tag:blogger.com,1999:blog-36786648200980833102024-03-19T14:57:44.800+05:30පුස්කොළපොතඅතීතයෙන් අහුලා ගත්තකි.බට්ටාhttp://www.blogger.com/profile/04834982813712526152noreply@blogger.comBlogger22125tag:blogger.com,1999:blog-3678664820098083310.post-22467555416530743652014-07-29T23:49:00.000+05:302014-07-29T23:49:10.228+05:30සමු දෙනු මැන
මං කතන්දර ලියන්න උත්සාහ කරේ පොඩි කාලේ ඉඳන් ම යි. හැබැයි අද වෙනකොටත් ලියල ඉවර කරපු කතන්දරයක් නං නෑ. ලියපු කොටස් වුණත් මට තෘප්තිමත් වෙන්න බැරි තරං අසාර්ථක ඒවා. මම 2010 වෙනකොටත් මොන ම වෙලාවකවත් කවියක් ලියන්න මට ම හිතිලා උත්සාහ කරේ නෑ.
2010 අවුරුද්දේ මැද හරිය පහු වුණ ගමන් මම වක්කඩේ හංගපු හකුරු ටික උස්සපු හොරාට කලින් කෙහෙල් කැන වැට පැන්න තැන ගැටගහල හිටිය ගොනා ගහෙන් වැටුණ මිනිහට ඇන්නැහේ හිටි ගමන් කවියක් ලිව්වා.. ඒ ඇයි? මොකද කියනවනං ආ... අන්න ඒ හේතුව නිසා තමයි. වාර්තා පොතේ සටහන් වෙනවා ඒ මුලින් ම ලිව්ව දවස 2010-08-01 හැටියට. පරණ කොළ ගොඩක් අස්සෙ තිබිලා මට හම්බුණ ඒ වගේ මුල් කාලීන කවියකින් පුස්කොලපොත කලු මදින්න හිතුණා අර මුලින් ම කවිය ලිව්වා වගේ ම. :3
නන් දෙසින් හමනා වු මදනල පැවසුවා රහසක් හෙමින්
හදේ සැඟවූ ජීවිතය ගෙන පලා ගිය බව ඈ හොරෙන්
හදවතත් ඉරි තලා ගිය කල ජීවිතය නැති පාලුවෙන්
දිවිය නැති හදවතක් කුමට ද සමුගනිමි මා ලෝකයෙන්
සදාකල් මා දිවිය රැකගෙන සිටින බව කීවත් ළඟින්
මලින් ගිලිහෙන පිණි පොදක් ලෙස නික්මුණා ඈ මා කෙරෙන්
නිදි ලොවේ මගෙ සිහින ළඟ ඈ සිටින මුත් ඉහ ඉද්දරින්
ඔබ නොමැති ලෝකයේ සතුටක් නොමැත සමු දෙනු මැන ඉතින්
- 2011-02-27
බට්ටාhttp://www.blogger.com/profile/04834982813712526152noreply@blogger.com9tag:blogger.com,1999:blog-3678664820098083310.post-40876147664443800672014-04-24T22:18:00.001+05:302014-07-24T11:53:07.963+05:30අමෘතය
එකමත් එක රටක හිටපු මෝහන විද්‍යාඥයෙක් කොට ජීවිතයක් ගෙවපු පිරිමි ළමයෙක්ව මෝහනය කරා. එයාට ඕන වුණේ ඒ කොට ජීවිතේ පෙර ආත්මෙ මොන වගේ ද කියල බලන්නයි. එයා ඒ පිරිමි ළමයගෙන් ප්‍රශ්න අහන්න පටන් ගත්තා.
වි - හොඳයි. ඔයා කවු ද? කොහෙ ද ඉන්නෙ?
පි - මං දෙයියෙක්. ඉන්නෙ දිව්‍ය ලෝකෙ
විද්‍යාඥයගෙ කට මෙහෙම ඇරුණා. එයාට පුදුම හිතුණා. දැන් දිව්‍ය ලෝකෙ මොන වගේ ද කියල දැනගන්න පුලුවන්. එක එක ප්‍රශ්න අහන ගමන් එයා මෙහෙමත් ඇහුවා.
ඔයාට කොහොම ද දැනෙන්නෙ? මොනව ද පේන්න තියෙන්නෙ?
පි - උහ්.. මට බඩගිනියි. ලොකු බිල්ඩිමක් පේනවා. හරි ම නුහුරු ගතියක් තමා දැනෙන්නෙ. මං මෙහෙට අලුත්. මගේ ඉස්සරහට දෙයියෙක් ඇවිදන් එනවා. මං එයාට කතා කරන්නයි යන්නෙ.
වි - හා.. ඉතිං මොනව ද කියන්නෙ?
පි - “ ඒ යාළුවා! මෙහේ කැන්ටිමක් එහෙම නැද්ද? බඩගිනී බං. “ කියලා.
වි - ඉතිං?
පි - ඒකා මාත් එක්ක හිනාවෙලා අර ලොකු බිල්ඩිමට අත දික් කරලා ලතාවට කියනවා, “ මිතුර! තෙල පෙනෙන්නේ කප් සුවහස් කලක් තිස්සේ මෙම තුසිතයෙහි විරාජමානව වැජඹෙන මහ බොජුන්හල යි. නේකවිධ ලෙස පිළියෙල කරන ලද අමෘතය එහි හිඟ නො වේ. තොපට අවැසි වේලාවක ගොස් අවැසි තරම් අනුභව කරව! “
වි - හා
පි - ඒක ඇතුළට යනවා මම. ඇතුළේ ලොකු බුෆේ එකක් වගේ. ලොකු මුට්ටි පේලියට තියලා බෝඩ් ගහලා.
වි - බෝඩ්? මොනව ද?
පි - අමු අමෘතය, තම්බපු අමෘතය, තෙම්පරාදු අමෘතය, අමෘත සුප්, කලවං අමෘතය... අම්මට හුඩු! ඇඬෙනවා බං. මුට්ටි කෝච්චියක්. මට හිතෙනවා මුලින් ම අමු අමෘතය කාලා බලන්න.
වි - හා හා එළ.. ඉතිං?
විද්‍යාඥයගෙ කුතුහලය අහස උසට නඟිනවා. ඇයි අමෘතය හදන විදිය හොයාගන්න පුලුවන් වුණොත් සෙල්ලංයැ. ලෝකෙ ම ප්‍රසිද්ධ වෙන්න වුණත් පුලුවන් වෙයි සමහර විට.
පි - ඉතිං මම ගිහින් මුට්ටියට එබෙනවා
වි - ඉතිං? මොන වගේ දෙයක් ද ඒකෙ තියෙන්නේ? මොනවයින් ද හදල තියෙන්නේ?
එතකොට ම පිරිමි ළමයා “හුග්!“ ගාගෙන ගැස්සිලා බය වෙලා ඇහැරුණා. එයා ඉහිං කනිං දාඩිය මුගුරු පෙරාගෙන මෙහෙම කිව්වා.
