරණාව මේකයි. ලෝකෙ ම මහ ලොකුවට පිලිගන්න ඔය අයිතමේ ඉපදුනේ කොහේද? කොහේද ඉතිං මේ සිරි ලංකාවේ මිස! ඉතිං ඔය මෙව්ව එක මේ පුංචි රට ඇතුලේ ටික ටික විසාල වෙන්න ගත්තා. ටික කාලයක් ගියා ම ඕක කොච්චරක් ලොකු වුණාද කියනවනං ආර්ථිකේට සිරිලකේ ඉඩ මදි උණා. ඉතිං ඒක මේ රටෙං පිට වෙලා ගියා. කොහේටද ඒ කියල දැං මගෙං අහන්න එපා ඕං! මං දන්නවැයි ඔව්වා. මේක ආර්ථික විජ්ජාව මිසක් ඉතිහාසය නෙමෙයිනේ. කොහොම වුනත් ටිකක් එක එක තැන්වල රස්තියාදු වෙලා මේක රිංගුවේ කොහේටද? ආං හරි! ඇමරිකාවට තමා. ඉතිං ඕක ඇමරිකාව ඇතුලෙත් නිකං හිටියද? නෑ....ලොකු වුනා. ඒකෙන් මේකෙන් ඇමරිකාවෙත් ඉඩ මදි වුණා ම ආර්ථිකේ ගියේ චීනෙට! දැං ප්‍රස්නේ ඊ ලඟට යන්නේ කොහේටද? දෙකක් නෑ රුසියාවටනේ! ඊටත් පස්සේ හඳටත්, එතන ඉඩ මදි වුණා ම බ්‍රහස්පතිටත් ඕක යන්නෙ නැද්ද කියලා බලාගෙන ඉන්ටකෝ!


ප.ලි

ඔන්න ඕකයි බට්ටගේ ආර්ථික විවරණේ.
බට්ටා උසප්පෙළට ආර්ථික විජ්ජාව නොකිරී ම ගැන ගුරුවරු සතුටු වනු ඇත.



ප.ප.ලි

මේ පිස්සු කතාව විඳවපු ඔබේ සිත සංවේදී බව මම දන්නවා! සමහර විට ඔබ මේ වෙනකොටත් මධුෂානි අක්කා ගැන දන්නව ඇති. ඇයට පිළිකාවක් වැළඳිලා. ඔබට කළ හැකි සුළු උපකාරයකින් ජීවිතයකට ජීවිතය දීම ගැන උපරිම සතුටක් ලැබීමට මෙතනින් ඇගේ විස්තර දැනගෙන හැකි උදව්වක් කරන්න. අපිට ඇයගේ වටිනා ජීවිතය රැක ගැනීමට හැකි බව මට හොඳට ම විශ්වාසයි.



පින්තූරය ගත්තේ: මෙතනින්

4 comments:

  1. ලියන උඹටද ? කියවපු මටද? පිස්සු :)

    ReplyDelete
  2. අනිවාර්යයෙන් ම ලියපු මටනේ පික්සු. නැත්තන් කොරයිද මෙහෙව් වැඩක්!

    ReplyDelete
  3. ටිකාක් විතර පිස්සු වගේ මටත් දැන් එතකොට විවෘත ආර්තිකේ කියන්නේ මොකැයි...ආසියාවේ අයිශ්චර්යා වෙන්න ලංකාවට බැරිවෙයිද ඈ සෑහෙන්න ලොකු ප්‍රශ්න සෙට් එකක් ආවේ

    ReplyDelete
  4. අහ්...බය වෙන්ට එපා බොල. ආසියාවේ අයිස්චර්යා වෙන්න සිරිලකේට පුළුවං. මොකද ඔය ආර්ථිකේ බෝවෙන්නෙ ද්විඛන්ඩනයෙන්. ඕක යන්න කලිං මෙහේ කෑල්ලක් තියල ගියා. හැබැයි ඒක ලොකු වෙන්නෙ ටිකක් හිමිං.

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය පුස්කොලපොතේ අලුත් පිටුවක උපතයි!

Related Posts Plugin for WordPress, Blogger...