2012/02/09

මෙව්වට හිනා යනවද බොල?



නිදි වරා අඩ රැයක් සිටියෙමි සිහින මවමින්             අවදියෙන්
නිදාගන්නට දෙන්නෙ නෑ නොවැ තරුණ සේවා      මතකයන්
                                     
                                                     හප්පේ ඉතින් කොටමි. යූත් එකේදි වෙච්ච පුන්චි පුන්චි සීන් වාගයක් කියන්නයි යන්නෙ. දවසක් මං පන්තියට වෙලා කරන්න වෙන වැඩක් නැති නිසාම හදන්න ගත්තා පුන්චි ලයිට් පත්තුවෙන සර්කිට් කෑල්ලක්. අර රොබෝ සර්කිට් එකය කියන්නේ. එල්.ඊ.ඩී ලයිට් දෙකක් මාරුවෙන් මාරුවට පත්තුවෙන මෙව්ව එක. ඔය වෙලාවේ  අපේ අනිත් අය හිටියේ එලියේ. මම මෙව්ව එක හදලා ටිකකින් ඔන්න අපේ සෑර් එනවා. ඇවිල්ලා මේසෙන් වාඩිවෙලා අහනවා
                   
                    "ආහ් මල්ටිවයිබ්‍රේටර් එකක්ද?"
                   
                    "නෑ සෑර් රොබෝ සර්කිට් එකක්!"
                                               
                                                     ඔය කෙලියෙ! ටිකකිනුයි මෑන් අහපු එක මට මීටර් වුනේ. මම හිනාව හිරකරගෙන එලියට ගිහින් කට්ටිය ගාවට වෙලා ඇතිවෙනකං හිනා වෙන්න ගත්තා. ඇයි බොල මල්ටිවයිබ්‍රේටර් යැ'යි බර වචනෙන් හදුන්නන්නේ රොබෝ සර්කිට් එකම නෙව!

                                                      තව දවසක් සුද්දගේ තීන්ත ඉවරවෙච්ච කාට්‍රිජ් එකද මොකද්ද කියන එක යූත් එකට ගෙනාවේ යන ගමං තීන්ත පුරෝ ගන්න.

                     "බොල බූරුවෝ! කඩේට දීල පුරෝන එක පාඩුයි. උං වතුර කලවං කරනවා. ගොං හරකෙක් නොවී තෝ ඕක පුරෝ ගනිං ඉන්ක් සෙට් එකක් අරං."

                                                      සී.ඩී අයියාත් බඩා අයියාත් ඉතා ආදරයෙන් ගුරුහරුකම් දෙනවා. ඒ ආදරණීය ආමන්ත්‍රණයන්ගෙන් කුල්මත් උනු පාර සුද්දා මෙහෙම අහනවා.

                      "ඉතිං උණහපුලුළු පැටවුනේ කොහොමද මේ පාට දාන්නේ මේකටයි කියලා හරියටම දැනගන්නේ?"

                      "ඇයි බං බලපිය ඕකේ ඒ ගැන වගක් නැද්ද කියලා."

                                                       දැං කට්ටියට අලි ප්‍රස්නේ. කස්ටියම දහ අතේ හැඟුම් පටලමින් මොලේ පතු ගාන අතරේ ඉටු දෙයියෝ පන්තියට වැඩම කරා.
                     
                        "අනේ බුදු සෑර් මේකට මොකද කරන්නේ?"

                                                      ප්‍රස්නේ දැන ගත් කල සෑර් විසඳුමක් දුන්නා.

                       "දැං බොල ඕකේ පාට තුනයිනේ තියෙන්නේ. ඉතින් ගනියවු ඇල්පෙනෙත්තක්. අරගෙන ඇතුලට ඇනලා ඒක ටිෂූ කොලේක උලලා බලාපියවු මෙතන තියෙන්නේ මොන පාටද? නැත්තං මොන පාට තියෙන්නේ එතන නැතුව මෙතනද කියලා"

                                                      ඕක කියලා සෑර් යන්න ගියා. අන්න බලන්න අපේ සෑර්ගෙ ටිකිරි මොලේ. මෙච්චර බුද්ධිමත්තු වෙච්ච අපේ එකෙක්ටවත් ආවද එහෙම අදහසක්? දැන් හරි! ගත්තා ඇල්පෙනෙත්තක්! ඇන්නා! උලලත් බැලුවා! ම්හු..... සේරම පාට එක වගේ නොවැ. ටිකකින් සෑර් ආපහු ආවා.

