ඔන්න එක එකාලා... සමාවෙන්ඩ..!...එක එකීලා දත කඩා ගත්ත ෂීන් බ්ලොග් වල ලියන්ඩ පටං අරගෙන. ඇයි සමහර එවුන් මෝහිනීට ගල් ගහපු එවුවත් ලියනවා. ඇයි හත් දෙයියනේ! අපි ඔටුවොද? අපිටත් තිබුණ බබා කාලයක්! ඉතිං ඇහැකිද කට වහගෙන නිකං ඉන්න? ඕං අහගනිල්ලා!
මම 2 වසරෙ තූති කොලුවා කාලෙ මේ දැං ඉන්න ඇටි කෙහෙල් කාපු උගුඩුව වගේ නෙමෙයි. කොයි වෙලෙත් සෙල්ලමමයි. ඉන්ටර්වැල් එකක් හම්බුණාද ආයිත් ඉතිං හොයනව බොරු. ලේසියෙන් මේ කතාව කියවන උඹලට ඔය යනව වගේ ඈනුමක්වත් ගියේ නෑ. එච්චර ක්‍රියාසීලීයි. ඔන්න දවසක් ඉන්ටර්වැල් එකේදි අපි කස්ටිය පිට්ටනිය කෙළවරේ සෙට් වුණා. දැන් මොකදැයි කරන්නෙ. එකෙක් කියනවා "රේස් දුවමු"ලු. නරක නෑ ඉතිං වැඩේ. හැමෝම කැමති වුණා. දැං කොල්ලො දහයක් විතර පේලියට පිට්ටනිය දිගේ. එහා පැත්තෙ කෙරෝළට දුවල පිට්ටනියෙ බැම්මට අඩි දෙකක් පහලින් තියන පොළවට පැනල අඩි පහක් විතර එහායින් තියන බිත්තිය අල්ලන්ඩයි තියෙන්නෙ.
දැන් සේරම හරි! "ෂැරෂේ...න්! එළවේ......න්!! ය!!!" ඔන්න තූති එවුන් ටික ගේමට ගේම. මමත් ඇරියෙ නෑ. කෙළවරටත් ළං වුණා. තාමත් කට්ටිය එක ගොඩේ. දැං පයින්නයි තියෙන්නෙ. ඔන්න පැන්නා... සරා.....ස්! ඒ මොකද්ද බං ඒ සද්දෙ? වෙන මොකද්ද? උඹල ඔය හිතනව වගේම මාව ඇදගෙන වැටුණ. හිනාවෙන්න එපා බං!...... ඔන්න වැටුණ ඉතිං! හරියට වලිගෙං අල්ලල කරකෝල විසි කරපු ගැරඬිය වගේ. මාව නිකං තද නින්දෙදි හීනෙං බය වෙලා බූරු ඇඳෙන් පතබෑවිච්ච එකෙක් වගේ මන්ද මෝල් වෙලා ගියා. මොකද උනේ? හැඟීම් දැනීම් නෑ වගේ! මූණෙ පැත්තකුත් නෑ වගේ. බිම දිගේ අඩි තුනක් ඇදිල ගිහිපු එකට ප්‍රතිචාර විදියට එක කම්මුලක් සම්පූර්ණයෙන් ම ලෙලි ගිහිං. කස්ටිය සේරම බය වෙලා.
"මේ චාමරය තමා කකුල් මාට්ටුවක් දැම්මෙ" එකෙක් කියනවා. ඌ දැක්ක වගේ.
"පිස්සුද බං මං මුකුත් කරේ නෑ"
"නැත්තෙ මොකද? උඹ තමා මුගේ ලඟින් ආවෙ. මූ දැම්ම නේ බං කකුල් මාට්ටුවක්?"
මූ මගෙන් මගුලක් අහනවා. මට මේ දැනුයි තෙරුණේ මම වැටුන කියලත්. මම දන්නෑ කියන්න ඔලුව වැනුවා.
"මූ දැම්ම තමා" අරූ තාම කියනවා.
