2013/02/27

සියදිවිනසාගැනීම (හිටවෙන කවි)

ලස්සනට පෝය හඳ පායල තිබුණ සීතල මැදියමේ කට්ටිය පාලු ඇලේ දිරච්ච කොටේ උඩ වාඩිවෙලා ලෑස්ති වුණේ පෝය දවසෙම පස්වෙනි සිල්පදේ කඩන්න නං නෙමේ.. මුණ ගැහුණෙ කාලෙකින් නිසා ආගිය තොරතුරු ටිකක් කතා බහ කරල යාලුකම් අලුත් කරගන්න.. ඉතිං සුද්දයි, බට්ටයි, බඩයි, සීඩියයි පටං ගත්තා ගජරාමෙට කියවන්න.. ඔහොම පැයක් විතර ගියාට පස්සෙ කියන්න තියන සේරම කියල ඉවරවුණා කියහංකෝ.. ආයි ඉතිං ලිඳ ලඟ සංගමේ ගෑණුන්ට තරං කියවන්න දෙයක් තියේයෑ කොල්ලන්ට..

ඉතිං හත්තිලව්වේ දැං මොකෑ කරන්නේ.. මෙච්චර කාලෙකින් සෙට් වුණේ බකන්නිලාගෙන ඉන්නයැයි..  හැමෝම බඩ උලාගෙන ඉන්දැද්දී සත්ගුණවත් බට්ටා ගෙනාවා අපූරු යෝජනාවක්.. කාලීන මාතෘකාවක් ගැන කවි බණක් දේසනා කරමු කියලා.. මොකද්ද? පිස්සුද ඕයි.. කවි බණක් නෙමේ.. හිකනලා.. කාලීන මාතෘකාවක් ගැන හිටවෙන කවි පැළ කරන්න.. ආ..

අනිත් එවුනුත් හා හූ ගාලා කැමති වුණාට පස්සේ වැඩේ යන විදිය තීරණේ වුනා.. හතර දෙනෙක් ඉන්න නිසා එකා එක පදේ ගානේ කියමින් කවියෙන් කවිය ගොඩ නගා කවි පවුරක් හදන්න අදහස දුන්නා එතන හිටපු ඉතාම සීලාචාර, සංවර, සුගුණවත් එහෙම එහෙම ළමයා.. ඒ කවුද කියලා කියන්න ඕනෙ නෑනේ මං? :P

ඊළඟට මාතෘකාව.. මාතෘකා ගණනාවක් අතරෙන් තේරිලා ඒකච්ඡන්දයෙන් සභා සම්මත වුණේ "සියදිවිනසාගැනීම" කියන එක..

බොහොම හරවත් විදියට කාරිය කරගෙන යන්න හිතපු සීඩියා වැදගත් කටහඬකින් පටං ගත්තා..

කෝච්චියට අහුවුණාට මුකුත් වෙන්නෙ නෑය කියා
(ඩිඟිරි ටිකිං ටිංකි ටිකිං)

කට්ටිය ටික වෙලාවක් කට ඇරගෙන බලාගෙන හිටියා.. කමක් නෑ.. ඕන එකක්.. සුද්දා හඬ අවදි කරා..

එහා ගමේ ලොකු මාමා පීල්ල උඩ බෙල්ල තියා
  (ර්රඹ ටඹ ර්රඹ ටඹ)

අකුණක් පුපුරණ වේගෙන් සුදු මැණිකේ ආව ගියා


එළ එළ..

කැඩුණ බෙල්ල අතේ අරං ලොකු මාමා ගෙදර ගියා..

ඉතාම සම්භාව්‍ය විදියට පළවෙනි කවිය ඉවර කරපු සතුටත් ඔලුවෙ තියාගෙන බඩා දෙවෙනි කවිය පටං ගත්තා..

මන්නාරම් පිටි වැල්ලේ මදටිය වැල් ඔංචිල්ලා
බඳින ගහේ උඩ අත්තේ දිරච්ච කඹයක් එල්ලා
මහ හයියෙන් උඩු බුර බුර දුවගෙන එයි කලු බල්ලා
එල්ලෙන්නට හෙට පුලුවන් දැන් හයියෙන් දුවපල්ලා



නා ගහ ලඟ පාමසියෙන් වහ කුප්පිය ගෙනැවිල්ලා
වැඩි ඉක්මන් වෙන්න කියා බිව්වා හොඳ හැටි හොල්ලා
පැයක් ගියා දෙකක් ගියා මැරුණේ නැහැ ඒ කොල්ලා
විපරං කර බලනා විට වහ කුප්පිය කල් පැනලා


අන්තිම වචනෙං එළු සමයං එක අවුල් ගිය නිසාද කොහෙද බටුවට රවපු සීඩියා ඊලඟ කවියට මුල පිරුවා..

කොල්ල දාල ගියපු නිසා මහවැලියට පනිමි කියා

ඒ කවි පදේට පස්සෙ මොහොතක නිහඬ විරාමයක් ගත වුණා.. කට්ටියගෙ වචන ඉවර වෙලා වගේ.. හහ්.. පිස්සුද.. මෙන්න සුද්දා දෙවෙනි පදේ කියනවා..