“ පරිප්පු බං! “
බට්ටාhttp://www.blogger.com/profile/04834982813712526152noreply@blogger.com19tag:blogger.com,1999:blog-3678664820098083310.post-64269884736909288822014-03-05T02:58:00.001+05:302014-03-08T02:10:39.111+05:30 මැදින් දෙකඩ කෙරුවත් හද එයත් මදී ( ඕං ලිව්වා :D )
සිසිල් සුළං තුරු අතරින් හමා ඇදී
සුසුම් පවන් දෙන සිතුවම් හිතේ අඳී
සුනිල් නුවන් මුදු කෙහෙරැල් මතක රැඳී
සෙමින් සෙමින් උණු කඳුළැල් නෙතින් අදී
නොයෙක් රිදුම් දෙන හැඟුමන් කවෙන් සැදී
උලක් වෙමින් අනිමින් හද රිදුම් දිදී
ගොයෙක් සිහින් හඬ නඟමින් වනෙන් ඇදී
සියක් සුසුම් දෙන හැඟුමන් නො දෙන් යදී
සොවින් බරව ඇදෙමින් රන් රුවන් නදී
නදින් නපුරු විලසින් විත් සවන් වදී
රුවින් රුවට මතුවෙයි රුව නුවන් රිදී
මැදින් දෙකඩ කෙරුවත් හද එයත් මදී
නැඟෙයි කඳුත් තුරු මුදුනින් සෙවන හෙලා
නඟයි සියොත් කැල සෝ ගී සවන පෙලා
හෙලයි රිවිත් සිය කැලුමන් අවර බලා
දුරයි හෙටත් යන්නෙමි මම තනිය හෙලා
පින්තූරය ගත්තේ : මෙතනින්
බට්ටාhttp://www.blogger.com/profile/04834982813712526152noreply@blogger.com17Colombo, Sri Lanka6.9270786 79.8612430000000596.8009751 79.69988150000006 7.0531821 80.022604500000057tag:blogger.com,1999:blog-3678664820098083310.post-86798765893387159522013-03-10T20:42:00.000+05:302013-03-10T20:42:41.276+05:30නිවුන්නන් වේ ය උහු..
ඈත දීපෙක
ඈත කාලෙක
විසුවා නිවුන්නෙක්
නිවුන්නියක්
සාමාන්‍යයි
උන්ගෙ ජීවිත
දිනෙක මරුවා
අමුතු වෙසකින්
පැමිණ උහු අතරට
හිටියොතින් උඹ
තවත් මූ ළඟ
මරණවා මූ
මරණවාමයි
තර්ජනය කර
නිවුන්නිට
පල යන්න තෝ
ඌව අතහැර
හැපී පොළොවේ
කඩා කෙස්වලු
කඳුලු නොහෙලා
සිනාසීගෙන
නික්මුණා ඈ
දමා අතහැර
සෝවුරා තම
බේරගන්නට
උගේ ජීවය
බිය නොවනු මැන
නිවුන්නිය
ඉටු කරමි ඔබ
පොරොත්තුව මම
වැටෙමි එනමුදු
විගස නැගිටිමි
අතැර නොයනෙමි
අරමුණ
සිටියත් නැතත්
ළඟින්
ඔබ
බට්ටාhttp://www.blogger.com/profile/04834982813712526152noreply@blogger.com36tag:blogger.com,1999:blog-3678664820098083310.post-75700893334636545102013-02-27T15:53:00.001+05:302013-02-27T15:55:50.269+05:30සියදිවිනසාගැනීම (හිටවෙන කවි)
ලස්සනට පෝය හඳ පායල තිබුණ සීතල මැදියමේ කට්ටිය පාලු ඇලේ දිරච්ච කොටේ උඩ වාඩිවෙලා ලෑස්ති වුණේ පෝය දවසෙම පස්වෙනි සිල්පදේ කඩන්න නං නෙමේ.. මුණ ගැහුණෙ කාලෙකින් නිසා ආගිය තොරතුරු ටිකක් කතා බහ කරල යාලුකම් අලුත් කරගන්න.. ඉතිං සුද්දයි, බට්ටයි, බඩයි, සීඩියයි පටං ගත්තා ගජරාමෙට කියවන්න.. ඔහොම පැයක් විතර ගියාට පස්සෙ කියන්න තියන සේරම කියල ඉවරවුණා කියහංකෝ.. ආයි ඉතිං ලිඳ ලඟ සංගමේ ගෑණුන්ට තරං කියවන්න දෙයක් තියේයෑ කොල්ලන්ට..
ඉතිං හත්තිලව්වේ දැං මොකෑ කරන්නේ.. මෙච්චර කාලෙකින් සෙට් වුණේ බකන්නිලාගෙන ඉන්නයැයි.. හැමෝම බඩ උලාගෙන ඉන්දැද්දී සත්ගුණවත් බට්ටා ගෙනාවා අපූරු යෝජනාවක්.. කාලීන මාතෘකාවක් ගැන කවි බණක් දේසනා කරමු කියලා.. මොකද්ද? පිස්සුද ඕයි.. කවි බණක් නෙමේ.. හිකනලා.. කාලීන මාතෘකාවක් ගැන හිටවෙන කවි පැළ කරන්න.. ආ..
අනිත් එවුනුත් හා හූ ගාලා කැමති වුණාට පස්සේ වැඩේ යන විදිය තීරණේ වුනා.. හතර දෙනෙක් ඉන්න නිසා එකා එක පදේ ගානේ කියමින් කවියෙන් කවිය ගොඩ නගා කවි පවුරක් හදන්න අදහස දුන්නා එතන හිටපු ඉතාම සීලාචාර, සංවර, සුගුණවත් එහෙම එහෙම ළමයා.. ඒ කවුද කියලා කියන්න ඕනෙ නෑනේ මං? :P
ඊළඟට මාතෘකාව.. මාතෘකා ගණනාවක් අතරෙන් තේරිලා ඒකච්ඡන්දයෙන් සභා සම්මත වුණේ "සියදිවිනසාගැනීම" කියන එක..
බොහොම හරවත් විදියට කාරිය කරගෙන යන්න හිතපු සීඩියා වැදගත් කටහඬකින් පටං ගත්තා..
කෝච්චියට අහුවුණාට මුකුත් වෙන්නෙ නෑය කියා (ඩිඟිරි ටිකිං ටිංකි ටිකිං)
කට්ටිය ටික වෙලාවක් කට ඇරගෙන බලාගෙන හිටියා.. කමක් නෑ.. ඕන එකක්.. සුද්දා හඬ අවදි කරා..
එහා ගමේ ලොකු මාමා පීල්ල උඩ බෙල්ල තියා (ර්රඹ ටඹ ර්රඹ ටඹ)
අකුණක් පුපුරණ වේගෙන් සුදු මැණිකේ ආව ගියා
එළ එළ..
කැඩුණ බෙල්ල අතේ අරං ලොකු මාමා ගෙදර ගියා..
ඉතාම සම්භාව්‍ය විදියට පළවෙනි කවිය ඉවර කරපු සතුටත් ඔලුවෙ තියාගෙන බඩා දෙවෙනි කවිය පටං ගත්තා..
මන්නාරම් පිටි වැල්ලේ මදටිය වැල් ඔංචිල්ලා
බඳින ගහේ උඩ අත්තේ දිරච්ච කඹයක් එල්ලා
මහ හයියෙන් උඩු බුර බුර දුවගෙන එයි කලු බල්ලා
එල්ලෙන්නට හෙට පුලුවන් දැන් හයියෙන් දුවපල්ලා
නා ගහ ලඟ පාමසියෙන් වහ කුප්පිය ගෙනැවිල්ලා
වැඩි ඉක්මන් වෙන්න කියා බිව්වා හොඳ හැටි හොල්ලා
පැයක් ගියා දෙකක් ගියා මැරුණේ නැහැ ඒ කොල්ලා
විපරං කර බලනා විට වහ කුප්පිය කල් පැනලා
අන්තිම වචනෙං එළු සමයං එක අවුල් ගිය නිසාද කොහෙද බටුවට රවපු සීඩියා ඊලඟ කවියට මුල පිරුවා..
කොල්ල දාල ගියපු නිසා මහවැලියට පනිමි කියා
ඒ කවි පදේට පස්සෙ මොහොතක නිහඬ විරාමයක් ගත වුණා.. කට්ටියගෙ වචන ඉවර වෙලා වගේ.. හහ්.. පිස්සුද.. මෙන්න සුද්දා දෙවෙනි පදේ කියනවා..
පුංචි කෙල්ල ටිකිරි ලියා කළෙත් අරං ගඟට ගියා..
ඊ ළඟට තුන් වෙනි පදේ බඩාගෙන්..
ගඟ අයිනෙන් කළේ තියා සිකුරුලියා බොලඳ ලියා..
