2012/08/31

මරණය සොයමි..




සැඟවුණු කඳුළු බිඳුවක පිහි පහර        වැද
වැගිරෙන රුහිරු සමඟින් පවු ගෙවයි   හද
තනිකම මකන මුත් පාලුව ළඟින්         හිඳ
පෙර තනි මැකූ ඇය මා ලඟ නොමැත   අද

පන්හිඳ අනියි කටු අත්තක් වී                හදට
පුන්සඳ පවා සෝ දසුනකි මගෙ        ලොවට
ඉන්නද කෙසේ ඇය වෙන් වුනි පෙර   පවට
දැන් ලද දෙයින් සැනසෙනු මිස නන්   කුමට

ඇය හෙලු බැලුම් සිහිවෙයි නිල් දෙනෙත  අයා
කන්කලු සිනාවන් සොයනෙමි කොහෙද  කියා
දැන් මා කෙසේ සැනසෙන්නද දෙ ඇස     පියා
ඇය ගිය ලොවට ඈ මගෙ හද අරන්          ගියා

උණුසුම් කඳුළු බිඳුවකි නෙත සිප      ගන්නේ
කොතරම් වැළපුණත් ඇය නෑ යළි    එන්නේ
රුදු සිහිනයෙන් කෙළෙසද මා   පිබිදෙන්නේ
මරණය සොයමි, අද මා ඔබ වෙත     එන්නේ

56 comments:

  1. අම්මෝ ඇති යන්තම් බට්ටට බ්ලොග් එක මතක් වෙලා...ඔය ලියලා තියෙන්නේ සුපිරියටම...මේ හැකියාවෙන් වැඩක ගන්න මල්ලියෝ..
    දැන් කියමුකෝ මේ කාටද ලිව්වේ කියලා...? ;)
    මන් දන්නා කෙනාද..? O.o

    ReplyDelete
    Replies
    1. මට මතක් උනාට අක්කට අක්කගෙ බ්ලොග් එක මතක් වෙලා නෑ වගෙයි.. මේක ලිව්වෙ හීන ලෝකෙ කෙනෙක්ට.. අක්ක දන්න කෙනා ජීවතුන් අතර ඉන්නෙ අර හොඳට... :O
      …බොහොම ස්තූතියි කොමෙන්ටුවට.. :D

      Delete
  2. දැන් ඉතින් ඔයාට ලියන්න වෙලාව තියෙනවනේ . දිගටම ලියාවි කියල හිතනවා .
    …ලස්සන පද ගැලපුමක් .

    ReplyDelete
    Replies
    1. දැන් විතරක් නෙමේ අක්කෙ.. කලිනුත් ලියන්න ඕනෙ තරං වෙලා තිබුණා.. ලියාගන්න දෙයක් නැතුවයි හිටියෙ.. ඊයේ අද මෙන් හෙටත් එහෙම වෙයි ඉතිං.. බොහොම ස්තූතියි.. :)

      Delete
  3. සෑහෙන කාලෙකින් නේ... එල එල..

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. ඔව් අයියෙ.. මාසෙකින් විතර කවි හතරක් ලියාගත්ත යන්තං.. ගොඩක් ස්තූතියි.. :)

      Delete
  4. බට්ටා මලේ මට මේ කවි පන්තිය කියවද්දි මතක් වුනේ රැයිපියල් තෙන්නකෝන් කියන කවියගේ කවි පන්තියක්... මට සම්පූර්ණයෙන්ම මතක නෑ මතක ටික මෙතන දාන්නම්.කවි පන්තියෙ නම් වවුලුව වෙන්න ඕනේ...


    සිවියෙන් මිදුණු බෝවිටියා ගෙඩිය සොයා
    මල් කැකුලකට නෑගම් ඇති තුඩග තියා
    සුරතල් කිරිල්ලක් වන ලැහැබකට ගියා
    දුටුවෙමි ඇගේ කූඩුව කොතැනකද කියා

    මේකත් හරියටම හරිද දන්නේ නෑ.. බට්ටගෙ කවිපන්තිය හොඳ කවියෙක්ගෙ ලක්ෂණ පෙන්නුම් කරනවා.දිගටම ලියන්න බට්ටෝ විශේෂ හැකියාවක් මේක.හරි ලස්සනට කතාවම කියවිලා තියෙනවා.සුභ පැතුම් මගෙන්.ජය වේවා මලේ.