පුංචි කෙල්ල ටිකිරි ලියා කළෙත් අරං ගඟට ගියා..

ඊ ළඟට තුන් වෙනි පදේ බඩාගෙන්..

ගඟ අයිනෙන් කළේ තියා සිකුරුලියා බොලඳ ලියා..

දැන් මොකද කරන්නෙ.. බට්ටට සිංහලත් අමතක වුණා.. විනාඩියක් දෙකක් කට ඇරගෙන හිටිය බටුවා අන්තිමට කවි සම්මේලනේ ඉවර කරා මෙහෙම..

කිරි මුට්ටිය ගඟේ ගියා ගඟට උඩින් කොක්කු ගියා..

ප.ලි - මේ කතාන්දරය සහ එහි අඩංගු කරුණු පට්ටපල් බොරු බව සලකන්න..

24 comments:

  1. //මේ කතාන්දරය සහ එහි අඩංගු කරුණු පට්ටපල් බොරු බව සලකන්න..
    උබ කවද්ද බට්ටෝ ඇත්ත කිව්වේ...
    අපි නොදන්න සත්‍ය බට්ටා...

    ReplyDelete
    Replies
    1. අපරාදෙ ඒ ටික දැම්මෙ අන්තිමට.. මුං සේරම දන්නවනේ ඒක :D

      Delete
  2. මොන ෆාමසියෙද බට්ටො වහ විකුණන්නෙ.

    අම්මප අන්තිම කවියෙ අන්තිම පදේනං මරු.

    ReplyDelete
    Replies
    1. වහ කන්න වෙන ප්‍රශ්නනේ අහන්නෙ ඉඳගෙන.. :/
      …අම්මෝ ඒ කවි පදේ හදන්න මම මාර විදියට මහන්සි වුණා.. :P

      Delete
  3. උබ කවද්ද බට්ටෝ ඇත්ත කිව්වේ... :3 කියන තරමක් කෙලින්නෙ කෙප්ප නොවැ :3

    ReplyDelete
    Replies
    1. ඒකනෙ.. අනිත් දවසෙ ඇත්තක් කිව්ව වෙලාවට ප.ලියෙ දාන්න ඕනෙ මෙය පට්ටපල් බොරුවකි කියල.. :d

      Delete
  4. ඔන්න හිටගෙනම කවිත් කියෙව්වා..

    ReplyDelete
    Replies
    1. හරි හරි නලින් අයියා.. දැන් ඉතිං ඉඳගන්න.. :D

      Delete
  5. Replies
    1. අඩේ.. ඉන්ද්‍රජිත් මලයත් ඇවිත් හිටවෙන කවි කියවන්න.. ^_^

      Delete
  6. //එල්ලෙන්නට හෙට පුලුවන් දැන් හයියෙන් දුවපල්ලා// අපේ අම්මත් කියෙව්වා පෝස්ටුව,, :D නියම කවි ටිකක්නේ

    ReplyDelete
    Replies
    1. මුං මාර වැඩනේ කරන්නේ ඉඳගෙන.. අර මක්කටෙයි අම්මට පෙන්නන්න ගියේ මෙව්ව.. විලි ලැජ්ජයි :D

      Delete
  7. එලය...පට්ටය පටපටය

    ReplyDelete
    Replies
    1. උඹ එළ කිව්වට බට්ටි අක්ක කියනවා කාපුව එළියට එනවලු මේව කියෝලා.. :D

      Delete
  8. පට්ට කවිනේ බං..සිය දිවි නසා ගන්න එකෙක් ගාවට ගිහින් මේකෙන් කවියක් දෙකක් කියපන්. පොර ආයේ මලාට මැරෙන්න ට්‍රයි කරන්නේ නෑ

    ReplyDelete
    Replies
    1. හකාස්.. ඌට හාට් ඇටෑක් හැදිල හරි වමනෙ ගිහින් හරි මැරෙයිද දන්නෙත් නෑ :D

      Delete
  9. හිකිස්...මාත් හිටගෙන කියෙව්වා..

    ReplyDelete
    Replies
    1. හිටගෙන කියෙව්වට කමක් නෑ දැන් ඉන්නෙ වාඩිවෙලානං..

      Delete
  10. වෙලාවට පදේ මතක් උනේ :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. නැත්තං විලි ලැජ්ජාවයිනේ... බොලාටත් ඔහොම්මම වේවා!! :D

      Delete
  11. සෑහෙන කාලෙකින් මේ ලියලා තියෙන්නේ හිටවෙන්නම..

    ReplyDelete
    Replies
    1. සෑඈඈඈඈහෙන කාලෙකිනුත් නෙමේ හැබැයි.. ගෙට් එකේ විස්තරේ ලිව්වනේ මේ ළඟදි.. ඉන්ටනෙට් කනෙක්සම හරියට නැති වුණාම මෙහේ එන්න හිතෙන්නෙ නෑ..

      Delete

ඔබේ ප්‍රතිචාරය පුස්කොලපොතේ අලුත් පිටුවක උපතයි!

Related Posts Plugin for WordPress, Blogger...