දැන් මොකද කරන්නෙ.. බට්ටට සිංහලත් අමතක වුණා.. විනාඩියක් දෙකක් කට ඇරගෙන හිටිය බටුවා අන්තිමට කවි සම්මේලනේ ඉවර කරා මෙහෙම..
කිරි මුට්ටිය ගඟේ ගියා ගඟට උඩින් කොක්කු ගියා..
ප.ලි - මේ කතාන්දරය සහ එහි අඩංගු කරුණු පට්ටපල් බොරු බව සලකන්න..
බට්ටාhttp://www.blogger.com/profile/04834982813712526152noreply@blogger.com24tag:blogger.com,1999:blog-3678664820098083310.post-28535153491133960632013-01-30T05:30:00.000+05:302013-01-30T12:31:12.497+05:30පින්තූර අස්සට වීඩියෝ සමග ගීතයෙන් ගීතය.. (2013 ගෙට්ටුව)
27 වෙනිද මොකද වුණේ කියල මම අමුතුවෙන් කියන්න ඕනෙ නෑනේ.. ඔය ආපු ගිහිපු උදවිය කියල තිබුණේ මදි නොකියන්න.. අතිශයෝක්ති, මඩ, රස, ගුණ වැණුම්, අපබ්‍රංස, මතක ආවර්ජනා, තරඟ, හොර වැඩ වගේ හැමදෙයක් ගැනම.. නොකියපු දෙයක් හොයාගන්නත් අමාරුයි..
ඒ පෝස්ට් දාපු හැමෝම වගේම මමත් ඒ දවස රස වින්දා.. හරිම ලස්සන දවසක්.. මීට වඩා ක්‍රියාකාරී බ්ලොග්කරුවෙක් වුණා නම් ඊටත් වඩා රස විඳින්න තිබුණා කියලත් හිතුණා.. කොහොම වුණත් අක්‍රීය බ්ලොගරුවන්ගේ සංගමයේ අධි ක්‍රියාකාරී සාමාජිකයෙක් විදියට වුණත් අඩුවක් දැනෙන්න ඉඩ තිබ්බෙ නං නෑ ඒ අපූරු යාලු මිත්‍රයො ටික.. ඒ වගේ සුහද මිනිස්සු ගොඩක් එක සැරේම හම්බවෙන්න තරං පිං කරලා තිබුණලු අපිත්..
ප්‍රධාන සංවිධායකවරු තුන් දෙනා වෙච්ච සිරා, සෑමා, අටමා කියන සහෝදරවරුත් ප්‍රාදේශීය පිරිස් සංවිධායකවරුන් වෙච්ච ප්‍රදීප් අයියා ඇතුළු අනික් අයත් වගකීමෙන් මහන්සිවෙලා තමා දවසේ කටයුතු පිලිවෙලට පෙලගස්සල තිබුණෙ.. උදේම ඇහුණ කනගාටුදායක ආරංචියකුත් මතක් කරන්න ඕනෙ.. වැස්සත් එක්ක හදිස්සියෙ ආපු ගංවතුරෙන් පාරවල් වැහුණ නිසා සඳරු අයියත් එක්ක ඒ පැත්තෙන් එන්න හිටපු උදවියට ගෙට් එකට එකතු වෙන්න බැරි වුණා..
මෙන්න මේ කාරණාව ටිකක් සැක සහිතයි.. දමිත් අයිය කියනව මෙහෙම කතාවක්.. //
දේවා ගේට්ටුවට අවා බන්,කුලියාපිටිය,කුරුණෑගල පැත්තෙන් එන්න හිටපු එවුනුත් අවා.
මම ඇහුවත් එක්ක දේවා අයියගෙන් ඒ පැත්ත යට වෙලාද කියල,උබනේ මටත් ඔය නිවුස් එක කිව්වේ.
එහෙම අවුලක් ගිහින් නෑ බං .ඇයි බං අර ජාල කරාමේ ලගදි ප්‍රදීප් අයියත් එක්ක දේවා අයියාවත් හම්බ උනේ...
උබ ගුලි කාලද හිටියේ....// කාරණාව පැටලිලි සහගතයි.. දන්න කෙනෙක් ඉන්නවනං පැහැදිලි කරන්න.. නැත්තං හැමෝම නොදැක්ක වගේ ඉන්න.. :P
මම නොදන්නවට මේකට මහන්සි වෙච්ච තව ගොඩක් අය ඇති.. ඒ අතරින් ගෙට්ටුවට යන්න කලින් ගේට්ටුව ලඟ හිටගෙන ගෙට්ටුවට ආපු අය වෙනුවෙන් ටිකට් විකුණපු සමියයි, කම්මලයිත් මතක් කරන්න ඕනෙ..
කොහොමෙන් කොහොම හරි පටං ගනිද්දි හිටපු ලොකු පිරිසෙන් ගොඩ දෙනෙක් හවස් වෙද්දි අඩු වෙලා හිටිය.. ඒ උදවියට මගේ සාතිශය සංවේගය ප්‍රකාශ කරන්න වෙනව.. මොකෝ ඒ අපූරු දවසෙ අපූරුම කොටස තිබුණෙ හවස් වරුවෙ.. හොඳ හොඳ සෙල්ලං එළිවෙන ජාමෙට කියන්නෙ නිකංයැ..
ඉතිං වෙච්ච දේවල්, කරපු දේවල් ගැන ගොඩක් බ්ලොග් වලින් කියවපු නිසා දැන් කට්ටිය ලෑස්ති වෙන්න ඒ හවස් වරුවෙ තිබුණ අන්තිම තරඟෙන් කොටසක් ශ්‍රව්‍ය දෘෂ්‍ය ආකාරයට රස විඳින්න.. මේ වීඩියෝ එකේ තත්වෙ බාල කරන්න සිද්ධ වුණා මට, මගේ නෙට් ස්පීඩ් එක ගොඩක් වැඩි හින්ද යූ ටියුබ් එකේ බටේ කඩාගෙන ගියොත් එහෙම කියල.. එහෙම කරලත් පස් හය පාරක්ම උත්සහ කරල, මේක තමා අන්තිම සැරේ කියලත් දෙපාරක් තුන්පාරක්ම උත්සාහ කරල තමා "ට්‍රයි ඇන්ඩ් ට්‍රයි වන් ඩේ යූ කැන් වීඩීයෝ එක අප්ලෝඩ් කරන්න" කියන නියමයට අනුව වැඩේ ඉවර කරගත්තෙ.. එහෙනං ඕං අල්පේච්ඡ බ්ලොග් කාරයො විදියට ලද දෙයින් සතුටු වෙයල්ලා.. එහෙම බැරිනං මගේ දුප්පත් 2MP මොබයිල් කැම් එක වගේ නැති සෝනි සයිබර්ෂොට් කම්පැක්ට් කැමරාවකින් මේ සිද්ධිය මට වඩා හොඳට වීඩියෝ කරපු 'උගේ හද ගැස්ම' ලියන දමිත් ශ්‍රියන්ත අයියට වැඳල හරි උසස් තත්ත්වයේ වීඩියෝ එකක් අප්ලෝඩ් කරවගෙන ඒක බලපියව්.. :D
අවසාන වශයෙන්, සංවිධායක වරුන්ටත්, ගෙට් එකට ආපු හැමෝටමත්, එන්න ඇඟිලි ගැන ගැන ඉඳල සාධාරණ හේතු නිසා එන්න බැරි වුණු අයටත්, හෙට කොහොමහරි යනවමයි කියල හිතාගෙන ඉඳල උදේ නැගිටින්න කම්මැලි හිතිල ගෙදර හිටපු උදවියටත්, යන්දෝ නොයන්දෝ කියලා හිතාගන්න බැරුව හිටිය අයටත්, "අනේ අපි නං යයි ඔය කෙහෙල්මල් වලට" කියල හිතාගෙන ගෙවල්වල හිටපු අයටත්, ඔය සේරම ගැන කියපු එකේ ඔන්නොහෙ මටත් බොහෝම බොහෝම ඉස්තූතියි.. ^_^
යේ යේ.. පෝස්ට් එකක් දැම්මෝ.. හුරේ.. හූ සිතුමෝ.. ඇද්ද තොට... ඔ.. අ.. :O අඩේ සොරි මචංලා... ප්‍රසිද්ධ වේදිකාව නේද.. අමතක වුණා.. :/
බට්ටාhttp://www.blogger.com/profile/04834982813712526152noreply@blogger.com44tag:blogger.com,1999:blog-3678664820098083310.post-90813564493548508292012-08-31T14:01:00.001+05:302012-08-31T14:08:06.084+05:30මරණය සොයමි..
