2012/07/08

කඳුලු බින්දුව.... හූ..

හිතේ දුක වනසන්න
එක කඳුලු බිඳුවකට
හැකි උනත් එන්නෙපා
ඇස් අගට

අඩු වුනත් දුක හිතේ
සුව දැනෙන මුත් නෙතේ
කොට්ට උර හෝදන්න
කවුරුවත් මට නැතේ

මල මගුලයි.. අම්ම එනව :o

ෆේස්බුක් එකේ හිඳ
විබාගෙට කෙල වෙතේ
කොට්ට උර හෝදන්න
ගෙදර වැඩ කරගන්න
හොඳ වදක බාරියක්
තොට හම්බවෙයි පුතේ

:-/
ඇහිල නේද..........
(හයියෙන්)පොත් අපේ නෙත් වගේ

46 comments:

  1. ඔය තියෙන්නේ සේරම දේවල් හරිම කෙටියෙන් ලියලා....

    //හොඳ වදක බාරියක්
    තොට හම්බවෙයි පුතේ//

    මේ ටික ලියද්දි අතවත් වෙව්ලුවේ නැද්ද බං??

    ඔය කියපු ටික ඔය විදියටම මෙහෙත් වෙනවා.... මුල් ටික නැතිව හැබැයි....

    ලස්සනයි අදහස..... ජය වේවා ඈ

    ReplyDelete
    Replies
    1. අත නං වෙවුලුවෙ නෑ.. මට පේන්නෙ හැම තැනම වෙන්නෙ මේක වගේ.. ;)
      …බොහොම ස්තූතියි අයියෙ..

      Delete
  2. ඇති යන්තම් පොස්ට් එකක් දාන්න මතක් උනා...
    වහාම පොත අතට ගන්න කාලය ඇවිත් තියෙන්නේ...
    බුකියේ හිටියොත් වදක භාරියක්ම තමා ඉතින්...:/
    පුදුමයි බ්ලොග් එකක් තියනවා කියලා මතක උනා.ආපහු නොලියා හිටියොත් ඉතින්...
    හැකියාවෙන් ප්‍රයෝජනයක් ගන්නේ නැ..:@
    මොනවා උණත් ලස්සන කවිය මල්ලියෝ..
    දිගටම ලියමු.:)

    ReplyDelete
    Replies
    1. මේ ළමයටත් බ්ලොග් එකක් කියලා එකක් තියෙනවාද කියලා මතකයිද මංදා :P

      Delete
    2. අහා මටත් බ්ලොග් එකක් තියනවා නේ..? :O
      මතක නැනේ...
      බ්ලොග් නම් අනේ මන්දා වෙලා ඉන්නේ මේ වැඩ ගොඩ නිසා....:)

      Delete
    3. හහ් හා.. පොත අතට ගන්න කාලෙ පහු උනා.. 3:)
      ලියන එකෙනෙක් කිව්වනං මටත් සලකල බලන්න තිබ්බා දිගටම ලියන්න.. :P
      බොහොම ස්තූතියි අක්කෙ..

      Delete
  3. හිකිස්....අඩේ අන්තිම ටික නම් මරු ඈ....සිරා...

    ReplyDelete
    Replies
    1. ඔව් අප්පා.. මුලින් ලියන්න ගිහිපු එක නෙමේ අන්තිමට ලියවුණේ.. ;)
      …ගොඩක් ස්තූතියි..

      Delete
  4. හප්පට සුර. මෙන්න බොලන් පට්ට කවියක්. මමත් කියන්නමයි හිටියේ වධක භාරියක් තොට හම්බෙයි කියල මෙහෙම ගියොත්. භාරියක් !! හ්හා...එච්චරයි අඩු.

    හැබැයි පුතෝ හෙට උදේට ඉර නැතුව හඳ හෙම පෑව්වොත් අල්ල ගන්නේ නම් උඹව මම. හේතුව උඹ දන්නවනේ

    ReplyDelete
    Replies
    1. හෙට ඉර පව්වේ නැත්නම් අපේ බට්ටව අල්ලගන්නේ මොකෝ ලොකුපුතේ....?

