2012/04/05

ඇරපං යකෝ දොර......





විඳින්නට වෙනසක්
පිරෙන්නට ජීවිතය
නොවන්නට වෙහෙසක්
හැරයන්න මතකය
තැත් දරන නමුත් මා
දෙවසරක් පුරා සිට
නොමැත මට ගැළවුමක්
හදවතේ කොනක සිට
එබෙයි ඈ තවමත්

කටු සහිත පාවහන්
පැළඳගෙන ඇවිදිමින්
අත නෑර එකදු බිම් අඟලක්
සක්මනෙහි යෙදෙයි ඈ හදවතේ

හද මැදුර තුලට පැන
වසාගෙන දොර ජනෙල්
එබෙන්නට බැහැ මටත්
මගේ හදවත තුලට

ඇරපං යකෝ දොර
අඩු ගානෙ ජනේලයක්වත්
ඇතුළට එන්න මට
ඔප්පුව මා සතුයි
හෙටම මම දමමි නඩු
තොට ඕනෙ හිරේ යන්නද?
එළියට බැහැල පල ගෙදර.....

ප. ලි. :
              මට දැනගන්න ඕනෙ එකම දෙයයි... මේක නිසඳැසක්ද නැද්ද කියපල්ලා කරුණාකරලා....
ඊට අමතරව ඇත්තටම හිතට දැනුණ දේ විතරක් ලියල ගියාට කමක් නෑ...

 පින්තූරය ගත්තේ : මෙතනින්

65 comments:

  1. නියමයි නියමයි.. සමහරුන්ට එන්න ඉඩ දුන්නම යවාගන්න හරි අමාරුයි..

    ReplyDelete
    Replies
    1. අමාරුයි කියන්නෙ අයියෙ පට්ට අමාරුයි.... පයින් ගැහුවත් යන්නෙ නෑ... :D බොහොම ස්තූතියි...

      Delete
  2. ඔව් නිසඳැසක් තමයි..අමුතු කික් එකක් තියන එකක් :) නියමයි

    ReplyDelete
    Replies
    1. නිසඳැසක්ලු... හ්ම්ම්.. බලමු... අම්මප අපේ අක්ක කියපු නිසා මේක ලියනකොට මටත් අමුතු කික් එකක් ආවනේ.. :) බොහොම ස්තූතියි...

      Delete
    2. මගේ මැනේජරයත් වන් ක්වාට නෝ කික් කියලා අපේ බොතලේටත් ඇරලා යනවා..

      Delete
    3. පට්ට මැනේජරයෙක්නේ බොලේ එහෙනං.. අනේ වාසනාවන්... ;)

      Delete
  3. ඇති යාන්තන් පෑදුන ඉල්ලම ගරන්න පටන් අරන්......;)
    ඔය තියෙන්නෙ කොල්ලගෙ වැඩ....පස්ටයි ඈ.....


    විළිලැජ්ජාවෙ
    පණ යන,
    හදවතේ අඳෝනාව
    දරන්නට බැරුව
    ඉකිගසා ආත්මය
    යුක්තියක් ඉල්ලුවත්,
    අත්ලමත
    ගුලිකරන් ඔප්පුවක්
    දණින් වැටුනත්
    මියැදෙන අධිකරණයේ
    දොරටුව අභයස
    ඉෂ්ඨ වේවිද යුක්තියක්
    කාලෙ කා දැමීමක්

    කඩපං
    හිතේ දොර
    හොයාගන්න බැරිනම්
    යතුර
    පලයං ඇතුලට
    ඇදල දාපන්
    බෙල්ලෙන්ම
    එළියට
    අනික් උන්ටත්
    පේන්නම

    පෙන්නපං
    උඹේ ශක්තිය
    උඹේ හිත
    උඹේ වග

    නීතියේ පිහිට
    අවශ්‍ය නැත

    බැරිමනම් උඹට
    දියන් වෙන
    එකියෙක්ට........;)

    ReplyDelete
    Replies
    1. නිකන් සාටර්ද මන්ද අප්ප.....:/
      ඔහේ හිතට ආව ඉතින් ලිව්ව....ටලහ වෙන්ඩ එපා හොඩේ.......:(