සැඟවුණු කඳුළු බිඳුවක පිහි පහර වැද
වැගිරෙන රුහිරු සමඟින් පවු ගෙවයි හද
තනිකම මකන මුත් පාලුව ළඟින් හිඳ
පෙර තනි මැකූ ඇය මා ලඟ නොමැත අද
පන්හිඳ අනියි කටු අත්තක් වී හදට
පුන්සඳ පවා සෝ දසුනකි මගෙ ලොවට
ඉන්නද කෙසේ ඇය වෙන් වුනි පෙර පවට
දැන් ලද දෙයින් සැනසෙනු මිස නන් කුමට
ඇය හෙලු බැලුම් සිහිවෙයි නිල් දෙනෙත අයා
කන්කලු සිනාවන් සොයනෙමි කොහෙද කියා
දැන් මා කෙසේ සැනසෙන්නද දෙ ඇස පියා
ඇය ගිය ලොවට ඈ මගෙ හද අරන් ගියා
උණුසුම් කඳුළු බිඳුවකි නෙත සිප ගන්නේ
කොතරම් වැළපුණත් ඇය නෑ යළි එන්නේ
රුදු සිහිනයෙන් කෙළෙසද මා පිබිදෙන්නේ
මරණය සොයමි, අද මා ඔබ වෙත එන්නේ
බට්ටාhttp://www.blogger.com/profile/04834982813712526152noreply@blogger.com56tag:blogger.com,1999:blog-3678664820098083310.post-74347081119859536372012-07-08T03:53:00.002+05:302012-07-10T05:35:18.104+05:30කඳුලු බින්දුව.... හූ..
හිතේ දුක වනසන්න
එක කඳුලු බිඳුවකට
හැකි උනත් එන්නෙපා
ඇස් අගට
අඩු වුනත් දුක හිතේ
සුව දැනෙන මුත් නෙතේ
කොට්ට උර හෝදන්න
කවුරුවත් මට නැතේ
මල මගුලයි.. අම්ම එනව :o
ෆේස්බුක් එකේ හිඳ
විබාගෙට කෙල වෙතේ
කොට්ට උර හෝදන්න
ගෙදර වැඩ කරගන්න
හොඳ වදක බාරියක්
තොට හම්බවෙයි පුතේ
ඇහිල නේද..........
(හයියෙන්)පොත් අපේ නෙත් වගේ
බට්ටාhttp://www.blogger.com/profile/04834982813712526152noreply@blogger.com46tag:blogger.com,1999:blog-3678664820098083310.post-84374126357637446462012-05-10T01:45:00.000+05:302012-05-10T01:45:43.242+05:30බාරොං බූරු කතාව
බොලවුනේ...! පුංචි කාලෙ සුරංගනා කතා අහල තියේද?? ආසද ආපහු අහන්න මේඩ් ඉන් ශ්‍රී ලංකා සුරංගනා කතාවක්... ඒත් වැඩ තියන අය කාලෙ නාස්ති කර ගන්න එපා ඈ..
මෙහෙමයි...
එක හැන්දෑවක හද්ද පිටිසර ගමක රැවුල දිග අසූව පැනපු සීය කෙනෙක් හාන්සි පුටුවක වාඩි වෙලා හිටියා... ඉන්නකොට අහල පහල සෙල්ලං කර කර හිටිය පුංචි එව්වො වගයක් සීය වටේට එකතු වෙලා නඩුවක් අහන්න පටාං ගත්තා..
"සීයෙ මූ කියනවා සත්තු වත්තෙ පැන්ඩල නෑලු" එකෙක් කිව්වා.. අන්න ඒක අහපු ගමන් සීයට හෙනට මල පැන්නා
"පැන්ඩ?? මතක් කරන්න එපා බොලවු ඕකව... ආව මෙතන මගුලක් කතා කරන්න.. පල කිව්වෙ"
"ඒ මොකද බං??" පොඩි එකෙක් ලඟ හිටිය එකෙක්ට කෙඳිරුවා....
"ඇයි සීයෙ?" එක පොඩි එකෙක් බයෙන් වගේ ඇහුවා...
"ඕකා අපේ පරම්පාරාවෙ හතුරෙක්"
"ඒ මූට පිස්සුද බං?? පැන්ඩ කියන්නෙ හෙන අහිංසක සතෙක්නේ" අර පොඩි එකා ආපහු ලඟ හිටිය එකාට කෙඳිරුවේ වෙන කාටවත් නෑහෙන්න..
"ඒ මොකෝ සීයෙ ඒ? පැන්ඩ මක් කරාටද? "
"ඔය එහෙං මෙහෙං ඈඳි ගං එහෙනං කියන්න කතාව...."
පොඩි උන් ටික ඉඩ තියන තැන් බලල හොඳ සැප පහසුවට වාඩි උනේ කතාව දිග උනොත් එහෙම කියලයි...
සීය කතාව පටං ගත්තා....
"දැන් ඔන්න බොලං අපේ සීය ඉන්නවනේ... දැන්නං නෑ... ඉස්සර හිටියලු.. අන්න ඒ සීයගෙ සීයට හිටිය මාම කෙනෙක්.."
"ඒ මාම සීයට කවුද වෙන්නේ? " පොඩි එකෙක් මැදට පැන්නා...
"වහපිය කිව්වෙ කට" සීයගෙ සද්දෙට ඌ කට වහගෙන පැත්තකට උනා...
"ඒ මාමගෙ මල්ලිගෙ පුතා බැඳල හිටිය කෙනාගෙ බාප්පට හිටිය එක පුතෙක් කසාද බැන්දා... ඒ පුතාගෙ යාලුවෙක් හිටියා ආරොං කියලා.. මේ ආරොංගෙ මුත්ත බැඳල හිටිය නෝනගෙ අම්ම බැඳල හිටිය එක්කෙනාගෙ දුවගෙ මාමට යාලුවෙක් හිටිය බාරොං කියලා... "
මේ කතාව අහන්න වාඩි උන පොඩි උන් දෙන්නෙක් තුන් දෙනෙක් ඔලුවෙ අත ගහත්තා... අනිත් උන් කට ලොකු කරල ඇරගෙන සීයගෙ දිහා බලාගෙන හිටියෙ කන්න වගේ...
"හොඳ වෙලාවට බං මම වාඩි වෙලා හිටියෙ" අර පොඩි එකා ආපහු ලඟ හිටිය එකාගෙ කනට කතා කරා..
සීය කතාව පටං ගත්තා...
"අන්න ඒ බාරොං ඒ දවස් වල හිටියෙ මැටි ගහල හදපු ටිකක් ලොකු ගේක...මිනිහ කසාද බැඳලා තමා හිටියෙ.. ළමයි හිටියෙ නෑ... ටිකක් වයසයි පොරට ඒ කාලෙත්.. මාත් එක්ක එකට ඉස්කෝලෙත් ගියා ඉස්සර.."
ඒක අහල පොඩි උන් පුදුම උනා.. උඹලටත් වැඩිය උන් පුදුම උනා... ඒත් සීය ඒක ගනන් ගත්තෙ නෑ.. කතාව කිව්වා..