උන් ඕන රෙද්දක් කරගත්තුදෙන් කියලා මම තව දෙන්නෙක් එක්ක ගිහිං පිටිපස්සෙ ටැප් එකෙං මූණ හෝදගෙන පන්තියට ගියා. යනකොට අර අහිංසක මිනිහව ඇදගෙන මේ යක්කු ටීචර් ගාවට ගෙනිහිං. අම්මප මුං හොඳයි පොලීසියට. තුවාල වෙච්ච මං ගැනවත් බලන්නැතුව මුං නිකං හිටපු මිනිහෙක්ව මහේස්ත්‍රාත් උසාවියට කුදලං ගිහිල්ල. මට ඕව වැඩක් නෑ. මම හෝන්දු මාන්දු වෙලා ඉස්කෝලෙ ඇරෙනකං වාඩිවෙලා හිටියා. ඇරුණාම ටීචත් එක්ක ගිහිං වෑතර ඉස්පිරිතාලෙන් බෙහෙත් දාගෙන ගෙදර ගියා. ගෙදර ඉන්න කාලෙ මාව බලන්න අපේ සිරිමා ගංගොඩවිල ටීචයි, චාමරයගෙ අම්මයි තාත්තයි දෙන්නත් ආවා. උගේ අම්මයි තාත්තයි ඌව බය කරල කොයි වෙලේ හරි ගෙදරට පොලීසියෙං ඇවිත් අරගෙන යයි කියලා. මට වෙච්චි දේ හොඳයි වගේ!
ප.ලි. :-
මුල ඉඳල ම මාව දිරිමත් කරපු ගැමි අයියවත් අඩුපාඩුවක් දැකල බලා නොඉඳ ඒක පෙන්නල දීපු හරී අයියවත් මාත් එක්ක ඉන්න අනිත් හැමෝමත් මට අමතක නෑ හරිය!
පින්තූරය ගත්තේ: මෙතනින්
ගමේ ඉස්කෝලෙ ඉද්දි මම ටීචගෙන් ගුටි නොකාපු දවසක් නෑ. ප්‍රින්සිපල්ගෙනුත් ගුටිකාල තියෙනවා එමට.
ReplyDeleteඅන්න ඒකනේ බං අයියෙ කියන්නෙ. අපි නං හොඳ ළමයි නිසා ප්‍රාථමිකේදි ගුටි කාල තියෙන්නෙ අතේ ඇඟිලි ගානටත් අඩුවෙන්. :)
Deleteෂීකේ වැඩක් නෑ. දතක්වත් කඩා ගත්තේ නැද්ද. ඒකට අපි. :D
ReplyDeleteහිටුකෝ ඒකී මේකී කිව්වට මම රිටන් එක දෙන්න. ඕං මමත් ගහනවා බටු ගී වලට එරෙහි බට්ටි ගී තැටියක්ම.
ඒ වුණාට බට්ටි අක්කගෙ මූණ ලෙලි ගියෙ නෑ නෙව. මට මොකෝ! බට්ටි ගී තැටියක් බැරි නං ඕන මගුලක් ගහගනිං. :D
Deleteබට්ටයි, බට්ටියි. මරු ඩබල..
Deleteමාත් වැටුනනනේ බොල..... සිරාවටම අර ඩබල පොලිසියටම තමා හරියන්නේ...
ReplyDeleteඉතිං වැටුනනං ඒකත් ලියහං. තූති කාලෙ මතක් වෙන්නත් එක්ක. ඩබලක් නෙමෙයි බං. උං හෙන සෙට් එකක්. උන්ට ඉතිං හැකියාවට රැකියාව හම්බෙයි ලොකු වෙනකොට.
Deleteකෝ බලන්ඩ මූණ..
ReplyDeleteබොරු නොකිය පලයන් බං යන්න කාගෙන්හරි කාපු සෙරෙප්පු පාරක්ද කොහෙද?
--
හරී
http://dreamsofharee.blogspot.com/
--
ඇඩෝව්..හරියා. අපි කාගෙවත් සෙරෙප්පු පාරවල් කාල නෑ හරිය. ඔය ඉඳල හිටල සපත්තු පාරක් කෑවොත් මිසක්. ඇරත් මූණෙ පාරවල් හිටලත් නෑ.
Deleteපොඩි කාලේ ඉතින් ඕනි දේකට ටීචර් ගාවට දුවපු ගමන් නේ...
ReplyDeleteඒකනේ. චීච මෙයා ගැව්වා. :) තැංකූ මේ පැත්තේ ආවට.