      Delete
    2. ඔප්පුව පිරිසිදුයි
      …ඒත් උඹ කියන විදියට
      …ඉටු නොවේ නම් යුක්තිය
      …දෙන්නෙ නෑ වෙන එකියක්ට
      …දොර කඩා ගෙන ගොස්
      …කෙස්සෙන් ඇද දමමි එළියට

      …ඇතුලු වී මම දොර වසාගමි
      …තට්ටු කෙරුවත් නැවත නො අරිමි

      …වැරදිලාවත් වෙන එකියක්ට දී
      ඒකි ඇතුලේ මුල් ඇද්දොත්
      …බැරි වේවි උසාවි ගිහින්වත් එළවන්ට
      …ගැඹුරට මුල් ඇදපු ගස් උදුරන්ට
      …පර්මිට් දෙන්න බෑ කියාවි
      …උසාවියෙන්.....

      …බොහොම ස්තූතියි අග්නියෝ... සාටර් නෑලු..
      …ඒත් මොකද්ද බං අර ඉල්ලං ගරන කතාවක් කීවේ? ඉල්ලං කන්න නං ඇහැකි... :)

      Delete
    3. එකනේ අග්නි නගා දැන්වත් මොලේ පැදුන එක මදැ........කොහෙද කිව්වට අහන එකක්ය....

      Delete
    4. හපොයි! කියන දේ අහන කෙනෙක් කිව්වනං කමක් නෑ.. මෙතන..

      Delete
    5. පස්සෙ පස්සෙ කියන්නම් හික්...;)

      Delete
    6. මොනාද බොල පස්සෙ පස්සෙ කියන්නේ..? කියන්න තියන දෙයක් එවෙලෙම කියන්න එපෑ... නිකං කුතුහලේ මෙව්ව කරල පිස්සු වට්ටනවනේ උඹලා..

      Delete
  4. අපේ ගේ කුලියට දීලා අතින් සල්ලි දීලා බඩු ටික පටෝලා ඇරියේ....හැබැයි ටීවී එක තියා ගත්තා හිලව්වට....

    ReplyDelete
    Replies
    1. ඒ මොකද්ද බණ්ඩාර අයියෙ ගෙවල් කුලියට දීපු කතාව... මම හිත දුන්නෙ කුලියට නෙමෙයි අප්පා... ඒත් දැන් මේකිව යවාගන්න විදියක් නෑනේ... ටීවි එකවත් තියාගත්ත එක හොඳයි... :) බොහොම ස්තූතියි අයියේ...

      Delete
  5. නිසදැස්ද මොනාද කියන්න නම් තේරුමක් නෑ මලය...

    නඩුදාන්න නෙමෙයි බෙල්ලෙන් අල්ලල එලියට දාපන්... හැබැයි වැඩේ අමාරුයි... හොඳම දේ තමයි තමන්ට ඉන්න පුංචි ඉඩක් කුලියට ගන්න එක... ;)

    ReplyDelete
    Replies
    1. :O මගේ හදවත මටම කුලියට කුලියට ගන්න වෙලාද? අනේ සංසාරේ... මේකි දොර අරින්නෙ නෑනේ සාතන් අයියා... කමක් නෑ බොහොම ස්තූතියි අදහසට ඈ.. ;)

      Delete
  6. මේක නිසඳැසක් තමයි (සයුරිත් කියල තියෙන්නෙ)ඒත් සම්පූර්ණ කවි පන්තියම නිසඳැසක් කියන්න බෑ.

    //විඳින්නට වෙනසක්
    පිරෙන්නට ජීවිතය
    නොවන්නට වෙහෙසක්
    හැරයන්න මතකය//

    මේ කොටසෙ නිසඳැස් ලක්ෂණ ඉක්මවලා ගිහින්...