"එක පුටුවෙ වාඩි වෙලා අපි අකුරු ලියපු හැටි මතක් වෙනකොට මේ දැනුත්... මේ දැක්කද... මේ.. කඳුලු එනවා...." සීය කඳුලු වලින් තෙමිච්ච ඇස් දෙක පෙන්නුවා.. ඒ වෙලාවෙ පොඩි උන් දෙතුන් දෙනෙකුගෙත් ඇස් වල කඳුලු පිරිල තිබුනා... සීය කතා කරා..
"ඔන්න ඉතිං මේ බාරොං ගම මහගේත් එක්ක හේනක් කොටාගෙන ඉන්නකොට මැයි මාසෙ ආවා... ඒ කියන්නෙ මේ වගේ වෙසක් මාසෙ.. ආවාම දැන් නිකන් ඉන්නත් බෑනෙ.. කූඩුවක් දෙකක් හදන්න එපෑ.. ඉතිං බාරොං ගම මහගෙට කතා කරා"
"මේ යෝදියෙ... අර කම්මලේ ගලේ ගාල හදපු කැත්ත ගං මෙහෙට්ට... මට දහාටපට්ටමක් හදන්න පල්ලෙහැයින් බට ගහක් කපාන එන්ට"කියල කිව්වලු...
ඒත් දැන්... ගම මහගේ සද්දයක් නෑලු...ඉතිං බාරොං කිව්වලු...ඉස්සෙල්ලට වඩා හයියෙන්..
"ඕයි ගෑනියෙ...!! අර කම්මලේ ගලේ ගාල මුහාත් කරාපු ලොකු කැත්ත ඇන්න වර මෙහෙට්ට!"
අන්න ඒ සැරේ ගම මහගේ කැත්තත් දෑතින් අරගෙන ආවලු බාරොං දිහාවට... බාරොං ඉතිං සිංහය වගේ ඉස්සරහට ගිහිං මීය වගේ කැත්ත අතට ගත්තලු.. කියන්න බෑනේ... මේ ගෑනි පරන තරහක් අල්ලල කැත්තෙන් පත බෑවොත් එහෙම.. ???" සීය කියනකොට වහගන්න බැරි හීනි හිනාවක් ගියා පොඩි උන් ටිකට... සීය කතාව කියනවා තාමත්..
"දැන් බාරොං උන්නැහේ කැත්තත් අරගෙන වත්තට යනකොට පෙත්තෙක් ඉඳගෙන කජු කනවලු... ඉතිං පෙත්ත කජු කෑවට කමක් නෑ කියල බාරොං ගියාලු වත්ත පහල බට ගහ ලඟට... යනකොට....අඩේ අන්න බට ගස් පඳුරම නෑලු.. තිබ්බ තැනක් වත් නෑලු හොයාගන්න... දැන් බාරොං උඩ බිම බලනවලු මොන මගුලක්ද මේ කියලා.. අන්න එහෙම බලනකොට අර උස බිලිං ගහ මුදුනෙ කවුද දන්නවද හිටියෙ??" සීය හයක් හතරක් නොදන්න පුංචි එව්වොන්ගෙන් ඇහුවා..
"ඔව්" එකෙක් කිව්වා...
"පැන්ඩා" පිටිපස්සෙ වාඩි වෙලා හිටිය එකෙකුත් කෑ ගැහුවා..
"බම්බුව... ගහ උඩ ඉන්නවලු තඩි බූරුවෙක්..." සීය කියනවා..
"ගහ උඩ බූරුවෙක්??" එක පොඩි එකෙක්ට කියවුනා...
"අන්න එතකොට බාරොං කැත්ත උරුක් කරල බූරු තඩියගෙන් ඇහුවලු..
"කවුද යකෝ මගේ බට පඳුර කෑව වල් බූරුව?" කියල.. ඉතිං බූරුව වෙව්ල වෙව්ල කිව්වලු... "අනේ මගෙ හාංදුරුවනේ.... මම තමයි කෑවෙ" කියල..."
"තෝ මොකද ගොං බූරුවො බට කෑවෙ... ?? බූරුවො බට කන්නෙ නෑනෙ" කියල බාරොං කිව්වලු...
"අනේ හාංදුන්නේ... මම ඉස්සර කෑවෙ බත් විතරයි... මට දවසක් දෙහිවල සත්තු වත්ත බලන්න ගිය වෙලේ යාලුවෙක් හම්බුනා... ඌ පැන්ඩෙක්... ඕක තමයි මට බට කන්න පුරුදු කරේ..." කියල අන්න බූරු තඩිය කිව්වලු... "
"ඉතිං දැන් කවුද වැරදි?? අර පැන්ඩනේ වැරදි... ඕක තමයි සේරම කරල තියෙන්නෙ..."
"අන්න එදා ඉඳං මම අර කිව්ව නෑදෑ කම් වල පිළිවෙලට පැන්ඩ අපේ පාරම්පරික හතුරෙක් උනාලු.. කියල තමයි ඉතිහාස පොතේ රන් අකුරින් ලියවිලා තියෙන්නෙ.." ඔන්න සීයට කතාව කියවල ඉවර වෙනකොට නින්දත් ගිහිල්ලලු....
ප.ලි.
දැන් මට බනින්න එපා අඩාලා... මම කලිම්ම කිව්වනේ වැඩ තියන උං බලන්න එපා කියලා.. :P
(මූණු පොතේදී මගේ අක්කා හා අයියා සමඟ කළ චැට් එකක් ඇසුරිණි )
බට්ටාhttp://www.blogger.com/profile/04834982813712526152noreply@blogger.com62tag:blogger.com,1999:blog-3678664820098083310.post-8544829958177123682012-04-05T01:42:00.000+05:302012-04-05T02:18:53.613+05:30ඇරපං යකෝ දොර......
විඳින්නට වෙනසක්
පිරෙන්නට ජීවිතය
නොවන්නට වෙහෙසක්
හැරයන්න මතකය
තැත් දරන නමුත් මා
දෙවසරක් පුරා සිට
නොමැත මට ගැළවුමක්
හදවතේ කොනක සිට
එබෙයි ඈ තවමත්
කටු සහිත පාවහන්
පැළඳගෙන ඇවිදිමින්
අත නෑර එකදු බිම් අඟලක්
සක්මනෙහි යෙදෙයි ඈ හදවතේ
හද මැදුර තුලට පැන
වසාගෙන දොර ජනෙල්
එබෙන්නට බැහැ මටත්
මගේ හදවත තුලට
ඇරපං යකෝ දොර
අඩු ගානෙ ජනේලයක්වත්
ඇතුළට එන්න මට
ඔප්පුව මා සතුයි
හෙටම මම දමමි නඩු
තොට ඕනෙ හිරේ යන්නද?
එළියට බැහැල පල ගෙදර.....
ප. ලි. :
මට දැනගන්න ඕනෙ එකම දෙයයි... මේක නිසඳැසක්ද නැද්ද කියපල්ලා කරුණාකරලා....
ඊට අමතරව ඇත්තටම හිතට දැනුණ දේ විතරක් ලියල ගියාට කමක් නෑ...
පින්තූරය ගත්තේ : මෙතනින් බට්ටාhttp://www.blogger.com/profile/04834982813712526152noreply@blogger.com65tag:blogger.com,1999:blog-3678664820098083310.post-9485516252469734302012-03-21T00:48:00.000+05:302012-03-21T00:48:37.003+05:30අපූරු දඬුවම් ඔබත් විඳල තියේද?
