2012/02/02

රුපියල් දහයට ගහගැනීම

                                 



                                      මේ සිද්ධිය උනේ 2010 අවුරුද්දෙදි. ඒ වෙනකොට බට්ටා O/L කරලා ඉවරවෙලා නිවාඩු කාලෙදි කෝස් කෑල්ලක් කරන්න කොහේදෝ තියන තරුණ සේවා මෙව්ව එකකට ගියා. අර ඉලෙක්ට්‍රොනික් ය කියන ජාතියේ කෝස් එකක් තමයි කරේ. බට්ටගෙ අසල්වැසියෙක් සහ හොඳම යාලුවා වුණු සුද්දත්(17) එක්ක සෙට් වෙලා,  එතෙන්ට ගිහින් ඇතුලත් වෙලා පන්තියට යනකොට එතන හිටියේ ඩිමොස්ටේටර්(ඩිමා)(21) විතරයි. ඌ අපිට කලින් අවුරුද්දෙ කෝස් එක කරලා, සර් නැති වෙලාවට අපිව බලා ගන්න හිටපු එකා.
                                     අපි පන්තියෙ වාඩිවෙලා ඉන්නකොට එකෙක් ආවා . ඌ මොකාද වගේ බලලා එළියට ගියා. ඌ තමා සී.ඩී(21)! ටිකකින් ආවා හොඳ මහත දෙහෙත ඇති දැක්කම දුවන්න හිතෙන ඩයල් එකක්. ඌ නිකං වත් හැරිල බලන්නැතුව එළියට ගියා. ඒ බඩා(20)! ඔහොම තව ටිකක් වාඩි වෙලා ඉන්නකොට තවත් එකෙක් ආවා. ඒ යකා අපේ දිහා බලලා ලස්සනට මූන පුරා  කුපාඩි හිනාවක් දාල යන්න ගියා. ඌට කියන්නෙ ගල්ෂෝටා(21)! ඔය වගේ එක එක ජාතියේ උන් 11 ක් හිටියා. මේ සිද්ධිය වෙච්ච කාලෙ වෙනකොට 11න් ඉතුරුවෙලා හිටියෙ ඔය උඩ කියපු තුන්දෙනා සහ සුද්දත් මමත් විතරයි.
                                       ඒ අතරිනුත් මට යූත් යන චාන්ස් එක මිස් වෙලා තිබුණා. මොකද A/L උලව්ව කරන්න මට තාවකාලිකව යූත් යෑම නවත්තන්න උණා.ඒ නිසාම මේ කේස් එක වෙනකොට බට්ටා යූත් එකේ නෑ. දැන් පසුබිම පැහැදිලි නිසා කතාව මෙහෙමයි!
                                       දවසක් අපේ කට්ටිය පන්තියට වෙලා පච කෙළ කෙළ හිටියා. ඔය අතරෙදි රු. දහයෙ කොළේක බාගයක් එකෙක්ට හම්බ උණා. ඒක හරියටම දෙකට නවාපු කොළයක් වගේම පෙනුණා. මේක දැකපු තව එකෙකුට බොහොම අපූරු ගොන් අයිඩියාවක් ආවා. මේක අනිත් උන්ටත් කිව්වාට පස්සේ සෙට් එක පන්තිය ඇතුලෙන් හීනි තඹ කම්බි රෝලක් හොයාගත්තා. මේකෙන් දිග කෑල්ලක් කඩාගෙන දහයේ කොළේ කොණක අමුණපු මුන් ටික දහය එළියෙන් තියලා තඹ කම්බිය දොර යටින් ඇතුළට ගත්තා.