      Delete
    2. වධක බාරියක්වත් හම්බවෙන්නෙ නෑලු... අඩෝ හූ.. ලියාගන්න පුලුවන් වෙලාව්ට ලියනවනේ බං ඉතිං.. මොනා කරන්නද.. ගොඩක් ස්තූතියි..

      Delete
  5. ඔව් ඉතිං face එක පොතේම තියාගෙන හිටු.එතකොට ඉතිං වදකබාරි සරණ තමා..
    හා හා ගන්නවා ළමයා දැන්වත් face එක පොතෙන් අහකට

    ReplyDelete
    Replies
    1. වධකබාරිගෙන් මොන සරණද අක්කේ.. :P
      …ෆේස් එක පොතෙන් ගන්න ඕනෙ නෑ.. දැන් වැඩේ ඉවවයි.. බොහොම ස්තූතියි කොමෙන්ට් එකට..

      Delete
  6. ආ.. බට්ටා කාලෙකින්

    ReplyDelete
    Replies
    1. ඔව් අයියෙ.. දැන් වැඩිය බ්ලොග් පැත්තෙ එවෙන්නෙ නෑ.. බොහොම ස්තූතියි..

      Delete
  7. ෆු......ඃ මකුළු දැලුත් බැඳිලා......දූ......වි..ලි

    ඒ පොතත් නරක නෑ..... :P

    ReplyDelete
    Replies
    1. ඔව් අයියෙ.. වැඩිය එවෙන්නෙ නෑ මේ පැත්තෙ... ඔව්.. නරකකුත් නෑ ඉතිං.. ;) බොහොම ස්තූතියි අයියෙ..

      Delete
  8. අඩේ නිමයි බං. ලියපන්කො සතියකට දවසක්.

    ReplyDelete
    Replies
    1. නිකමට ලියවෙච්ච එකක්.. සතියට දවසක් නම් ලියවෙන්නෙ නෑ අයියෙ.. බලමුකො.. ගොඩක් ස්තූතියි කොමෙන්ට් එකට..

      Delete
  9. අමුතුයි සිතුවිල්ල බට්ටාගෙ....ඔහොම දාන්නකො සතියකට එකක්වත්..:)

    ReplyDelete
    Replies
    1. ඔව් ටිකක් අමුතු උනා ලියද්දි... සතියකට තියා මාසෙකට එකක්වත් දාගන්න බැරුව ඉන්නෙ.. බොහොම ස්තූතියි අක්කෙ..

      Delete
  10. හි හි..ෂෝයි!

    ReplyDelete
    Replies
    1. පිළිගන්නවා මෙහෙට.. :)
      බොහොම ස්තූතියි..

      Delete
  11. වදක බාරියක්??? පවු අප්පා බට්ටා

    ReplyDelete
    Replies
    1. වධක බාරියක් නේන්නං.. පවු කියල මොනා කරන්නද.. ;)
      ගොඩක් ස්තූතියි කොමෙන්ට් එකක් දාල ගියාට..

      Delete
  12. //ෆේස්බුක් එකේ හිඳ
    විබාගෙට කෙල වෙතේ
    කොට්ට උර හෝදන්න
    ගෙදර වැඩ කරගන්න
    හොඳ වදක බාරියක්
    තොට හම්බවෙයි පුතේ//

    ඕක දන්න නිසාමනේ නිසි බලදාරී.... මට සිමා මායිම් දැම්මේ :)))) මොන බාරි වෙයිද මංදා :P

    ReplyDelete
    Replies
    1. දවසක ඉර පායයි අයියෙ.. බය වෙන්න දෙයක් නෑ.. :)
      …බොහොම ස්තූතියි..

      Delete
  13. මෙහෙත් තත්වේ ඔහොමමද මන්ද...
    කෙල්ලොත් දැන් සෑහෙන්ඩ සුදුසුකම් බලනව බන් කසාදයක් කර ගද්දි...
    යාලු උනත් කසාද නම් බදිනව බොරු හරි හමන් රස්සාවක් වත් නැතුව..
    නිකම් රස්සා දෙන් නෑනේ.ඒකට ඕනනේ අර අධ්‍යාපන සුදුසුකම් කියන එව්වා..
    මොනව කරන්නද...