උන් දෙන්න බොහොම පුංචිවට විහිලුවකින් පටං ගත්ත රණ්ඩුව ටිකක් දුර දිග යන ගතියක් පෙනුණා. මුලින් හිනාවෙන් කියවුණු වචන දැන් ටිකක් අමුතු ස්වරේකින් පිටවෙන්න අරං. අපේ පන්ති හතරම තිබුණෙ එක හෝල් එකේ නිසාත් ඒවා මනඃකල්පිත මායිම් වලින් විතරක් වෙන්වුණු නිසාත් අපිට ඕනෙ වෙලාවක එහා කෙරෝලෙම පන්තියෙ ඉන්න ගෑල්ළමයෙක්ගෙ වුණත් මූණ බලන්න පුලුවන් වෙලා තිබුණා.. ඒ නිසා ඕන ම කෙනෙක් සද්දෙට වචනයක් කිව්වොත් ඒක අහන්න දුර පන්තියෙ එකෙක්ට ආයාසයක් ගන්න ඕනෙ වුණේ නෑ.. මේ කට හොඳ නැති එවුන් කෑගහන අස්සෙ වාසනාවකටද මන්දා ඒක අහන්න ගුරුවරයෙක්ට කියලා හිටියෙ එහා පන්තියෙ සිංහල උගන්නන මිස් විතරමයි.. ඒ මිස් කට ඇරගෙන මේ විලි ලැජ්ජා නැතුව එකසිය ගානක් ළමයි අතර අසැබි වචනෙන් කෑ ගහන මී හරක් දෙන්න දිහා බලං හිටියා. මේ වෙලාවෙ රතු ඉර බලෙන්ම වගේ පන්නගත්ත එක චන්ඩියෙක් තමන්ගෙ ප්‍රතිවාදියට කම්මුල් පාරක් ප්රදානය කරා.. ගෑල්ළමයි සිය ගානක් මැද නිවට වෙන්න අකමැති වුණු අනිත් එකා පුරුදු වචන පේලියත් එක්ක ම පළවෙනි ප්රහාරකයගෙ ඇඟට කඩාගෙන පනිද්දි ඒ වෙනකොට පන්ති නායකය වෙච්ච මට බලාගෙන ඉන්න බැරි වුණා..
"ඒයි ඕක නවත්තපන් රංගයා" මම එකෙක්ව පැත්තකට අදිද්දි අනිත් එකාව අල්ලගෙන කට්ටියම මට සහය දුන්නා.
"උඹලට පේන්නැද්ද යකෝ එහා පන්තියෙ මිස් කෙනෙක් ඉන්නවා..නවත්තපං ඔය කුණුහරප කිවිල්ල"
රණ්ඩුව නවත්තන එක එච්චර අමාරුවක් නැතුව කරගත්තත් පීරියඩ් එක ඉවර වෙලා මොහොතකින් අංශ බාරව හිටපු සර් පංතියට ආවා.
"කෝ මොකාද ගහගත්තේ? මේ පන්තියෙ නේද?" මට නැගිටින්න උණා..
" ඔව් සර්...! දැන් ඒක ඉවරයි සර්!"
"කවුද ගහගත්තේ?"
"අව්ලක් නෑ සර්.... ඒක බේරගත්තා දැන් මුකුත් ප්‍රශ්නයක් නෑ" කොහොම උණත් මට පාවල දෙන්න හිත දුන්නෙ නැති නිසාම මං කිව්වා.
"මං දන්නෑ.. අන්න අර මිස් ගිහිං ප්රින්සිපල්ටත් කියලා..දැන් උඹලම බේරගනිල්ලා" සර් ගිහින් මොහොතකින් පොඩි කොල්ලෙක් පන්තියට ආවා..
"මේ පන්තියෙ පන්ති නායකට අන්න ප්‍රින්සිපල් එන්න කිව්වා"
"මං කිව්ව උඹලට.. දැන් හරිනෙ ආතල් එක? මට තමා දැන් කෙලවෙන්නෙ.." මම කේන්තියෙන්ම රංගයට කියලා අධිකරණයට ගියා.. ප්‍රින්සිපල් වේවැල අතේ තියාගෙන අංශ බාර සර් එක්ක කතාව...
"ආ! මේ එන්නෙ ලොකු බුවා" අංශ බාර සර් එහෙම කියනකොට මට තේරුණා මොකද්දෝ අවුලක් තියන විත්තිය..
"කෝ? තමුසෙල මොකද මේ පන්තිය මැද්දෙ කුණුහරප කිය කිය ගහගන්නෙ? අල්ලපං අත! අර අහින්සක ගෑල්ළමයින්ට ඉස්කෝලෙ එන එක එපා කරන්නද තමුසෙල හදන්නෙ?"
ඒ අන්තිම වාක්‍යයට "අනේ මොකටද මගේ කට" කියන්න හිතුණත් ඒක නොකිය නිදහසට කරුණු කියන්න හදනකොට අහක ගිහිපු මිස් කෙනෙක් ප්‍රින්සිපල්ට මොකද්දෝ කිව්වා.. සර් ඒ පැත්තට හැරිච්ච අවසරෙන් මං අ.බා. සර්ට කාරණාව පැහැදිලි කරා..
"සර් මං දැක්ක විතරයි සර්! ගහගත්තෙ නෑ!" ප්‍රින්සිපල් කතාව නවත්තල මේ පැත්ත හැරුණේ එවෙලෙ.
"ආ! සර් මූ ගහගෙන නෑ.. මූ ඇහින් දුටු සාක්ෂි කාරයෙක් විතරයි!"
"ආ! මෙයා ගහගෙන නැද්ද? එහෙනං කවුද ගහගත්තෙ? ගිහින් එන්න කියනව පන්තියෙ සේරම පිරිමි ළමයින්ට.." මං ගිහින් කට්ටිය එක්කං ආවට පස්සෙ පුංචි දේශනයක් තිබුණා.. උ/පෙ කොල්ලො ගහල හදන්න බැරි බව දැනං හිටිය අපේ කලිං හිටිය ඒ ප්‍රින්සිපල් තුමා මං ජීවිතේ විඳපු හොඳම හා රසවත්ම දඬුවම අපිට දුන්නා...
"දැන් තමුසෙල සේරම මෙතන ඉඳන් අතෙන්ටයි, එතන ඉඳන් මෙතෙන්ටයි වට 20 ක් දුවන්න ඕනෙ.. ඉක්මනට ඉක්මනට!" සෙක්ශන් එක ඉස්සරහ දුවන එක ලැජ්ජයි තමා.. ඒත් බලන්න ඒ දඬුවමේ හැංගුණු බුද්ධිමත් කම.. වට පහළවක් විතර දිව්වම අනුකම්පා කරපු සර් ඊළඟට කට්ටිය නවත්තලා මෙහෙම කිව්වා.
"හා! දැන් ෆ්‍රොග් ජම්ප් එක දාන්න" කිව්වට කවුරුත් දන්නෑ ඒ මොකද්ද කියලා.. ඉතින් සර් අත් දෙක ඔලුව පිටිපස්සෙන් තියාගෙන දනහිස් දෙකෙන් නැවිලා දෙතුන් පාරක් පැනලම පෙන්නුවා. ෆ්‍රොග් ජම්ප් එක පැනල ඉවර වෙනකොට එකෙක්ට හොඳටම අසනීප උණ එකත් සර් හොඳටම කලබල වෙලා සර්ගෙ සල්ලිවලින්ම බෙහෙත් අරන් දීල ගෙදරටම ඌව ගිහින් දාපු එකත් මෙතන නොලිය ඉන්න එක හොඳ නෑ.. කොහොම උණත් බලන්න පොඩ්ඩක් මුලුන්ම කියපු ගුරුවරියගෙත්, අ.බා. සර්ගෙත්, අපේ කලින් හිටපු ඒ ප්‍රින්සිපල්ගෙත් චරිත තුන කොයි තරං එකිනෙකට වෙනස්ද කියලා. කවුද වැඩිය හොඳ කියන එකේ තීරණය ඔබට බාරයි...
ප.ලි.:
අද පොඩ්ඩක් වෙනස් විදියක් ට්‍රයි කරපු නිසා කියවන්න කම්මැලි වගේ හිතුණනං සමාවෙන්ඩ ඕනෙ..! පහළ අදහස් අවංක වෙයි කියලයි බලාපොරොත්තුව..
