2013/01/30

පින්තූර අස්සට වීඩියෝ සමග ගීතයෙන් ගීතය.. (2013 ගෙට්ටුව)

        27 වෙනිද මොකද වුණේ කියල මම අමුතුවෙන් කියන්න ඕනෙ නෑනේ.. ඔය ආපු ගිහිපු උදවිය කියල තිබුණේ මදි නොකියන්න.. අතිශයෝක්ති, මඩ, රස, ගුණ වැණුම්, අපබ්‍රංස, මතක ආවර්ජනා, තරඟ, හොර වැඩ වගේ හැමදෙයක් ගැනම.. නොකියපු දෙයක් හොයාගන්නත් අමාරුයි..
……
……        ඒ පෝස්ට් දාපු හැමෝම වගේම මමත් ඒ දවස රස වින්දා.. හරිම ලස්සන දවසක්.. මීට වඩා ක්‍රියාකාරී බ්ලොග්කරුවෙක් වුණා නම් ඊටත් වඩා රස විඳින්න තිබුණා කියලත් හිතුණා..  කොහොම වුණත් අක්‍රීය බ්ලොගරුවන්ගේ සංගමයේ අධි ක්‍රියාකාරී සාමාජිකයෙක් විදියට වුණත් අඩුවක් දැනෙන්න ඉඩ තිබ්බෙ නං නෑ ඒ අපූරු යාලු මිත්‍රයො ටික.. ඒ වගේ සුහද මිනිස්සු ගොඩක් එක සැරේම හම්බවෙන්න තරං පිං කරලා තිබුණලු අපිත්..
……ප්‍රධාන සංවිධායකවරු තුන් දෙනා වෙච්ච සිරා, සෑමා, අටමා කියන සහෝදරවරුත් ප්‍රාදේශීය පිරිස් සංවිධායකවරුන් වෙච්ච ප්‍රදීප් අයියා ඇතුළු අනික් අයත් වගකීමෙන් මහන්සිවෙලා තමා දවසේ කටයුතු පිලිවෙලට පෙලගස්සල තිබුණෙ.. උදේම ඇහුණ කනගාටුදායක ආරංචියකුත් මතක් කරන්න ඕනෙ.. වැස්සත් එක්ක හදිස්සියෙ ආපු ගංවතුරෙන් පාරවල් වැහුණ නිසා සඳරු අයියත් එක්ක ඒ පැත්තෙන් එන්න හිටපු උදවියට ගෙට් එකට එකතු වෙන්න බැරි වුණා..

මෙන්න මේ කාරණාව ටිකක් සැක සහිතයි.. දමිත් අයිය කියනව මෙහෙම කතාවක්..
//


අඩෝ Batta..........

දේවා ගේට්ටුවට අවා බන්,කුලියාපිටිය,කුරුණෑගල පැත්තෙන් එන්න හිටපු එවුනුත් අවා.

මම ඇහුවත් එක්ක දේවා අයියගෙන් ඒ පැත්ත යට වෙලාද කියල,උබනේ මටත් ඔය නිවුස් එක කිව්වේ.

එහෙම අවුලක් ගිහින් නෑ බං .ඇයි බං අර ජාල කරාමේ ලගදි ප්‍රදීප් අයියත් එක්ක දේවා අයියාවත් හම්බ උනේ...

උබ ගුලි කාලද හිටියේ....// කාරණාව පැටලිලි සහගතයි.. දන්න කෙනෙක් ඉන්නවනං පැහැදිලි කරන්න.. නැත්තං හැමෝම නොදැක්ක වගේ ඉන්න.. :P
     