    ReplyDelete
    Replies
    1. අපොයි.. එච්චර අගය කරන්න තරං වටිනවද.. මමත් ඔය කවි ටික කියෙව්ව.. ඇත්තටම ලස්සනයි.. අදටත් ආසයි.. ඔය කවිය නං ඔහොම තමයි මටත් මතක හැටියට.. එහෙමනං මේ තරමට අගේ කරාට ගොඩක් ස්තූතියි.. අයියටත් ජය.. අවුල් සේරම විසඳෙන්න කියල පතනවා ඉක්මනටම.. :)

      Delete
  5. දැන් නම් මට තද වෙනවා හරිද.... මේ බ්ලොග් එකත් එක්ක බ්ලොග් 4යි.හතරම මගෙ කොමෙන්ටු ගිල්ලා.ඇයි බොලව් මගෙ එව්වම ගිලින්නේ ගිලපියකෝ අනිත් එව්වා....

    ReplyDelete
    Replies
    1. හපොයි කේන්ති ගන්න එපා දරුව නිවෙන්න..සන්සුන් වෙන්න..අද මේ පෝය දවසනේ...
      ඔන්න දැන් හරිනේ.....:D :P

      Delete
    2. මගෙත් කමෙන්ට්ස් පහකට වැඩිය ගිලලා අනේ.. :/

      Delete
    3. උඹට තද වෙනව නං උඹම බුරුල් කරගනිං... අපියැ තද කරේ... :/
      …තෙල් කෑම අඩු කරපං.. කෙමෙන්ට් වල ග්‍රීස් ගාන්න එපා.. කොත්තමල්ලි අවුන්සයකට සුදු හුණු ගා තුන පහ ලුණු ඇඹුල් යහමින් දමා තක්කාලි කන්න.. පත අට එකට සිඳුවා බීමෙන් වළකින්න.. නාන්න

      Delete
  6. හප්පා...කවි ටික නම් ලස්සනයි...බට් දුක හිතුනා....

    ReplyDelete
    Replies
    1. හ්ම් හ්ම්.. එහෙම කේස් එකකුත් තියනවද.. සමාවෙන්න ඕනෙ අයියෙ එහෙනං.. ගොඩක් ස්තූතියි අදහසට... :)

      Delete
  7. සුපිරි ආ...!!! මරේ මරු

    ReplyDelete
    Replies
    1. සුපිරිදැ බං සිරාවටම? ;)
      …ගොඩක් ස්තූතියි අයියෙ කොමෙන්ට් එකට.. :)

      Delete
  8. ලස්සන කවියක් සහෝ.. ජය වේවා!!

    ReplyDelete
    Replies
    1. හ්ම්.. සමහරුන්ට නම් දුක හිතිලා වගෙයි.. :/
      මේ කොමෙන්ටුව නං ස්පෑම් වෙලා නෑ ඔන්න.. බොහොම ස්තූතියි අදහසට.. ජය..

      Delete
  9. හප්පේ.. මේ මතක් වෙලා තියෙන්නේ මේකගේ පුස්කොල පොත ආයෙම..

    කවි පෙලනම් ලස්සනයි මලයා.. පාළුවට නොයවා මේක ලියමු..