දැන් මොකෙක් හරි ඇවිත් අහුලනකං දොරේ වීදුරුවට මූණ තියාගෙන අපේ උන් බලං ඉන්නවා. ඔන්න පාලුව මකාගෙන එකෙක් ඈතින් එනව පේනවා. සර්ගෙ යාලුවෙක්. ඔපීසියෙ වැඩ කරන ඩයල් එකක්. උගේ ඇස් දෙක බිම තියන දහය දිහාට ගියා. ඒක අඳුර ගන්න ඇස් දෙකට පුලුවන් වෙච්ච ගමන් පහත් වෙච්ච ඩයල් එක අත ඒ දිහාට ගෙනියනකොට ම අපේ උන් කම්බිය ඇද්දා. අවුල මොකද්ද කියලා එකෙන් ම මීටර් වෙච්ච නිසා මිනිහා ෂේප් එකේ නැගිටලා ගියා. අපේ උන්ට ආතල් එක මදි වෙච්ච නිසා ඌව නෝන්ඩි කරන්න එළියට බැහැපු කට්ටිය ඌ යනකං බලං හිටියා.
                                        පළවෙනි චැප්ටරේ ඒ විදියට ඉවර උන නිසා සෙට් එක දෙවෙනි කොටසට ගියා. දැන් කලින් වගේම ඇතුලෙ ඉඳන් කට්ටිය බලං ඉන්නවා. ඔය අතරෙදි බඩා වගේ දෙකක් විතර මහත එකෙක් පන්තිය පැත්තට රෝල් වෙනවා. කව්ද යකෝ මේ? අප්පද බොල! පවර් ඉලෙක්ට්‍රිකල් එකේ සෑර් කාරයා. ඒ යකාගෙ ඇස් පෙනීමත් නරක නෑ. මෙන්න මූ දහය ගන්න පාත් වෙනවා! අපේ එවුන් මේ සැරේ කොළේ අතට ගන්නකං ඉඳල ඇද්දේ කම්බිය අතේ තියන එකාගෙ වැරැද්දක් නිසාද කොහෙද. කලින් එකාට වගේම  සෑර්ටත් තේරුණා අවුල. හැබැයි මිනිහ ගේම අත ඇරියෙ නෑ. බාග දහය හයියෙන් ඇදල ගත්ත මිනිහා ඒකත් සාක්කුවෙ දාගෙන යන්න ගියා.
                                        මේ අතර ගල්ෂෝටාගේ ක්‍රියාකාරකම් වලින් ධෛර්යමත් උනු අපේ උදවිය උගේ පස්සෙන් එළියට බැහැල කෑ ගහන්නයි හූ කියන්නයි පටං ගත්තා."ඒයි රුපියල් දහය දීල යනව. ලැජ්ජ නැද්ද හොරකං කරන්න. හු හූ........" කට්ටිය ආතල් එකේ කෑ ගහනකොට සද්දයක් දාපු සෑර් ඇතුලට ගියා. මේ කතාව මොකද්ද කියල නං මම දන්නෑ. හැබැයි මොකක් උනත් ඒ කියපු කතාවට මල පැන්නේ වලි හොයමින් ඉන්න අපේ චන්ඩියා ගල්ෂෝටට. උගේ වාස භවනය යූත් එක පිහිටි නගරයේ ම තිබුනු නිසා ඌට බය වෙන්න දෙයක් තිබුනෙ නෑ. ඌ කෑ ගහගෙන සෑර්ගෙ පන්තියට යනකොට ඌව තනි නොකල අපේ යහපත් යාලුවන් ඌත් එක්කම ගියා.ඒ අතරෙදි ඒකේ ඩිමෝල දෙන්න අපේ එවුන්ව අවුස්සමින් හිටියා. පන්තිය ඇතුලෙදි වෙච්ච උණුසුම් වචන හුවමාරුවකින් පස්සෙ වැඩි කලබල නැතුව අපේ උන් පන්තියට ඇවිල්ල තිබුණා.
                                       ඒත් එක්කම යූත් එක ඇරුණා. මේ වෙනකොටත් අපේ සිසුන්ගේ යහපත් කල්ක්‍රියාව ගැන ඔපීසියට පැමිණිලි ගිහින් තිබුණු අතර ම ගේට්ටුවෙන් පිටවන ඉලෙක්ට්‍රොනික් කාරයන් අල්ලගන්නට සික්කන් සික්කාවන් පෙළ ගැසී සිටියා. දැන් කට්ටිය ගේට්ටුව ගාව.

