2012/04/05
ඇරපං යකෝ දොර......
විඳින්නට වෙනසක්
පිරෙන්නට ජීවිතය
නොවන්නට වෙහෙසක්
හැරයන්න මතකය
තැත් දරන නමුත් මා
දෙවසරක් පුරා සිට
නොමැත මට ගැළවුමක්
හදවතේ කොනක සිට
එබෙයි ඈ තවමත්
…
කටු සහිත පාවහන්
පැළඳගෙන ඇවිදිමින්
අත නෑර එකදු බිම් අඟලක්
සක්මනෙහි යෙදෙයි ඈ හදවතේ
හද මැදුර තුලට පැන
වසාගෙන දොර ජනෙල්
එබෙන්නට බැහැ මටත්
මගේ හදවත තුලට
ඇරපං යකෝ දොර
අඩු ගානෙ ජනේලයක්වත්
ඇතුළට එන්න මට
ඔප්පුව මා සතුයි
හෙටම මම දමමි නඩු
තොට ඕනෙ හිරේ යන්නද?
එළියට බැහැල පල ගෙදර.....
ප. ලි. :
මට දැනගන්න ඕනෙ එකම දෙයයි... මේක නිසඳැසක්ද නැද්ද කියපල්ලා කරුණාකරලා....
ඊට අමතරව ඇත්තටම හිතට දැනුණ දේ විතරක් ලියල ගියාට කමක් නෑ...
පින්තූරය ගත්තේ : මෙතනින්
Subscribe to:
Posts (Atom)