    //කටු සහිත පාවහන්
    පැළඳගෙන ඇවිදිමින්
    අත නෑර එකදු බිම් අඟලක්
    සක්මනෙහි යෙදෙයි ඈ හදවතේ//

    මෙතන උත්ප්‍රාසය ප්‍රභලයි

    මම නම් මේ වගේ කවි දාන්නෙ "නිදහස් කවි" කැටගරියට

    නිසඳැස්ද සඳැස් ද කියලා ප්‍රභේද හොයන්න ඕන නෑ, කවි ලියන්න ඔනනම් නිදහසේ ලියපන්

    ReplyDelete
    Replies
    1. නිසඳැස් ගැන කවි ගැන මං දන්න දෙයක් නෑනේ බලං ගියාම... හරිම වටින අදහසක්.. කවි ගැන හොයල ටිකක් ඉගෙන ගන්න හිතුනා... සේරටම කලින් උත්ප්‍රාසය කියන වචනෙ ඉගෙන ගන්න වෙනවා... විචාරයටත් එක්කම බොහොම ස්තූතියි සුමිත් අයියේ..

      Delete
  7. මොකක් උනත් කමක් නෑ බං ලස්සනට ලියල තියෙනව.

    ReplyDelete
    Replies
    1. නිදහස් කවියක්ලු.... බොහොම ස්තූතියි ප්‍රසන්න අයියේ... :)

      Delete
  8. මේක මොකද්ද කියන්න දන්නේ නෑ බං.... ඒ වුනාට පට්ට මොකක් හරි එකක් නම් තමයි.

    ReplyDelete
    Replies
    1. අඩේ මාලු අයියනේ... පට්ට නං මොකක් උණත් මොකෝ අයියා... බොහොම ස්තූතියි...

      Delete
  9. නිසදැස් කියන්නෙ මොකක්ද කියල නං හරියටම දන්නෙ නැතත්, කියන්න ඕන දේ නියමෙට කියල තියනව.

    ReplyDelete
    Replies
    1. නිසඳැස් කියන්නෙ මොකද්ද කියල මාත් හරියට දන්නෙ නෑ අයියේ... ඔය නිකං කටට ආපුව වගයක්.. බොහොම ස්තූතියි

      Delete
  10. මොකක් වුනත් ඔහොම බනින එක හරිද බට්ට මල්ලියෙ..මොකක් වුනත් කෙල්ලෙක්නෙ බොල.. :D

    නිසඳැස නියමයි!!

    ReplyDelete
    Replies
    1. නෑනේ සිත් රූ අක්කේ, මං කොච්චර හොඳින් කිව්වත් යන්නෙ නෑ.. අන්තිමට මල පැනලා තමා ඔය කියවුනේ... ;) බොහොම ස්තූතියි අක්කේ..

      Delete
  11. මලයා මට තේරුනේ නම් ..... කාගේ හෝ හිතට රිංගන්න හදන උත්සාහයක් විදිහටයි මේ සංකල්පනාව

    ඒක හරි ද දන් නෑ .... ??

    ReplyDelete
    Replies
    1. නෑ නෑ අයියේ... වෙන කෙනෙක් මගේ හිතට රිංගලලු.. දැන් යන්න කිව්වට යන්නෑලු... මගෙ හද මට හිමි නෑලු... එහෙම හිතාගෙන කියවල බලන්න..

      Delete
    2. අයියෝ මම හිතුවේ ආව කෙනෙක් හදනවා කියලයි ..... ඒක හොඳ නැද්ද මලයෝ

      Delete
    3. ආව කෙනෙක් යන්න හදනවා කියලද හර්ෂන අයිය කියන්න හැදුවෙ..? යන්න හදනව නං කොයි තරං දෙයක්ද අප්පා... බණ්ඩාර අයිය වගේ හිලව්වට ටීවී තියාගන්නෙ නැතුවම බඩු ටික පටෝල ගෙනිහින් දෙනවා යන තැනකට.. ;)

      Delete
  12. අම්මෝ බට්ටා හෙන වසයිනේ.නියමයි ආ....

    ReplyDelete
    Replies
    1. බුහු.. හ.. හ.. හා.... මං හෙන වසයි තමා... තාම දන්නෑ මගෙ හැටි.. :) බොහොම ස්තූතියි..