                       "ඕගොල්ලො ඉලෙක්ට්‍රොනික් එකේ නේද?" සික්කාවක් අහනවා.

                       ප්‍රෝඩාවට උපන් හපන් බඩා ඉස්සරහට එන්නේ මේ වෙලාවෙ.

                       "නෑ නෑ ඒ ගොල්ලො පිටිපස්සෙන් එනවා"

                                    කොහොමහරි මේ විදියට හැමෝම එදා යහතින් ගෙවල් වලට ගිහින් තිබුණා.

6 comments:

  1. පිටිපස්සෙ හිටිය එවුන් කෑවද පෝරියල්එක?
    වෙරිෆිකේෂන් අයින්කරමුද?

    ReplyDelete
  2. හපොයි නෑ! පිටිපස්සෙන් ආපු කාටවත් අවුලක් වුනේ නෑ. ඊලඟ දවසෙ අපේ උන්ට සර්ගෙන් වැඳලා සමාව ගන්න වුනා. අපේ පන්තියෙ සර්ගෙ පිහිටෙන් කේස් එක එතනින් ඉවර උනා. වැරිෆිකේෂන් අයින් කරන්න මම ට්‍රයි කරන්නං. බැරි උනොත් උදවුවක් ගන්න පුලුවන් නේ?

    ReplyDelete
  3. Design----->settings-->comments---->Show word verification for comments? වල no දෙන්න. එතකොට වැරිෆිකේෂන් අයින් වේවි.

    ReplyDelete
  4. එතන එහෙම එකක් නෑනේ අයියේ. මාර කේස් එක. මොකදෑ කරන්නේ?

    ReplyDelete
  5. මගේ යාළුවෙක්ට ඕක කරන්න ගිහින් මරු වැඩක් වුනා....ඌ රුපියල් 500 කොලයක් බිම දාලා ඒක ගන්න එකා ගාවට ගිහින් "බිම වැටුනු දෙයක් ගත්තාම හොයලා බාරදියන් බං " කියලා ඉල්ලලා නෝන්ඩි දදා හිටියා....අපිටත් මල මූ එක්ක එකට ඉන්න එවුන්ටනේ ගේම දෙන්නේ ඔහොම සීන් එක යද්දි කෙල්ලෙක් ඕක ඉස්සුවානේ මූ ගිහින් කෙල්ලව නෝන්ඩි කරන්න හැදුවාම කෙල්ල දිව්වා හිටු කියලා හි හි හෙන නඩුවක් කිව්වත් කෙල්ල කියනවා ගත්තේ නෑමලු....පස්සේ මූ අපිව සාක්කියට කැඳෙව්වා හිහ් අපිව නෝන්ඩි කලෙත් මූනේ අපි කිව්වා කෙල්ල ගන්නවා දැක්කේ නෑ කියලා.....

    පටන් ගැන්ම උපරිමයි දිගටම ලියමු අපි හැමදාම ඉන්නවා....බ්ලොගර් අළුත් කරල වෙන්නැති ඇත්තේ ඩිංගක් ගූගල් සර්ච් එකක් දාලා බලන්නකෝ...ජය වේවා

    ReplyDelete
    Replies
    1. හේ! ඒකත් මරු සීන් එකක් නේ. ඔබේ වචන මට ලොකු සතුටක්! මට වැරිෆිකේෂන් අයින් කරගන්න පුලුවන් උනා. නිව් ලුක් එකේ ඒ ඔප්ෂන් එක නෑ. ඕල්ඩ් ලුක් එකට ගියාමයි වැඩේ හරිගියේ. හැමෝටම තැන්කූ!

      Delete

ඔබේ ප්‍රතිචාරය පුස්කොලපොතේ අලුත් පිටුවක උපතයි!

Related Posts Plugin for WordPress, Blogger...