             මම නොදන්නවට මේකට මහන්සි වෙච්ච තව ගොඩක් අය ඇති.. ඒ අතරින් ගෙට්ටුවට යන්න කලින් ගේට්ටුව ලඟ හිටගෙන ගෙට්ටුවට ආපු අය වෙනුවෙන් ටිකට් විකුණපු සමියයි, කම්මලයිත් මතක් කරන්න ඕනෙ..
……
……              කොහොමෙන් කොහොම හරි පටං ගනිද්දි හිටපු ලොකු පිරිසෙන් ගොඩ දෙනෙක් හවස් වෙද්දි අඩු වෙලා හිටිය.. ඒ උදවියට මගේ සාතිශය සංවේගය ප්‍රකාශ කරන්න වෙනව.. මොකෝ ඒ අපූරු දවසෙ අපූරුම කොටස තිබුණෙ හවස් වරුවෙ.. හොඳ හොඳ සෙල්ලං එළිවෙන ජාමෙට කියන්නෙ නිකංයැ..
……
……            ඉතිං වෙච්ච දේවල්, කරපු දේවල් ගැන ගොඩක් බ්ලොග් වලින් කියවපු නිසා දැන් කට්ටිය ලෑස්ති වෙන්න ඒ හවස් වරුවෙ තිබුණ අන්තිම තරඟෙන් කොටසක් ශ්‍රව්‍ය දෘෂ්‍ය ආකාරයට රස විඳින්න.. මේ වීඩියෝ එකේ තත්වෙ බාල කරන්න සිද්ධ වුණා මට, මගේ නෙට් ස්පීඩ් එක ගොඩක් වැඩි හින්ද යූ ටියුබ් එකේ බටේ කඩාගෙන ගියොත් එහෙම කියල.. එහෙම කරලත් පස් හය පාරක්ම උත්සහ කරල, මේක තමා අන්තිම සැරේ කියලත් දෙපාරක් තුන්පාරක්ම උත්සාහ කරල තමා "ට්‍රයි ඇන්ඩ් ට්‍රයි වන් ඩේ යූ කැන් වීඩීයෝ එක අප්ලෝඩ් කරන්න" කියන නියමයට අනුව වැඩේ ඉවර කරගත්තෙ.. එහෙනං ඕං අල්පේච්ඡ බ්ලොග් කාරයො විදියට ලද දෙයින් සතුටු වෙයල්ලා.. එහෙම බැරිනං මගේ දුප්පත් 2MP මොබයිල් කැම් එක වගේ නැති සෝනි සයිබර්ෂොට් කම්පැක්ට් කැමරාවකින් මේ සිද්ධිය මට වඩා හොඳට වීඩියෝ කරපු 'උගේ හද ගැස්ම' ලියන දමිත් ශ්‍රියන්ත අයියට වැඳල හරි උසස් තත්ත්වයේ වීඩියෝ එකක් අප්ලෝඩ් කරවගෙන ඒක බලපියව්.. :D








            අවසාන වශයෙන්, සංවිධායක වරුන්ටත්, ගෙට් එකට ආපු හැමෝටමත්, එන්න ඇඟිලි ගැන ගැන ඉඳල  සාධාරණ හේතු නිසා එන්න බැරි වුණු අයටත්, හෙට කොහොමහරි යනවමයි කියල හිතාගෙන ඉඳල උදේ නැගිටින්න කම්මැලි හිතිල ගෙදර හිටපු උදවියටත්, යන්දෝ නොයන්දෝ කියලා හිතාගන්න බැරුව හිටිය අයටත්, "අනේ අපි නං යයි ඔය කෙහෙල්මල් වලට" කියල හිතාගෙන ගෙවල්වල හිටපු අයටත්, ඔය සේරම ගැන කියපු එකේ ඔන්නොහෙ මටත් බොහෝම බොහෝම ඉස්තූතියි.. ^_^

යේ යේ.. පෝස්ට් එකක් දැම්මෝ.. හුරේ.. හූ සිතුමෝ.. ඇද්ද තොට... ඔ.. අ.. :O අඩේ සොරි මචංලා... ප්‍රසිද්ධ වේදිකාව නේද.. අමතක වුණා.. :/


44 comments:

  1. වීඩියෝ එක නියමයි... :D

    ReplyDelete
    Replies
    1. නියමයි නේන්නං.. මාත් දෙතුන් පාරක්ම බැලුවා.. බොහොම ස්තූතී..

      Delete
  2. අඩේ බට්ටත් ලියල. සුබපැතුම් මල්ලි. ජය....!

    ReplyDelete
    Replies
    1. මම ලියන්න නෙමේ හිටියේ.. නිකංම වීඩියෝ එක දාන්න බැරි හින්ද වචන ටිකක් ලිව්ව.. ඉස්තූති වේවා අයියටත්..!!

      Delete
  3. මේකටද කොල්ලො මරාගෙන මැරෙන්න හැදුවෙ. :D

    වැඩේනං නියමෙට කෙරිල තියෙනවග කට්ටියගෙ පෝස්ට් වලිං පේනව. කොහෙද ඉතිං මට එන්න බැරි උනානෙ.
    ඊගාව එකේදිවත් සෙට්වෙමු මලේ.