Deleteඋඹ වැටුනා..චාමරයව අත්අඩංගුවට ගත්තා...මම හිතන්නෙ ගුටිකන්න ඇත්තෙ බතලයා, ඇඟපත හොඳට තියෙන හින්දා...
ReplyDeleteහික්..එක අතකින් කැකිල්ලෙ සීන් එකට වඩා එච්චර වෙනසක් නෑ තමා :)
Deleteඅහිංසකයෙක් උසාවි නග්ගන එක ඉතින් අපේ හැටියක්නේ.. ඇත්තටම වැටුනේ මොනවා වෙලයි.. ජම්ප් එක අප්සට් ගියාද?
ReplyDeleteවැටිච්ච විදිය හරියට ම මතක නෑ දිනේෂ් අයියේ. මං හිතන්නෙ කාගෙ හරි කකුලක් පැටලිලා තමා. හැබැයි හිතල කරපු දෙයක් වෙන්න බෑ.
Deleteමගෙත් තියෙනවා ඔය හා සමාන අත්දැකීමක්... පස්සෙ ලියන්නම්කො... මලය ඇත්තටම මොනා වෙලාද වැටුණේ?
ReplyDeleteහොඳා බලමුකො ඒකත් ලිව්වම. හැබයි ඕං ඌව හිරේ යවන්න මං කිසිම සප් එකක් දුන්නෑ. මටත් තේරෙන්නෑ මං ඇයි ඌ වැරදි නෑ කියල කිව්වෙ නැත්තෙ කියලා. එතකොට පුංචි එකා හින්දා හැමෝම මට ෂමාව දියල්ලා හොඳේ!
Deleteවැටිච්ච ඒවා නං මතක් වෙන් නෑ, ෆයිට් එකකදි එකෙක් මාව හපපු දත් පාරක් නං තාම තියෙනවා..
ReplyDeleteඅනේ ඉතිං මං ඔය පයිට් වලට නෑනේ. මම පුංචි එකා වෙච්චි කොට ඔව්වට ගිහිං ගුටිකනවට වඩා පැත්තකට වෙලා ඉන්න එක යෙහෙකි.
Deleteමම වලියක් දාගත්ත ගමන් දිව්වේ අම්මේ කියාගෙන......
ReplyDeleteදෙවි පිහිටෙන් මං මේ වෙනකං වලි දාගෙන නෑ. හරි සාමකාමී මනුස්සය. මං පව් නේ? :D
Deleteහි හි... පවු චාමරයා....
ReplyDeleteඅදමයි මේ පැත්තට ආවේ මතක විදියට... දිගටම ලියන්න සුබ පැතුම්... :D
පව් නෙවෙන්නං. හරි පව්. තැන්කූ ආවට වගේම කොමෙන්ටුවටත්.
Deleteමදැයි ඔයිං ගිහින් තියෙනවා...බට්ටි අක්ක වගේ දතක් කඩා ගන්නේ නැතුව...පව් වැඩේ,ටිචර්ගෙන් යාලුව ගුටි කෑවද??
ReplyDeleteහනේ...මාවත් මතක් කරලා...ස්තුතියි මලේ...
මේ පැත්තට එන්න මම පරක්කු වෙලා..ඔයාගේ බ්ලොග් ඒක මගේ බ්ලොග් එකේ අප්ඩේට් වෙලා තිබුනේ නැහැ මල්ලියො...නිකමට ආවාමයි දැක්කේ..නැත්නම් කලින්ම එනවා.. :(
ඒකා ගුටි කෑවද කියල නං මතකයක් නෑ.
ReplyDeleteමං ඒත් බැලුව මොකෝ තාම නැත්තේ කියල. අව්ලක් නෑ ඒක ඔයාගෙ වැරැද්දක් නෙමේනේ. තැංකූ අයියේ! :)
හි හි ඔහොම තමයි තුවාල උන කෙනා පැත්තක..වැඩි දෙනෙක් කැමති නඩු විසඳන්න :))) මූන හොඳටම හොඳ උනාද බට්ටගෙ?
ReplyDeleteඔව් ඔව් ඒක එච්චර කල් තිබ්බෙ නෑ. පොඩ්ඩයි තුවාල වුණේ. බෝම තැංකූ ආවට මෙහේ.
