2012/02/11

මහා හාර්ඩ් මංකොල්ලය හා ඇණ හතර



      


                                                       යූත් එක ඇතුලෙ ඉලෙක්ට්‍රොනික් වලට කියල තිබුණෙ අපේ පන්තිය විතරක් නිසා එක එක ජාතියෙ කුණු කන්දරාවක් ඇතුලෙ ගොඩ ගහං ඉන්න අපිට සිද්ධ වුණා. කැඩිච්ච වගේ ම වැඩ කරන ටී.වී, රේඩියෝ කෑලි, තව අපිවත් ඩිමාවත් නම දන්නේ නැති විවිධාකාර ගැජට් කෑලි, ඔය අතරෙ ඩිමා විතරක් නම දන්න එව්වත් එහෙං මෙහෙං තිබුණා. ඒ ඇරුණ ම ඔය කහල ගොඩවල් අතර තිබුණ තව දෙයක් තමා වැඩ කරනවදැ'යි කියලවත් හරියට ෂුවර් නැති කොම්පීතර කෑලි ගොඩක්! වැඩක් කරගන්න බැරි වුණත් වැඩ කරන කොම්පීතර කෑල්ලකුත් ඩිමා බාරේ තිබුණ එක වෙනම කතාවක්! අපිට ඉතිං පන්තියෙ කවුරුවත් නැති වෙලාවක් අල්ලල ෂෝ කෑල්ලක් වත් බලා ගන්න තිබුණෙ ඒක විතරක් නිසා හැමෝ ම ඒකට ගොඩක් ආදරේ කරා. කොච්චර ආදරේ කරාද කියනවනං ඩිමා ළඟ නැති වෙලාවට ෂට්ඩව්න් නොකර ම බොහෝ ම පරිස්සමෙන් ප්ලග් එක ඇදල දාන්න තරං අපි කාරුණික වුණා. කොහේද අර ඩිමා කාරය දැක්කොත් කෑ ගහනව නෙව "ඕකට ඔහොම ඔච්චර ලව් කොරන්න එපා යකෝ" කියලා. මයෙ හිතේ ඌට අපි ගැන දුක ඇති.
                                        දැන් මං කියන්න ගිය කතාව බලමු. දෙයියන්ගෙ පිහිටෙං මට එදා යූත් එකට යන්න බැරි උණා. මට විතරක් නෙවේ සුද්දටත් යන්න බැරි උණා. එදා පන්තියෙ හිටිය එවුං වුණේ, සී.ඩී, බඩා, ගල්ෂෝටා හා ඩිමා. දවල් වරුව වෙනකොට ඩිමා එළියට ගියේ රාජකාරියකට. ඔය අතරෙදි පන්තියෙ සාහසික අපරාධයක් සිද්ධවෙන්න කටයුතු පිළියෙල උණා.(පසුබිමින් භයානක සංගීතයක් ඇසේ)
                                        ඩිමා බාරේ තිබුණු කොම්පීතරේ මේසෙ උඩ වැජඹෙන අතරතුරේ ඒ මේසෙ ම යටට වෙලා අහිංසක විදියට බලාගෙන හිටියෙ අංග සම්පූර්ණ සිස්ටම් යුනිට් එකක්. මේක දිහා බල බල තොල කට ලෙවකමින් හිටිය විශාල අපරාධකරුවෙක් තමන්ගෙ සගයන් දෙන්නාව පන්තියේ දොරවල් දෙක ගාවට යැව්වෙ කවුරුත් එනවාදැ'යි ඔත්තු බලන්නයි.


                       "හරි! හරි! මචං මේ පැත්තෙ අවුලක් නෑ." ඉස්සරහ දොර පැත්තෙං ආවෙ මැර කටහඬක්.


                       "මෙහෙත් හරි!" පිටිපස්සෙ දොරෙනුත් සද්දයක් ආවා. 


                                       මේ අතරෙදි කබඩ් එකක් ඇතුලෙන් මුවහත් ආයුධයක් අතට ගත්ත විශාල මිනිහෙක් තමා දිහාට එන හැටි සිස්ටම් යුනිට් එක වෙව්ලමින් බලා හිටියා. (මොකෝ ඒක දුවන්න කියලැයි?) අතේ තිබිච්ච ආයුධය  එස්. යූ එකට මෑනූ අපරාධකරු එහි ඇණ ගලවා දැම්මා. අනතුරුව හාර්ඩ් ඩිස්ක් එක දිහාට ගිය ඔහුගේ අත එහිද ඇණ ගලවා දමා එය අතට ගත්තා. 250GB-SATA ලෙස එහි සටහන්ව තිබුණා. මළවුන් අතරට ගිය එස්. යූ එක තිබූ හැටියට සකස් කළ අපරාධකරු එතැනින් ඈත් උණා.