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්.. ඉඳල හිටල මේ පැත්තත් මතක් වෙනවා... :)
      …පාළුවට නොයවා ලියන්න මමත් ආසයි.. මොකක් හරි හේතුවක් නිසා මට අලුත් දෙයක් ලියාගන්න බෑ.. මුල් දවස් වල හරී අයියගෙන්, චතුරංග අයියගෙන් ආපු මග පෙන්වීම් නිසා දුර්වලකම් ගොඩක් හදාගන්න පුලුවන් උනා.. මට දැන් දැනෙන්නෙ කොමෙන්ට් කොහොම උනත් ලියන දේ ගැන මට තෘප්තියක් නැත්තං වැඩක් නෑ කියලයි.. අලුත් දෙයක්, නිර්මාණශීලී දෙයක් නැතුව නිකංම මුකුත් ලියන්න හිතක් නෑ.. මම හිතන්නෙ ඒකයි පාලුවට යන්න හේතුව.. //බ්ලොග් එක යුනික් වෙනකොටයි නැගලා යන්නෙ// මතකයි හරී අයියේ.. :) ගොඩක් පින් ඒ අදහස් වලට.. බ්ලොග් එක නැගලා ගියත්, නොගියත් ඉස්සරට වඩා මගේ ලිවිල්ල ගැන මම තෘප්තිමත්.. වෙන්න ඕන දේ ඒකයි කියල මට හිතෙනවා.. පුංචිවට හරි වෙනසක් කරා කියලත් මම දන්නවා.. වැරදි පාරවල් වලින් හරි පාරට මාව ඇදල දාන්න පොඩියට හරි උත්සාහ කරපු මේ හැම දෙනාටම ගොඩක් ස්තූතියි.. දිනේෂ් අයියගෙ කොමෙන්ටුවටත් ගොඩක් ස්තූතියි.. :) අපොයි දිනේෂ් අයියගෙ රිප්ලයි එක :D

      Delete
  10. ලස්සනයි මල්ලි අදහස

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි අක්කේ අදහසට... :)

      Delete
  11. මරුවට ලියලා... (සිතිවිල්ලක් විතරනෙ මැරෙන්න එහෙම එපා...)

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි මචං.. :) සිතිවිල්ලක් විතරයි තමා.. ඒ වුනාට..
      …ඒ ඔන්නොහෙ මම මැරෙනවා බං.. :/

      Delete
  12. අපූරුයි නිර්මාණය!
    ඔබට ජය!

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි සහෝදරී.. ජය.. :)

      Delete
  13. සුපිරි බට්ටො!!!

    මුල මැද අග නියම විදියට රයිම් වෙනවා... මුළ ඔඳන් අගට එනකම් ඒ ගතිය රැකගෙන ලියන එක හරිම අමාරුයි... මේක හොඳම විදියට ලියවෙච්ච කවියක්

    ReplyDelete
    Replies
    1. එහෙම ලියන්න ලොකු උත්සාහයක් ගත්ත.. සමහර තැන් වල නං ටිකක් අසාර්ථකයි.. කොහොම උනත් මේ වගේ නැතුව කවි වලට ව්‍යංගාර්තෙකුත් එකතු කරන්න අයිය දක්ෂයිනේ ඈ.. එහෙම බැලුවම මේක පොඩි දෙයක්... ගොඩක් ස්තූතියි අයියෙ.. :)

      Delete
  14. කවි ටිකනං නියමයි.
    යංතං පුස්කොළපොත පුස් කන්න ඉස්සෙල්ල එකක් දාල තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. ඔව් අයියෙ.. කොච්චර උනත් නිකංම පුස් කන්න දෙන්නත් හිතක් නෑ මේක.. ඉඳල හිටල හරි ලියන්නෙ ඒකයි අමාරුවෙන් උනත්.. බොහොම ස්තූතියි.. :)

      Delete
  15. එල.

    කොහෙද බං හිටියේ ?

    ReplyDelete
    Replies
    1. වැඩිපුර ම හිටියෙ නං මූණු පොතේ.. බ්ලොග් එකක් පැත්තෙ එවෙන්නෙ හරිම කලාතුරකින් අයියෙ,, බ්ලොග් ලිස්ට් එක දිහාවත් බලන්නෙ නෑ අඩු ගානෙ.. කියෙව්වොත් නං අනිවා කොමෙන්ට් එකක් දාලයි එන්නෙ.. ගොඩක් ස්තූතියි :)

      Delete
  16. Replies
    1. සාතන් අයියත් කවි කාරය කියල අපී දන්නවා.. ;)
      …බොහොම ස්තූතියි.. :)

      Delete
  17. ආයෙත් පුස්කොළපොත කළු මැදපු එක ගැන බොහොම සංතෝෂයි........