    ReplyDelete
    Replies
    1. මේකට නං නෙමේ.. මේක වීඩියෝ එකේ පාලුවට ලියපු වචන ටිකක්නෙ..
      …ආයිත් අහලා.. සුපිරියටම තිබුණා.. අනිවා අප්‍රේල් වලදි සෙට් වෙමු කොහොමහරි.. ස්තූතී කොමෙන්ටුවට..

      Delete
  4. උඹ මේක ‍කිව්වේ මටද??

    // හෙට කොහොමහරි යනවමයි කියල හිතාගෙන ඉඳල උදේ නැගිටින්න කම්මැලි හිතිල ගෙදර හිටපු උදවියටත්//

    දුකයි බං

    ReplyDelete
    Replies
    1. ඈ.. මේ කොහෙ තියන තොප්පියක් දාගෙනද මූ.. උඹ ආවෙ නැති හේතුව ඒක කියල මම හිතාගෙන හිටියට දැන් දන්නවනේ නොවැලැක්විය හැකි වෙන හේතුවක් නිසයි එන්න බැරි වුණේ කියල.. දුක් වුණාට කමක් නෑ ඊළඟ එකට වර.. :D
      …බොහොම ඉස්තූතී..

      Delete
    2. උඹ‍මනේ මට මැසේජ් එකක් එවලා කිව්වේ ඔය කතාව.... ආයේ පාරක් මේකේ රිවිෂන් එකක් තියමුද???

      Delete
    3. මැසේජ් එක එව්වේ ඊයෙ නෙ බොල.. ඒ මේ පෝස්ට් එක ලියන්න කලින්.. මේක ලියනකොට මම දැනගෙන හිටියා උඹ ආවෙ නැති හේතුව නින්ද ගිය එක නෙමේ වෙන මොකක් හරි එකක් කියලා..

      …රිවිෂන්? නැත්තං අර මගේ කාල යන්තරේ රෙපෙයාර් කරගමුද විංකලේකට දීලා..??

      Delete
  5. අඩෝ බට්ටෝ දේවා ගේට්ටුවට අවා බන්,කුලියාපිටිය,කුරුණෑගල පැත්තෙන් එන්න හිටපු එවුනුත් අවා.
    මම ඇහුවත් එක්ක දේවා අයියගෙන් ඒ පැත්ත යට වෙලාද කියල,උබනේ මටත් ඔය නිවුස් එක කිව්වේ.

    එහෙම අවුලක් ගිහින් නෑ බං .ඇයි බං අර ජාල කරාමේ ලගදි ප්‍රදීප් අයියත් එක්ක දේවා අයියාවත් හම්බ උනේ...

    උබ ගුලි කාලද හිටියේ....

    වීඩියෝ ටික හෙට අනිද්දට අප්ලෝඩ් කරන්නම්.පසු ගෙවුමෙන් පෙර ගෙවුමට නැවත මාරු උනාට පස්සේ වැඩේ අමාරුයි බං....
    උබලව හමු වීම නම් මාරම මාර සතුටක් බං...ආයිත් සෙට් වෙමු....

    පොඩ්ඩක් මේ රස්නේ යනකම් ඉන්නෙ මම අර වීඩියෝ ටිකත් එක්ක පොස්ටුවක් දාන්න.....

    ජයම වේවා !!! ආදලෙයි අහස තරම් !!!


    ReplyDelete
    Replies
    1. ඒ කියන්නෙ කට්ටිය එකතුවෙලා මේ පොඩි එකාට ගුලිත් කැවුවද? :P

      Delete
    2. පාඨකයිනි, මේකා වලිගය පාගගෙන බව කරුණාවෙන් සලකන්න.. මම සඳරු කිව්වෙ බොල හිස් අහස ලියන එකාට.. දේවා අයිය දැන් සඳරු කියන නම පාවිච්චි කරන්නෙ නෑ..
      …වීඩියෝ එනකං හැමෝම බලාගෙන ඉන්නවලු.. ඉක්මං කරන තරමට හොඳයි..
      …කට්ටිය හම්බවෙලා කතා කරන්න ලැබුණට මටත් මාර සතුටුයි.. ජය ජය.. අපිත් ආදරෙයි :*
      …:D

      Delete
    3. යප් යප්.. කැව්වා.. අග්ගලා ගුලි :D

      Delete
  6. අප්පේ..කොහොමද අපේ වොයිස් ටික! කඳුළු එනවා ඔයි අහලා!!