      Delete
  13. හම්මෝ....ඇති යන්තම් මේකේ බාගයක් පොස්ට් කොලා නම්නේ මම බලාගන්නේ....:D නියම නිසදැස මල්ලියෝ... මෙච්චර හැකියාවක් තියගේනනේ බොරුවට බැ කියා කියා ඉන්නේ..:/

    ReplyDelete
    Replies
    1. මන්දා..... අක්ක කියපු නිසා ලියලා අක්ක කියපු නිසා ම සේරම ටික පෝස්ට් කරා.... කිසිම වැරැද්දක් වෙලා නෑනේ හිතුව වගේම.... බොහොම ස්තූතියි අක්කේ... මේක ලියන්නැතුව ඉන්නයි මම හිතුවේ අක්ක නොකියන්න...

      Delete
  14. අමල් බිසෝ දොර අරින්නෙපා
    හොඳ පරිස්සමෙන් හිටපං...

    සිරා කවි සෙට් එක..මරු ඈ හිතේ තියෙන දේ පහසුවෙන්ම කියන්න පුළුවන් මෙන්න මේ විදියට දිගටම ලියමු මලේ කවිත්... මේ සිද්ධිය මොකක් වෙන්නැත්ද ඇත්ත... දෙයක්ම වෙන්නැති...

    ReplyDelete
    Replies
    1. මම ගෙදර පිළේ ළතැවුලෙන් මෙසේ
      …උඹ ගේ ඇතුලේ තනියේ
      …ඔව් අප්පා ගේමක් නැතුව වචන ටික එළියට ආවා.. ඇත්තක් තමා.. හැබැයි ඔය කියල තියන තරං ඒකි වධ දෙන්නෙ නෑ.. ඔය ගේ මුල්ලට වෙලා ඔහෙ ඉන්නවා මිසක්..

      Delete
  15. අඩේ මේක මරු බං......තව ඕන හොඳේ........

    ReplyDelete
    Replies
    1. :O හුටා තව...? මට එහෙමටම කවි ලියන්න බෑ බොලේ... ඉඳල හිටල කණාවට ලියවුනොත් තමා.. එහෙම ලියවුනොත් තව දාන්නං... කොහොමත් මට දැන් වෙන දාන්න දේකුත් නෑ... බොහොම ස්තූතියි අයියේ...

      Delete
  16. මරුනෙ බට්ටා මල්ලියෝ.. ඔය ලියලා තියෙන්නෙ යස අගේට.. ..
    …අනේ මල්ලියෝ මං අදනෙ කොල්ලො දැක්කෙ "ෆලෝ" කරලා නෑ කියලා. අනේ සමා වෙන්න ඔනේ.. මට හුගක් උදව කරපු මල්ලියෙක් නෙ.. ඔයාගෙ කටේ බලේට තමා මාත් ලියන්න උනන්දු වුනේ.. නැත්තම් පටන් ගත්ත තැනම අත අරලා දාලනෙ තිබුනේ .

    ReplyDelete
    Replies
    1. අයියෝ.. අමතක වෙන එක මටත් වෙන දෙයක්නේ... ඒක එච්චර හිතන්න එපා.. අඩේ මගේ කට එච්චර පවර්ද බොලේ...? :) බොහොම ස්තූතියි අක්කේ...

      Delete
    2. මල්ලියෝ මට ඔයාව අමතක වුනේ නෑ හොදේ.. "ෆලෝ" කරන්න විතරයි අමතක උනේ..
      …නැතුව නැතුව.. චන්ඩියා වගේ මෙහෙම නම් හරි යන්නෙ නෑ කිව්වෙ මාසෙට අඩුම පෝස්ට් 3ක්වත් දාන්න කියලත් කිව්වානේ :) හි හි

      Delete
    3. මගේ වචන වලින් කෙනෙක් ලියන්න උනන්දු උනා කියන එකම මට කොච්චර සතුටක්ද? ආඩම්බරයක්ද? ෆලෝ කරන්න අමතක උනත් මොකෝ මේ ලියල තියන වචන ටිකම මදෑ මට..