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි අයියෙ අදත් ආවට දිරිමත් කරන්න.. මම බලාගෙනම හිටිය අයියගෙ විචාරෙ හම්බුණේ නැති එක තමා දුක.. ;) වැඩ ඇතිනේ.. අවුලක් නෑ.. :)

      Delete
  18. ලස්සනට ලියලා මල්ලි : D

    ReplyDelete
    Replies
    1. තැංකූ තැංකූ අක්කේ :D

      Delete
  19. කවි හතරම ලස්සනයි මල්ලි...
    එත් මේ කවියට මං ආසයි...

    උණුසුම් කඳුළු බිඳුවකි නෙත සිප ගන්නේ
    කොතරම් වැළපුණත් ඇය නෑ යළි එන්නේ
    රුදු සිහිනයෙන් කෙළෙසද මා පිබිදෙන්නේ
    මරණය සොයමි, අද මා ඔබ වෙත එන්නේ

    ReplyDelete
    Replies
    1. ඒ... අර මොකෝ ඒ කවියට විතරක් විශේෂයක්? :D

      Delete
  20. මමත් ආවා.නියමයි.

    ReplyDelete
    Replies
    1. වෙල්කං අක්කේ.. තැංකූ වේවා!! :D

      Delete
  21. ඔන්න බට්ටෝ මමත් සැපත් උනා. අගේ ඇති පැල් කොටේ. පංකාදු කවි පෙළ ආයෙමත් එන්නම්කෝ. දිගටම ලියන්න

    ReplyDelete
    Replies
    1. අයියත් වෙල්කං.. බෝම ලේසියෙං පටං අරගෙන අමාරුවෙන් පවත්තගෙන යන පැල් කොටයක්.. තැංකූ එහෙනං..

      Delete
  22. අගේ ඇති පද පෙල...

    කවුරැ කවුරැත්
    නිරෝගී වේවා෴දීර්ඝායු වේවා෴ සැප වේවා෴චිරං ජයතු!!!

    ReplyDelete
    Replies
    1. බෝම ස්තූතියි... මාත් කියන්නෙ ඒකයි.. හැමෝම නිරෝගී වේවා!! දීර්ඝායු වේවා!! ජය වේවා!! :D

      Delete
  23. ජය වේවා බට්ටෝ.....නීම කවි ටික අප්පා...පට්ට අඃ....

    ReplyDelete
    Replies
    1. තැංකූ තැංකූ.. ඔයැයිටත් ජයම වේවා!! යෙහෙන් වැජඹේවා!!

      Delete
  24. ජයවෙවා ජොනී බටිටො

    ReplyDelete
    Replies
    1. තැංකූ ඇන්ඩ් ජය වේවා Mr. වැ.කො.ඇ. මී. !! :D

      Delete
  25. පන්හිඳ අනියි කටු අත්තක් වී හදට
    පුන්සඳ පවා සෝ දසුනකි මගෙ ලොවට
    ඉන්නද කෙසේ ඇය වෙන් වුනි පෙර පවට
    දැන් ලද දෙයින් සැනසෙනු මිස නන් කුමට

    නියමයි.. දිගටම ලියන්ට කවි!

    ReplyDelete
    Replies
    1. වර්ෂත් වැහැල යන්න ඇවිත්.. මට ඉඳල හිටල ලියවෙන ඒව තමා මේ.. ඉස්තූතියි එහෙනං..

      Delete
  26. නියම්යි බට්ටා, ලස්සනට ලියලා :)

    ReplyDelete
    Replies
    1. එළස් ෆා අක්කේ.. තැංකූ වේවෝ!! :D

      Delete
  27. මාත් අලුත් මාත් ආව ඔන්න ඇ
    මරු කවි ටික

    ReplyDelete
    Replies
    1. මේ මනුස්සයාට මක් වුණාද? >_<

      Delete

ඔබේ ප්‍රතිචාරය පුස්කොලපොතේ අලුත් පිටුවක උපතයි!

Related Posts Plugin for WordPress, Blogger...