2014/03/05

මැදින් දෙකඩ කෙරුවත් හද එයත් මදී ( ඕං ලිව්වා :D )





සිසිල් සුළං තුරු අතරින් හමා ඇදී
සුසුම් පවන් දෙන සිතුවම් හිතේ අඳී
සුනිල් නුවන් මුදු කෙහෙරැල් මතක රැඳී
සෙමින් සෙමින් උණු කඳුළැල් නෙතින් අදී


නොයෙක් රිදුම් දෙන හැඟුමන් කවෙන් සැදී
උලක් වෙමින් අනිමින් හද රිදුම් දිදී
ගොයෙක් සිහින් හඬ නඟමින් වනෙන් ඇදී
සියක් සුසුම් දෙන හැඟුමන් නො දෙන් යදී


සොවින් බරව ඇදෙමින් රන් රුවන් නදී
නදින් නපුරු විලසින් විත් සවන් වදී
රුවින් රුවට මතුවෙයි රුව නුවන් රිදී
මැදින් දෙකඩ කෙරුවත් හද එයත් මදී


නැඟෙයි කඳුත් තුරු මුදුනින් සෙවන හෙලා
නඟයි සියොත් කැල සෝ ගී සවන පෙලා
හෙලයි රිවිත් සිය කැලුමන් අවර බලා
දුරයි හෙටත් යන්නෙමි මම තනිය හෙලා



ඔන්න ලිව්වා :D
කීප දෙනෙක්ම වද කරා.. ඉතිං දවස් දෙක තුනක් තිස්සෙ දඟලල කොහොම හරි ලියාගත්ත.. හැමදාම ලියන වචන ටිකයි පරණ ආකෘතියයි ම තමා.. එහෙම හරි ලිව්වා මදැයි අවුරුද්දකින් :P
ලබන අවුරුද්ද දිහාත් මතක් කරවන්න ඕනැ එහෙනං.. මේක ඔබ තමුන්නාන්සේලගෙ බ්ලොග් එක නෙව.. :3

පින්තූරය ගත්තේ : මෙතනින්

17 comments:

  1. අප්පට සිරි මේ අවුරුද්දකින් කොටාපු එකක්ද.. ජය වේවා

    ReplyDelete
    Replies
    1. යෑස්.. අවුරුද්දකට බොහොම කිට්ටුයි

      Delete
  2. දැං බොලා මේක ලියල ආයෙ අතුරුදං උනොත් එහෙම උඹේ මොනව මොනව දෙකඩ වෙයිද දන්නෑ. ඒ හින්ද දිගටම ලියහං මල්ලි.

    ReplyDelete
    Replies
    1. දෙකඩ වෙනවට බයේද මන්ද අන්න තව එකක් ලියවුණා :D

      Delete
  3. මදෑ අවුරුද්දට එකක් ලිව්වාම නේද බට්ටා

    ReplyDelete
    Replies
    1. අනිවා.. කොහෙද මුන්ට ඒක තේරෙන්නෙ නෑනේ

      Delete
  4. අර දෙකක් දාගෙනම ලිවුවා කිවුවේ මේකද? හොදා හොදා, මුංට මතක් කරන්නම ඕන ලියවෙන්න.. දැන් වත් ලියහං..

    ReplyDelete
    Replies
    1. හහ් හා.. දෙකක් දාගන්න කලින් ලියවුණා.. :v

      Delete
  5. :O හම්මේ..... මරු බන්...

    කෝ ඉලංග එක ඉලංග සතියේ... ඔන්න බලාන් ^_^

    ReplyDelete
    Replies
    1. උඹ කවද්ද මට හොරෙන් Boot කෑවේ.... (කවිය පට්ටය එත් නොතේරේ... )

      Delete
    2. සතියෙන් නැතුවට මාසෙකින් විතර එකක් දැම්මා අන්න.. බූට් කෑව නං මෙහෙම නැතුව හොඳට ලියවෙනවා බං :/

      Delete
  6. // ඔබේ ප්‍රතිචාරය පුස්කොලපොතේ අලුත් පිටුවක උපතයි! // ඔන්න ඒනම් අළුත් පිටුවක් ඉපදියං කියලා මාත් කමෙන්ට් කලා :D

    ReplyDelete
    Replies
    1. අන්න අලුත් පිටුවක් ඉපදුණා.. :v

      Delete
  7. අප්පේ බට්ට මලයා ලියලා තියෙන්නෙ අවුරුද්දකින් විතර.. ඕන් මං නම් බනින්නෙ නෑ.. මාත් එහෙමයි නේ..

    ReplyDelete
    Replies
    1. එහ්.. ලියන්නයි කිව්වේ සතියට එක ගානේ මැරුං නොකා :3

      Delete
  8. බ්ලොග් වලින් ටිකක් ඈත් වෙලා ඉදියත් උබ අවුරුද්දකින් දාපු එක නොබල කෝමද. :)
    හරිම ලස්සනයි මචං :)

    ReplyDelete
    Replies
    1. මාත් බ්ලොග්වලින් සෑහෙන ඈත ඉන්නේ දැ.. සෑහෙන කලාතුරකින් එවෙන්නේ :/

      Delete

ඔබේ ප්‍රතිචාරය පුස්කොලපොතේ අලුත් පිටුවක උපතයි!

Related Posts Plugin for WordPress, Blogger...