    "ඉගෙනීම කටු ඇත්තකි එහි ප්‍රථිපලය මල ඉත්තකි"

    මොන කට්ටක් කාල හරි ගොඩ යන්න ඕනෙ.නැත්නම් අන්තිමට හුලනුත් නෑ...
    හොදට ඉගෙනීමේ වැඩ කටයුතු කර ගනින් කොලුවෝ....

    ජයම වේවා!!!

    ReplyDelete
    Replies
    1. අප්පා.. කෙල්ලොන්ට සුදුසුකම් බැරි නං ඕන එකක් බලාගන්න කියලයි ඉන්නෙ.. රස්සාව ගැන නං හිතන්න ඕනෙ තමා.. ඔව් ඔව්.. වැඩ ටික කොහොමහරි කරගන්නවා.. බොහොම ස්තූතියි අදහස් වලටයි කොමෙන්ට් එකටයි.. :)

      Delete
  14. හප්පේ බට්ට කාලෙකිං.

    ReplyDelete
    Replies
    1. ඔව් අයියෙ.. කම්මැලිකම වැඩි වෙලා.. ගොඩක් ස්තූතියි..

      Delete
  15. මරු කවි පොඩ්ඩ බට්ටො.. කියන්න ඕන ඔක්කොම කෙට්ටියෙන්ම කියල, රසයට හානියක් නොවෙන්න....

    ගිහින් පාඩම් කරපන්..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි අගේ කරාට.. පාඩම් කරන්න ඕනෙ නෑ දැං.. ඉවරයි ;)

      Delete
  16. මේක නේද එදා අර මහ රෑ ලිවුවේ.. වදක බාරියෝ මොකටද බං.. හොද කෙල්ලෙක් බැදහන්කෝ..

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්.. මේක තමා ලිව්වෙ.. කෙල්ලො ගැන නං කතා නොකර ඉමු.. ;)
      …බොහොම ස්තූතියි අදහසට...

      Delete
  17. කොපි කොරපං... විබාගෙට..

    ReplyDelete
    Replies
    1. උඹ කියනකං හිටියේ.. :P
      …මොන කොපිද බං.. පොඩ්ඩක්වත් නොදන්න දේ කොපි කරන්නත් බෑ
      …අදහසට බොහොම ස්තූතියි..

      Delete
  18. Replies
    1. බොහොම ස්තූතියි මචං.. :)

      Delete
  19. මමත් තොට කියන්නෙ ඔය ටිකම තමා...

    ReplyDelete
    Replies
    1. දැන් ඉතිං ඉවරයිනේ ඒක.. ඊලඟ සැරේ කියන්න වෙන එකක් නෑ.. ගොඩක් ස්තූතියි..

      Delete
  20. මරු කවියක්... ජය වේවා..

    ReplyDelete
    Replies
    1. පිළිගන්නවා මෙහෙට සාදරෙන්.. බොහොම ස්තූතියි..

      Delete
  21. මලයා ඔයාගේ බ්ලොග් එකනම් මාර වටිනවා. හරිම සුන්දරයි.ඔයා ලස්සනට ලෝකය දකිනවා. මමත් ලෝකයේ ලස්සන හොයමින් යන කෙනෙක්. මගේ බ්ලොගය පැත්තටත් ඇවිත් යන්න වෙලාවක.
    http://samakayawate.blogspot.com/

    ReplyDelete
    Replies
    1. හ්ම් හ්ම් .. බොහොම ස්තූතියි අගය කරාට මෙච්චර.. එන්නං ඒ පැත්තටත්.. දිග බ්ලොග් ගමනකට සුබ පතනවා. :)

      Delete
  22. ලස්සනයි කවිය...
    වාදක භාර්යාවක් නෙමෙයි හොඳ කෙල්ලෙක් ලැබෙයි මල්ලිට.....

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය පුස්කොලපොතේ අලුත් පිටුවක උපතයි!

Related Posts Plugin for WordPress, Blogger...