පින්තූරය ගත්තේ: මෙතනින්බට්ටාhttp://www.blogger.com/profile/04834982813712526152noreply@blogger.com51tag:blogger.com,1999:blog-3678664820098083310.post-3743841339832308952012-03-07T09:15:00.000+05:302012-03-07T09:15:43.651+05:30මම වැටුණෙමි! උඹලත් වැටුණද?
ඔන්න එක එකාලා... සමාවෙන්ඩ..!...එක එකීලා දත කඩා ගත්ත ෂීන් බ්ලොග් වල ලියන්ඩ පටං අරගෙන. ඇයි සමහර එවුන් මෝහිනීට ගල් ගහපු එවුවත් ලියනවා. ඇයි හත් දෙයියනේ! අපි ඔටුවොද? අපිටත් තිබුණ බබා කාලයක්! ඉතිං ඇහැකිද කට වහගෙන නිකං ඉන්න? ඕං අහගනිල්ලා!
මම 2 වසරෙ තූති කොලුවා කාලෙ මේ දැං ඉන්න ඇටි කෙහෙල් කාපු උගුඩුව වගේ නෙමෙයි. කොයි වෙලෙත් සෙල්ලමමයි. ඉන්ටර්වැල් එකක් හම්බුණාද ආයිත් ඉතිං හොයනව බොරු. ලේසියෙන් මේ කතාව කියවන උඹලට ඔය යනව වගේ ඈනුමක්වත් ගියේ නෑ. එච්චර ක්රියාසීලීයි. ඔන්න දවසක් ඉන්ටර්වැල් එකේදි අපි කස්ටිය පිට්ටනිය කෙළවරේ සෙට් වුණා. දැන් මොකදැයි කරන්නෙ. එකෙක් කියනවා "රේස් දුවමු"ලු. නරක නෑ ඉතිං වැඩේ. හැමෝම කැමති වුණා. දැං කොල්ලො දහයක් විතර පේලියට පිට්ටනිය දිගේ. එහා පැත්තෙ කෙරෝළට දුවල පිට්ටනියෙ බැම්මට අඩි දෙකක් පහලින් තියන පොළවට පැනල අඩි පහක් විතර එහායින් තියන බිත්තිය අල්ලන්ඩයි තියෙන්නෙ.
දැන් සේරම හරි! "ෂැරෂේ...න්! එළවේ......න්!! ය!!!" ඔන්න තූති එවුන් ටික ගේමට ගේම. මමත් ඇරියෙ නෑ. කෙළවරටත් ළං වුණා. තාමත් කට්ටිය එක ගොඩේ. දැං පයින්නයි තියෙන්නෙ. ඔන්න පැන්නා... සරා.....ස්! ඒ මොකද්ද බං ඒ සද්දෙ? වෙන මොකද්ද? උඹල ඔය හිතනව වගේම මාව ඇදගෙන වැටුණ. හිනාවෙන්න එපා බං!...... ඔන්න වැටුණ ඉතිං! හරියට වලිගෙං අල්ලල කරකෝල විසි කරපු ගැරඬිය වගේ. මාව නිකං තද නින්දෙදි හීනෙං බය වෙලා බූරු ඇඳෙන් පතබෑවිච්ච එකෙක් වගේ මන්ද මෝල් වෙලා ගියා. මොකද උනේ? හැඟීම් දැනීම් නෑ වගේ! මූණෙ පැත්තකුත් නෑ වගේ. බිම දිගේ අඩි තුනක් ඇදිල ගිහිපු එකට ප්‍රතිචාර විදියට එක කම්මුලක් සම්පූර්ණයෙන් ම ලෙලි ගිහිං. කස්ටිය සේරම බය වෙලා.
"මේ චාමරය තමා කකුල් මාට්ටුවක් දැම්මෙ" එකෙක් කියනවා. ඌ දැක්ක වගේ.
"පිස්සුද බං මං මුකුත් කරේ නෑ"
"නැත්තෙ මොකද? උඹ තමා මුගේ ලඟින් ආවෙ. මූ දැම්ම නේ බං කකුල් මාට්ටුවක්?"
මූ මගෙන් මගුලක් අහනවා. මට මේ දැනුයි තෙරුණේ මම වැටුන කියලත්. මම දන්නෑ කියන්න ඔලුව වැනුවා.
"මූ දැම්ම තමා" අරූ තාම කියනවා.
උන් ඕන රෙද්දක් කරගත්තුදෙන් කියලා මම තව දෙන්නෙක් එක්ක ගිහිං පිටිපස්සෙ ටැප් එකෙං මූණ හෝදගෙන පන්තියට ගියා. යනකොට අර අහිංසක මිනිහව ඇදගෙන මේ යක්කු ටීචර් ගාවට ගෙනිහිං. අම්මප මුං හොඳයි පොලීසියට. තුවාල වෙච්ච මං ගැනවත් බලන්නැතුව මුං නිකං හිටපු මිනිහෙක්ව මහේස්ත්‍රාත් උසාවියට කුදලං ගිහිල්ල. මට ඕව වැඩක් නෑ. මම හෝන්දු මාන්දු වෙලා ඉස්කෝලෙ ඇරෙනකං වාඩිවෙලා හිටියා. ඇරුණාම ටීචත් එක්ක ගිහිං වෑතර ඉස්පිරිතාලෙන් බෙහෙත් දාගෙන ගෙදර ගියා. ගෙදර ඉන්න කාලෙ මාව බලන්න අපේ සිරිමා ගංගොඩවිල ටීචයි, චාමරයගෙ අම්මයි තාත්තයි දෙන්නත් ආවා. උගේ අම්මයි තාත්තයි ඌව බය කරල කොයි වෙලේ හරි ගෙදරට පොලීසියෙං ඇවිත් අරගෙන යයි කියලා. මට වෙච්චි දේ හොඳයි වගේ!
ප.ලි. :-
මුල ඉඳල ම මාව දිරිමත් කරපු ගැමි අයියවත් අඩුපාඩුවක් දැකල බලා නොඉඳ ඒක පෙන්නල දීපු හරී අයියවත් මාත් එක්ක ඉන්න අනිත් හැමෝමත් මට අමතක නෑ හරිය!
පින්තූරය ගත්තේ: මෙතනින්බට්ටාhttp://www.blogger.com/profile/04834982813712526152noreply@blogger.com43tag:blogger.com,1999:blog-3678664820098083310.post-49960699570362988942012-02-29T06:42:00.003+05:302012-02-29T06:43:02.259+05:30එන්න මගෙ මළගමට!
අලුත් වන කඳුලු වැල්
පිසලන්න මට එන්න
ඉඩක් නැති මුත් ලොවෙන්
එපා මට සමු දෙන්න
මදි වුණොත් මගෙ මතක
අතීතෙන් අරගන්න
ඔබෙ මතක හැමදාම
මගෙ ලඟයි දැනගන්න
හුදෙකලා මොහොතකදි
ඔබේ මුව සිපගන්න
මමත් ආසයි ඔබේ
ලඟින් හැමදා ඉන්න
මැයයි මගෙ ආදරී
මිතුරන්ට පවසන්න
කෙදින හෝ ඔබෙ
ලඟට එනතුරා ඉවසන්න
ගුවන'රා පෑයු සඳ
වන් සිනා දැකගන්න
තරු දෑස මට පුදන
සමාධිය විඳගන්න
කැමති නම් ඔබත් හෙට
මගෙ මිනිය දැකගන්න
හද සොහොන හැර දමා
දැන්ම ඉන් පිටවෙන්න!
