2012/08/31
මරණය සොයමි..
සැඟවුණු කඳුළු බිඳුවක පිහි පහර වැද
වැගිරෙන රුහිරු සමඟින් පවු ගෙවයි හද
තනිකම මකන මුත් පාලුව ළඟින් හිඳ
පෙර තනි මැකූ ඇය මා ලඟ නොමැත අද
…
පන්හිඳ අනියි කටු අත්තක් වී හදට
පුන්සඳ පවා සෝ දසුනකි මගෙ ලොවට
ඉන්නද කෙසේ ඇය වෙන් වුනි පෙර පවට
දැන් ලද දෙයින් සැනසෙනු මිස නන් කුමට
…
ඇය හෙලු බැලුම් සිහිවෙයි නිල් දෙනෙත අයා
කන්කලු සිනාවන් සොයනෙමි කොහෙද කියා
දැන් මා කෙසේ සැනසෙන්නද දෙ ඇස පියා
ඇය ගිය ලොවට ඈ මගෙ හද අරන් ගියා
…
උණුසුම් කඳුළු බිඳුවකි නෙත සිප ගන්නේ
කොතරම් වැළපුණත් ඇය නෑ යළි එන්නේ
රුදු සිහිනයෙන් කෙළෙසද මා පිබිදෙන්නේ
මරණය සොයමි, අද මා ඔබ වෙත එන්නේ
Subscribe to:
Posts (Atom)