      Delete
  17. ෂාහ් බට්ටා මල්ලිත් කවි ලියන්න පටන් අරන්. එල එල. මේ තියෙන්නේ කොරටම. හිත අයිති කරගෙන උඹට උන් හිටි තැනුත් නැති කරලා.... මං තේරුම් ගත්ත විදිහ හරිද මන්ද...
    කවිද නිසදැස්ද කියල හොයා හොයා ඉන්නේ නැතුව වල්පල් කුණුහරුප ලියන්නේ නැතුව මේවගේ ඒවා ලියනවනම් කොච්චර දෙයක්ද. මං කිවේ බට්ට මල්ලි කුණුහරුප ලියනවා කියල නෙමේ. තෙරුනානේ මං කියපු එක. ... දිගටම ලියන්න. සුබ පැතුම්.

    ReplyDelete
    Replies
    1. අන්න අයිය තිතටම තේරුං ගත්තලු... එහෙම තමා වෙලා තියෙන්නෙ.. හරි හරියෝ... තේරුණා කියන්න හදපු දේ.. බොහොම ස්තූතියි සිතුම් අයියේ... ;)

      Delete
  18. බට්ටත් කවි ලියනවා. මටත් නිසදැස් නම් අල්ලන් නැහැ එච්චර. ඒත් මේකේ බට්ට ලියල තියන දේ පැහැදිලියි. ලස්සනයි.
    එලවගන්න ඔච්චර මහන්සි වෙන්නේ මොකටද නියම අයිතිකාරි ආව දවසට ඔය දොරගුළු දාගන ඉන්න කට්ටිය නිකම්ම මාරුවෙලා යයි.

    ReplyDelete
    Replies
    1. මාත් කවි ලියන්න ඉගෙන ගත්තේ අවුරුදු දෙකකට කලින් අක්කේ... පැහැදිලියි නං එච්චරයි ඕනෙ.. ඇත්තටම හරි කෙනා ආවම එහෙම වෙයිද? ;) බොහොම ස්තූතියි අක්කේ..

      Delete
  19. ලස්සනට ලියලා තියෙනවා මල්ලී...

    //හද මැදුර තුලට පැන
    වසාගෙන දොර ජනෙල්
    එබෙන්නට බැහැ මටත්
    මගේ හදවත තුලට//

    මාර වැඩේනෙ වෙලා තියෙන්නෙ ;)

    ReplyDelete
    Replies
    1. මාර වැඩේ නේන්නං... අනේ අක්කෙ එළෝගන්න විදියක් කියන්නකෝ.. මොන විදියකට හරි කමක් නෑ... නැත්තං මට එළෝයන්න තමා වෙන්නේ... :) බොහොම ස්තූතියි අදහසට...

      Delete
  20. වියන්ගයෙන් කියල තියෙන දේ දැනුයි තේරුනේ.

    මට තේරෙන විදියට මේ කවියක් වගේ නිසඳැසක්.

    ReplyDelete
    Replies
    1. අන්න එහෙම තේරුංගන්න පුලුවන්නං කොයි තරම් වටිනවද... ඒකතමා ඕනේ අසාර් අයියා... සමහර තැන් වල සඳැස් ගතියකුත් තියේ තමා.. ඒක නිසා මම හිතන්නේ සුමිත් අයිය කිව්ව වගේ මේක නිදහස් කවි මෙව්වෙකට තමා ගැලපෙන්නේ.. . බොහොම ස්තූතියි අයියේ...

      Delete
  21. //හද මැදුර තුලට පැන
    වසාගෙන දොර ජනෙල්
    එබෙන්නට බැහැ මටත්
    මගේ හදවත තුලට//

    තමන්ට කියන්න ඕනෙ දේ , වෙනස් විදියකට හරි අනිත් අයට දැනෙන්න ලිව්වානම්, මේක මොකක් වුනාම මොකෝ මලෙ!!! නියමයි!! ඔන්න මාත් ආවා මෙහාට..

    ReplyDelete
    Replies
    1. කවිය දැනුනනම් ඇත්තටම මටත් සතුටුයිලු... බොහොම ස්තූතියි හිතූ අක්කේ අවට මේ පැත්තට ආවට.. ඒ වගේම කොමෙන්ටුවටත්...