    ReplyDelete
    Replies
    1. නැත්තං.. මාත් ඇඬුවා කොට්ට බදාගෙන මේස පුටු පෙරලගෙන වීදුරු බිඳගෙන.. :D
      …සිරාවට මරු අප්පා ඒ ටික.. කට්ටිය ඇඬෙන්න හිනා වුණා.. ගොඩක් ඉස්තූතී අවටයි කොමෙන්ට් එකටයි..

      Delete
  7. අප්පෙ හොඳ හොඳ සෙල්ලම් ටිකක් තිබිල තියනවනේ . කට්ටිය හොඳට විනෝද වෙලා තියන බව පේනව . වීඩියෝ එක මරු .

    ReplyDelete
    Replies
    1. සෙල්ලං වල හොඳ ටික නං ටික දෙනෙක් මිස් කරගත්තා.. කොහොමද නිකං සෑම් අයියගෙ සුපිරි ප්‍රාසාංගික ගායනේ? :D
      …ගොඩක් ඉස්තූතියි අක්කෙ..

      Delete
  8. awul sahagathai bn..

    Ethakota His ahasa liyana Sadaru Kuliyaa pitiyeda???

    Ehema nemeine nda..

    Etakota unta sirawatama gan wathurada??? Kuliyaapitiyata ese natha..

    Devaa aiyaata mehema seen ekak wi natha..

    Ethakota ara ude Pradeep aiyata call karala,gan wathura kiwwe,His ahase Sadaruda??

    Ethakota sammana labii blog himikaruwek wana Sadaru aiya maasa ganakin blog eke liyala naththe moko ??

    Uta mak welada??

    Hayiyoo salli.. :D

    ReplyDelete
    Replies
    1. ඕව හොයන්න ගියොත් පිස්සු හැදෙයි.. ඕං ඔහෙ ඉම්මු :D

      Delete
  9. ඉහි ඉහි ඇයි ඕයි මං අර සිංදුව කිවුවේ...
    ඇඩෙනවානේ ඇස් දෙකිංම....

    ReplyDelete
    Replies
    1. හකස්.. කලින් කෝල් එකක් දීල ඇහුවනං මම කියනවනේ ඒක කියපු එකක් කියලා :D
      ඉස්තූතී..

      Delete

  10. හැක හැක හැක , අඩෝ මෙන්න වටිනා ඒවා .. තැන්කු වෙන් ඕනේ :D

    ReplyDelete
    Replies
    1. කැමරාව අල්ලන වෙලාවෙ මටවත් හිතුණෙ නෑ මේක මෙච්චර වටී කියල.. ස්තූතී :)

      Delete
  11. බට්ටා මලේ එළ කිරි ආහ්...ආයෙත් මතකය අලුත් වුනා විඩියෝවෙන්...

    ReplyDelete
    Replies
    1. එළකිරිස් එළකිරිස්.. :D
      අමතක නොවෙන මතක.. ස්තූතියි..

      Delete
  12. පුංචි කරාට වීඩියෝ එක හොඳට තියෙනව ...
    ස්තූතියි කොල්ලො ...

    ReplyDelete
    Replies
    1. ඒ වුණාට ඔරිජිනල් එක මීට වඩා ටිකක් පැහැදිලී බං.. කොහොමහරි පේනවනං කමක් නෑ හොඳට :D
      ස්තූතී ඕං..

      Delete
  13. සැමා කොල්ලාට එන්ට කියාපිය මේවට උත්තර දෙන්ට කියාපිය

    ReplyDelete
    Replies
    1. හා හා.. කෑ ගහන්ට එපා බං.. ඕං ඇවිල්ලා.. හකාස්.. ස්තූතියි

      Delete
  14. අඩේ.. උබෙ කැම් එකේ වීඩියෝ කෙසේ වෙතත් ඕඩියෝ අවුල් වගේ.. මම මීට වඩා සුමුධුරව කිව්වා නේද බං??

    ස්තුති අපිත් එක්ක සතුට බෙදාගත්ත හැමෝටම. එදා මට චියර් කරපු හැමෝටමත්, ස්තුති :)

    සුන්දර හදවත්, සුන්දර හඩවල්, සුන්දර පුද්ගලයන් පිරුණු බ්ලොග් ලෝකෙ පට්ට සිරා බට්ටා !