Deleteචාමර ඒ දවස් ටිකේ හොඳටම බයවෙලා ඉන්න ඇත්තේ. පව් වැඩේ ;)
ReplyDeleteහ්ම්..හ්ම්..... අනිවා එහෙම වෙන්නැති. දැං ටිකක් කල් නිසා මට ඒ හැටි මතකයක් නං නෑ. බෝම ස්තූතියි කොමෙන්ටුවට.
Delete:O මට සැහෙන්න බොලොග් පොස්ට් තොගයක් මිස් වෙලානේ අප්පා..කමක් නෑ..පරක්කුවෙලා හරි ආවනේ මේ පැත්තේ...පව් වැඩේ අර අහිංසක චාමර...අපොඕ මුනේ ලෙලි ගිහි විතරනේ...:P මම හිතුවා සැහෙන්න ලොකු දෙයක් වෙලා කියලා....මොනවා උනත් ලස්සන ලියල තියනවා මලේ...පොඩි කලේ දාග කරනේ නැතුව කොඉ කලේ කොරන්නද නේද අප්පා...:D
ReplyDeleteඔය කිව්වට චාමරය අහිංසකම නෑ හැබැයි. මමනේ දන්නෙ උගේ හැටි. පොඩි කාලේ තමා දඟකරන්න ඕනෙ. ඒකනෙ අපි එහෙම කරේ. :D
Deleteඔන්න බට්ටෝ මං පුස්කොල පොතේ කුරුටුගාන පලවෙනි කමෙන්ටුව.
ReplyDelete"මූ මගෙන් මගුලක් අහනවා. මට මේ දැනුයි තේරුනේ මම වැටුන කියලත්. "
මට නම් මේක කියවනකොට "බකස්" ගාල හිනාවක් ගියා. බට්ටා ලියන විදිහ කියවන්න ආස හිතෙනවා. දිගටම ලියමු. අපිත් හැමදාම මේ පැත්තේ දැන් කරක් ගහනවලු ඕන් .
හරිලු ඕන්. බොහොම ස්තූතියි. ලොකු අගය කිරීමක්. බලමු දිගටම හොඳට ලියන්න පුලුවන් වෙයිද කියල. ගිය සැරෙ නං ටිකක් අසාර්ථකයි.
Deleteබලන් යද්දි ගැමීගෙ ගෝලයො ගොඩක් ඉන්නවනෙ දැන්.. :))
ReplyDeleteඒකත් ඇත්ත මම දන්න අයම හතර පස් දෙනෙක්. වාසනාව තමා අපි වගේ මල්ලිල සෙට් එකක් ලැබෙන්න. :) බොහොම ස්තූතියි ආවට මේ පැත්තෙ, කොමෙන්ටුවටත් එක්ක
Deleteබට්ටව නිතර දෙවේලේ දකිනවා අනිත් බ්ලොග් වල. අද තමයි පුස්කොලපොත බලන්න ආවේ. නියමයි. ඉතුරු පෝස්ට් ටිකත් බලන්නම් ඉඩක් ලැබුනම.
ReplyDeleteඔව්, මගේ වැඩිපුර කැමැත්ත ඉතිං කොමෙන්ට් කරන්න තමා. බොහොම ස්තූතියි මෙහේ ආවට. උඩ ඉන්න කට්ටියගෙ බ්ලොග් වලටත් ගිහිං ඒ පැත්තටත් එන්නං මං.
Deleteමාත් මේ පැත්තෙ ආව පලවෙනි වතාව. නියම කතාව :) දිගටම එනවා අද ඉදන්
ReplyDeleteබොහොම ස්තූතියි! පිලිගන්නවා සාදරෙන්..
Deleteබට්ටා මලයා උඹේ බ්ලොගය සෙට් උනේ ඊයේ ...... ආයේ මේ පැත්තේ එන්නම්කෝ
ReplyDeleteඅවුලක් නෑ අයියා පරක්කුවක් නෑ.... හොඳයි ආපහු එන්න. බොහොම ස්තූතියි...!
Deleteඔන්න මමත් කඩන් පාත් උනා.. කොහෙද එන දවසෙම මූ වැටිලනෙ.. :-)
ReplyDeleteදිගටම ලියපන් මලයෝ අපි කියවන්නම්..
අපි ඉතින් වැටෙන එකමනෙ වැඩේ සෙන්නයියා... බොහොම ස්තූතියි ඇවිත් කොමෙන්ට් එකක් දැම්මට.
Delete