                        "මොකෑ, වැඩේ හරි ගියාද?"

                        "නෑ නෙව සෑර්"

                        "අයියෝ බොල. මෙහාට ගෙනෙන් බලන්න ඕක."

                                                     දැන් සෑර් කට්ටෙන් ඇන ඇන බලනවා. ඔහෙ නෑ තීන්ත වේලිලා වගේ. දැන් අලි ප්‍රස්නෙ ආපහු. දැන් සෑර් කාට්‍රිජ් එක උඩ අලවලා  තිබිච්ච ස්ටිකරේ අතේ තියං රෝල් කරනවා, ගුලි කරනවා, කරකනවා, අඹරනවා, මිරිකනවා, ඔය සේරම කරන ගමං ප්‍රස්නෙට තියන විසඳුම් අපිත් එක්ක සාකච්ඡා කරනවා. අන්තිමට මිනිහා කියනවා සුද්දට මෙහෙම.

                           "දැන් තමුසෙ මෙහෙම කරනවා. මේකත් අරං තීන්ත පුරෝන කඩේකට යනවා. ගිහිං එහෙම තැනකින් වැඩේ කරගන්නවා. දැන් ඉතින් වෙන කරන්න දෙයක් නෑනේ. මේකෙ උඩ තියන ස්ටිකරෙත් අලවං යනවා. කොහෙද ඒක? අහ්!"

                                                     මිනිහා අතේ තියන හැඩ රුව අදුරගන්න බැරි ස්ටිකරේ දිහා බලනකොට මට හිරකරගන්නවත් බැරි තරං ලොකු හිනාවක් ගියා. නවතගන්නම බැරි වුනු සඳ මම බඩාගෙ පිටිපස්සට ගිහින් ඇති වෙනකං හිනා වුනා. ඒකෙ ඒ තරං හිනා වෙන්න දෙයක් නැති වුනත් අද වුනත් ඒක මතක් උනාම හිනා යන්නෙ ඇයි කියල මටම තේරෙන් නෑ.
                                                     ඔය අව් අස්සේ ඕං මට මතක් උනා මං කොහේදෝ කියවපු විහිලු කතාවක්. ඇමති කෙනෙක් ගියාලු මන්ත්‍රී කෙනෙක්ව හම්බවෙන්න මිනිහගේ ගෙදරට. ගේට්ටුවට තට්ටු පාරක් දැම්මාම වැඩකාරියක් ආවලු.

ඇමති: මන්ත්‍රීතුමා ඉන්නවද?

වැ.කා.: පොඩි හාමුදුරුවො ගෙදර නෑ.

ඇමති: එහෙනං මන්ත්‍රීතුමාගෙ අම්ම ඉන්නවද?

වැ.කා.: ලොකු හාමුදුරුවො මාකට් ගියා.

ඇමති: ඒමද? එහෙනං ලොකු හාමුදුරුවොයි පොඩි හාමුදුරුවොයි ආවම කියන්නකො බුදුහාමුදුරුවො ඇවිත් ගියා                                                                                                
           කියල!



පින්තූරය ගත්තේ - මෙතනින්

3 comments:

  1. හි හි මෙව්වට හිනා නොයනවද බොල ඒක නෙමෙයි අර මන්ත්‍රි වලව්කාරයෙක් වෙන්නැති නේ.....

    ReplyDelete
  2. හිනා ගියා නං ලොකු දෙයක් නෙව? සමහරවිට වලව්කාරයෙක් වෙන්නත් පුලුවන්. තැන්කූ ඈ!

    ReplyDelete
  3. හි හි.....මටනම් හිනා ගියා බට්ටෝ....නීමයි නීමයි....

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය පුස්කොලපොතේ අලුත් පිටුවක උපතයි!

Related Posts Plugin for WordPress, Blogger...