    ReplyDelete
    Replies
    1. මුකක්? මේ තියෙන්නෙ එතන කිව්වටත් වඩා සුමදුර විදියට.. තමන්ගෙ කටහඬ රෙකෝඩ් කරාට පස්සෙ තමන්ට ඇහෙන්නෙ අවුල් විදියට තමා.. අනිත් එවුන්ට එහෙම නෑ ඒ වුණාට..

      …අනිවා එහෙම තමා.. ඒකනෙ අපිත් ආවේ, ආපහු එන්නේ.. :D
      ස්තූතී...

      Delete
  15. අපරාදෙ ඒන්න බැරි වුනෙ....

    ReplyDelete
    Replies
    1. මට කොහොමද මේ කොමෙන්ට් එක මිස් වුණේ?
      බොරු නො කියා හිටු! උඹ මේකට පස්සෙ එකකටවත් ආවයැ -_-

      Delete
  16. අඩේ පට්ටයි ඈ වීඩියෝ එක.... මට හිනා කාලා පණ ගියා....හික්ස්....
    සෑම් බොක්කෙන්ම සිංදු කියනවනේ..... දුකේ බෑ අප්පා... මාර ටැලන්ට් එකක්..... :D

    ReplyDelete
    Replies
    1. එහෙම තමා හැඟීමෙන් කියනකොට.. නැත්තං අනිත් අයට ෆීල් වෙනව අඩුයිනෙ.. ඒකයි ඒ.. ගොඩක් ඉස්තූතී.. :D

      Delete
  17. අනිත් අයගෙ පෝස්ට්ස් වලින් පින්තූර ටික බැලුවට ගෙට්ටුවෙ වීඩියෝ එකක් දැක්කෙ දැන් තමයි...කට්ටිය සෑහෙන්න විනෝද වෙලා වගේ :) ඇයි මල්ලි දැන් වැඩිය බ්ලොග් එක ලියන්නෙ නැත්තෙ???

    ReplyDelete
    Replies
    1. ඒකනෙ.. මෙහෙටම එන්න ඕනෙ ඔව්ව බලන්න.. විනෝද වුණා නේන්නං :D
      //ඇයි මල්ලි දැන් වැඩිය බ්ලොග් එක ලියන්නෙ නැත්තෙ???// ඔය ප්‍රශ්නෙ මම මගෙන්ම අහගන්න එකක්.. උත්තර දන්නෙ නෑ.. :/
      …ස්තූතියි ආවට.. :)

      Delete
  18. සැක් ඊරිසියාවේ බෑ

    ReplyDelete
    Replies
    1. දියුණු වෙයල්ලා.. ඉරිසියාව අත ඇරපල්ලා.. ඊලඟ එකටවත් වරෙල්ලා.. ඇයි යකෝ.. :/
      …ඉස්තූතියි ඈ.. :D

      Delete
  19. ආයෙත් ලියමු....

    (දැන් තමයි ඩයලොග් බැරියල් එක ඇරියෙ)

    ReplyDelete
    Replies
    1. ලියමු ලියමු.. තව අවුරුද්දකින් විතර.. :/
      …ඩයලොග් කේස් එක දැන් හරිද කොහෙද නේද...? බොහොම ස්තූතියි කොමෙන්ට් එකටයි, අපිට දැන අඳුරගන්න ගෙට්ටුවට ආවටයි :D

      Delete
  20. නියමයි ඕයි.....අවංකෙම්ම......තාම බඩ රිදෙනවා හිනා වෙලා.....මමත් ආවා.. ඒත් එන්න ටිකක් පරක්කු උනා...අපි එනකොට 10 විතර උනානේ....සුපිරි ගායක ගායිකාවොනේ ඉන්නේ ..!

    ReplyDelete
    Replies
    1. අපේ ගෙදර කට්ටියත් හිනා කකා තමා බැලුවෙ මේක.. උඹව අඳුරගන්න බැරිවුණානේ.. අපිත් 10ට තමා ආවෙ.. O.o

      Delete

ඔබේ ප්‍රතිචාරය පුස්කොලපොතේ අලුත් පිටුවක උපතයි!

Related Posts Plugin for WordPress, Blogger...