                        "වැඩේ හරි මචං"


                                       කුපාඩි මොළ තුනක පිහිටෙන් හාර්ඩ් එක සැඟවුණ අතර දරුණු අපරාධයක් එලෙසින් නිමා උණා.
                                       කොහොමද නිකං දැක්ක වගේ කිව්ව හැටි? ඔයිට ටික වෙලාවකට පස්සෙ ඩිමාත් එක්ක පංතියට ආපු අපේ සෑර් තවත් කෙනෙක්ව එක්කං ආවා. ඔටෝ ඒසී සෑර්. අපේ සෑර් ඒසී සෑර්ට අර නිවන් ගිහිපු කොම්පීතරේ දෙන්න හදනවා. පුදනකොට ම කාපි යකා කිව්වලු. යකා කිව්වෙ අපේ සෑර්ට නෙමෙයි ඕං. ඒසී සෑර්ට! දැං ඩිමා එස්.යූ එක මේසෙ උඩින් තියලා සේරම ලෑස්ති කරලා ඔන් කරනවා. යකෝ මේක ඔන් වෙන්නෑනේ! මුකුත් අවුලක් වෙන්න විදියක් නෑ! අන්තිමට බලනකොටත් වැඩ කොරාපු එක නෙව. දැන් සෑර්ලත් ට්‍රයි කරනවා. 


                      "ගලවල බලන්න පොඩ්ඩක්" අපේ සෑර් ඩිමාට කිව්වා.


                                       අර ආයුදේ ගත්ත ඩිමා ඒක ගැලෙව්වා. ඇතුලට ඔලුව දාලා බැලුවම මොකද්දෝ අඩුවක් පේනවා. හ්ම්.....මොකද්ද අඩු? අහ්... කෝ යකෝ හාර්ඩ් එක? 


                     "සෑර් මේකෙ හාර්ඩ් එක නෑනේ" 


                     "මොකක් බොල? හාර්ඩ් එක නෑ? හොඳට බලන්න. ඔය කොහෙ හරි මුල්ලකට වැටිලද දන්නෑ!" 


                     "නෑ සෑර් නෑ! මං මේ මදර බෝඩ් එක යටත් බැලුවනෙ සෑර්" 


                     "කව්ද යකෝ මේක ගත්ත එකා. තමුසෙල තුන්දෙනා මෙහෙ එනව. කව්ද මේකෙ හාර්ඩ් එක ගත්ත එකා?" 


                     "අපි දන්නෑ සෑර්! අපි අහිංසක මිනිස්සු සෑර්!" 


                                        ඔය විදියට ගිහිපු කේස් එක වැරදි කාරය හොයාගන්න බැරි වෙච්ච නිසා ටික දවසකින් වැළලිලා ගියා. අපිත් වැඩේ කරේ කව්ද කියල දැනගත්තෙ සෑහෙන කාලෙකට පස්සෙ. කොහොම උනත් ඒ අරූ කියන එක ගැන සාධාරණ සැකයක් අපේ වගේ ම ඩිමාගෙ හිතෙත් තිබිල තියනවා. කෝස් එක අවසානෙදි ඇත්ත දැනගත්ත ඩිමා තමා එදා සුපර් ම කතාව කියල තිබ්බෙ. 


                    "කව්ද දන්නෑ බං ගත්ත එකා, ඌ මේකෙ ඇණ හතරත් උස්සලනෙ"


හික් හික් ඇණ හතර. අපි තාම ඕකට ඕක කිය කිය විහිළු කරනවා!



ප.ලි:          
                           කියවන්නෝ සිතට ගත යුතු දෙයක් ඇත. මේ කතාන්දරය සත්‍යයක් වුවත් මෙහි එන සමහර දෙබස් අමු පට්ටපල් බොරු ය. එනම්, ලියන්නා කෙසේ ලීවත් කියවන්නා සිහි බුද්ධියෙන් කියැවිය යුතුයැ.


පින්තූරය ගත්තේ: මෙතනින්

3 comments:

  1. මට ඉතින් කියවද්දිම දුකක් දැනුනා ඒ කුපාඩි මොල ගැන ඇයි යකෝ ඒක උස්සන වෙලාවේ වැඩ නොකරන අටමගලයක් ගෙනත් දැම්මනම් මොකෑ වෙන්නේ කොම්පිතරේ අයිති එකාට මේ තරම් දුකක් එන එකකුත් නෑනේ

    ReplyDelete
    Replies
    1. :D පුංචි පහේ මී හරක් රැලක්.

      Delete
    2. @ගැමියාගේ පත් ඉරුව
      ඇත්තමයි ඔය කියනකං ඕක ඔලුවට ආවෙ නෑ නෙව! අයියට ඉන්න තිබුනෙ අපේ සෙට් එක එක්ක.

      @නිකමා
      පුංචි පහේ කොහොම වෙතත් මී හරක් රැළක් තමා

      Delete

ඔබේ ප්‍රතිචාරය පුස්කොලපොතේ අලුත් පිටුවක උපතයි!

Related Posts Plugin for WordPress, Blogger...