      Delete
  22. උඹට ඕනා ඇත්තටම හිතට දැනුන දේ නේද ? හිතට දැනෙන්ඩත් තේරිලා එපැයි.. මටනම් මෙලෝ මලදානයක් තේරුන්නෑ... ලියපු එකත් දන්නැත්නම් යකෝ අපිද දන්නෙ ?

    ReplyDelete
    Replies
    1. ඇත්තටම දැනුන දේ ලිව්ව එකටනම් ගොඩාක් ස්තූතියි සෙන්න අයියේ.. පුදුමයි මටනම් අයියා තේරුණේ නෑ කිව්වම.. එක එක පදේ විදියට ගන්නෙ නැතුව ටිකක් එකට අරගෙන බලන්න.. සමහර විට තේරෙයි එතකොට.. ඇත්තටම මේ ලිව්වට මම කවි ප්‍රභේද ගැන වැඩිය දන්නෙ නෑ අයියේ.. ඒකයි එහෙම ඇහුවේ... මේක කතාවක් වගේ කියලා මට හිතුණා..

      Delete
  23. හිකිස්.. තල්ලු කරලා දාන්නකො එළියට.

    ReplyDelete
    Replies
    1. කැටගොරි ඔලොටනම් වෙන්කරන්න මම දන්නේ නැතියෝ....මොකක් වුනත් මොකෝ මල්ලියෝ හිතේ තියෙන දේ හැඟීම එක්ක ලියවෙද්දී තමයිනේ ලස්සන.මල්ලියත් එහෙමයි හිතට දැනුන දේ වෙනස් විදිහකින් කියල.කියවන අයටත් දැනෙන විදිහට.ලස්සනම ලස්සනයි.

      කවුද මේ හිත ඇතුලේ දොර වහන් ඉන්නෙ ඇත්තටම????කිව්වෙවත් නැහැ නොවැ.( සිතමින්...)

      මේ පැත්තේ එන්න පරක්කු වුනා මගේ මල්ලියෝ...තා වෙන්න එපා හොඳේ..මල්ලියත් මට ලොකු හයියක් හැමදාටම :)

      Delete
    2. @ වර්ෂා
      …එලියට තල්ලු කරල දාන්නත් ඇතුලට යන්න එපෑ වර්ෂෝ.. මේ දොර හරිම හයියයි..

      Delete
    3. හිත ඇතුලේ දොර වහන් ඉන්න කෙනෙක් ඉන්නවා.... එලියට යන්නෙත් නෑ... මාව ඇතුලට ගන්නෙත් නෑ..
      …පරක්කු වුනාට කමක් නෑ නොහිම් අයියේ.. මම දන්නවනේ වෙච්ච දේවල්... ඒක වැඩිය හිතන්න එපා..

      Delete
  24. අපූරු සිතුවිල්ලක්! ලස්සන කවියක්! නියමයි බට්ටා....:)

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ෆාතිමා අක්කේ... සිංහල බ්ලොග් එකක් ගන්න පටන් හිතුව එකට මෙන්න හුරේ ඈ... :)

      Delete
  25. ඔන්න මාත් ආව දොර ඇරගෙන......

    ReplyDelete
    Replies
    1. එන්ඩ එන්ඩ.. ඔන්න ඔහෙන් වාඩි වෙන්න මම බොන්න දෙයක් ගේනකං... :) බොහොම ස්තූතියි යාලුවා...

      Delete
  26. මේක නිසඳැසක් තමා බට්ටා මල්ලියේ.... දොර ජනෙල් වහගෙන මොකද?

    ReplyDelete
    Replies
    1. හ්ම්... නිසඳැසක්? මන්දා මේක මොකද්ද කියලා... මොකක් උනත් කමක් නෑලුනේ... දොර ජනෙල් වහන් ඉන්න මම නෙමේ අප්පා...වෙන කෙනෙක්... බොහොම ස්තූතියි අනූ අක්කේ!

      Delete

ඔබේ ප්‍රතිචාරය පුස්කොලපොතේ අලුත් පිටුවක උපතයි!

Related Posts Plugin for WordPress, Blogger...