පින්තූරය ගත්තේ: මෙතනින්
බට්ටාhttp://www.blogger.com/profile/04834982813712526152noreply@blogger.com14tag:blogger.com,1999:blog-3678664820098083310.post-41151284353703251752012-02-26T03:16:00.000+05:302012-02-26T03:17:26.137+05:30අහක යන නයි රෙද්ද අස්සේ දා ගැනීම
ඒ 2011 වසර බව මට හොඳට මතක ය. කොහොමත් අමතක වෙන්න විදියක් නැති ය. ඒ අවාසනාව අප පාසල හඹා ආ අවුරුද්ද ය. අවුරුද්ද මුලදී අපිට හොඳ විදුහල්පති කෙනෙක් හිටියේ ය. ටික කලක් දැහැමින් සෙමෙන්(සෙමෙන් කියන්නේ හෙමින් නොවේ ය. සාමයෙන් ය.) රාජ්‍ය කෙරෙමින් වාසය කරද්දී ඔහුව පාසලෙන් එළවා දැමිණ. ඒ වෙන කවුරුවත් විසින් නොවේ ය. අපි විසින්ම ය. ඉන්පසුව අපිට ඉඟුරු වෙනුවට මිරිස් ලැබුණි. මේ වන විටත් අහක යන නයි රෙද්ද අස්සේ දාගත්ත අපි කනෝ කනෝ යැයි කෑ ගසමින් සිටිමු. ඒවා කාටවත් ඇහෙන්නේ නැත. දැං ඉතිං කුම්බලා මාලු කෑව නං විඳවපං බට්ටෝ ය. උපමා ආප්පතෝප්පදේස ඇති ය. දැං පාසල බෝගම්බර හිර ගෙදර වගේ ය. පොඩි වෙනසකට ඇත්තේ හවසට ගෙදර යන්නට දීම ය. ඒත් පහුවදාට ආපහු පැමිණිය යුතු ය. මට නං ඕවාගෙන් වැඩක් නැතිය. මම සති දෙකකින් පාසල ඇහැටවත් දැක්කේ නැත. ඒ නිසා ප්‍රයිවට් උ/පෙ කලාව දන්නා එකෙකු විසින් පහලින් මාව දැනුවත් කළ යුතු ය.
දැං අද කතාව ය. අලුත් මණ්ඩුකාගමණයත් සමඟ අපේ පාසලේ අලුත් නීතියක් ද ක්‍රියාත්මක විය. පීරියඩ් දෙකක් මැදදී විනාඩි 5 ක කාලයක් ලබා දේ. ඒ අතරතුර යන රෙද්දක යා යුතු ය. පීරියඩ් එකක් අතරතුරදී එළියේ හිඳ අහු වුනහොත් කිරි හල ලඟ මහ පාරේ හිටගෙන යන එන අයගේ මූනු දිහා බලන්නට වාසනාව ලැබෙන්නේ ය. අවට තත්ත්වය එසේ තිබියදී දිනක් මගේ පන්ති සගයෙකු වන භාත්කණ්ඩේ අසනීප විය. ඌට ගෙදර යන්නට හිතෙන තරමට අසනීපය උග්‍රව තිබුණේ ය. ඒ වන විට සෙක්ෂන් එකේ පන්ති හතරේ ම එක ගුරුවරයෙක් වත් හිටියේ නැත. එහෙමය කියා මූට මෙහෙම ඉන්න දෙන්නට බැරි ය. එළියට ගියොත් ස්වීප් ඇදෙන්නට බැරි නැත. නමුත් කරන්න දෙයක් නැති ය. ඕන මඟුලක් කියා මම සෑර් හොයන්නට එළියට ගියෙමි.
13 ඉස්සරහා ම ඇති 12 සෙක්ෂන් එකට ඔලුව දැම්මත් ඒකේද කවුරුත් හිටියේ නැති ය. මුං සේර ම කොහේ මකබෑවිලාද මන් දන්නෑ ය. ආහ්...! කොහේවත් මකබෑවිලා නැති ය. මේ එන්නේ ප්‍රින්සිපල් සෑර්.......! ආ! ප්‍රින්සිපල් සෑර්... අනිත් එවුං වගේ දුවන්නේ නැතුව මම මද්දුම බණ්ඩාර සේ බෙල්ල දං ගෙඩියේ තිබ්බෙමි. ප්‍රස්න මුකුත් නැත. කෙලිං ම කිරිහල පැත්තට අත දික් වුණේ ය.
"සෑර්, මේ අපේ පන්තියෙ එකෙක්ට සනීප නෑ. ගුරුවරයෙක් හොයන්න ගියේ." මොනා වුනත් ආ වැඩේ අතහැර නිකං යන්නට යන්නට බැරි ය.
"හරි! ඒක මං බලාගන්නං. තමුසෙ යනව අතෙන්ට. මොකද්ද පංතිය?"
"13 A4"
දැං වධකයා හිස ගසා අවසාන ය. ඉතිං මම ඔලුවත් අතේ රැගෙන යන එන අයගේ මූණු බලන්නට ගියෙමි. කතාවේ ඉතිරිය ආරංචි වුණේ පන්තියට ගියාට පසුව ය. තමුන්ට තනියෙං යන්න පුලුවන්දැයි විදුහල්පතිතුමා ලෙඩාගෙන් අසා ඇත. ඌට තනියෙං යන්නට තබා හිට ගන්නවත් පණ තිබුණේ නැත. ට්‍රයි එකක් දුන් පසු ඌට යන්න බැරි බව තේරුම් ගත් විදුහල්පති තුමා යන්තං වෙන එකෙක් සමඟ ඌව වෑන් එකේ ගෙදර යවා තිබුණේ ය. දැං ඉතිං මේ පෝස්ට් එක එතුමාට දකින්න නොලැබේවා.........! කියල එක හිතිං හිතාගෙන සාධුකාරයක් දීහල්ලා! කොහොමත් මං ළඟ නැති වෙලාවට මිනිහට බය නෑ හැබැයි :)
පින්තූරය ගත්තේ: මෙතනින්බට්ටාhttp://www.blogger.com/profile/04834982813712526152noreply@blogger.com15tag:blogger.com,1999:blog-3678664820098083310.post-22865122255534310862012-02-25T02:31:00.001+05:302012-02-25T02:33:00.213+05:30වරදට දඬුවම්?
8 වසරේ සිටියදී බට්ටාට පන්තියට යාම සඳහා තට්ටු දෙකක් පසු කර යා යුතු විය. එයින් අදහස් කරන්නේ පන්තිය තිබුණේ තුන්වෙනි තට්ටුවේ යන වග ටියුබ් ලයිට් එකකට වුවද වැටහේ. ඒ තට්ටුවේ අටේ පංති හතරක් තිබුණේ ය. මේ පන්ති හතරේ ම ගුරුවරු නොමැති අවස්ථා අඩු නමුත් එක පංතියක පමණක් ගුරුවරියක් සිටින අවස්ථාවක් උදා වූ දවසක මේ සිද්ධිය සිදු වූයේ ය. එදා කොල්ලන්ට රජ මඟුල් ය. ඒ ඌරන් කැකුණ තලන නිසා නං නොවේ ය. උන් හබන් කුකුලන් නිසාද නොවේ ය. ගුරුවරු නැති නිසා ය. දැං කට්ටිය බෙර ගසති. රොකට් යවති. හූ කියති. තව පිරිසක් සහයෝගයෙන්, සමාදානයෙන් ගුටි කෙළ ගනිති. මේ අතර අහිංසක බට්ටා මිතුරු කැළ සමඟ පැත්තකට වී බලා සිටී. එහා පංතියක උගන්නන්නේ කොච්චි මිරිස් කරලක් බව බට්ටා හොඳින් දනී. නැත්තං බට්ටාගේ අහිංසකකම බලාගන්නට තිබුණේ ය.
මොහොතකින් මහ ගෝරණාඩුවක් සමඟ සියල්ල නිසල විය. නිහඬ බව මැදින් සියල්ලන්ගේ මවුපිය ගුණ ගැයෙන මියුරු වදන් පෙළක් ඇසෙන්නට විය. ඒ මිහිරි ස්වරය පන්තිය දෙසට එනු අපි ආසාවෙන් අසා සිටියෙමු.
"නැගිටපියව් සේරම කොල්ලො ටික!"
අහා! ඒ ස්වරයේ මිහිරි බව. ඒ වදනේ සොඳුරු බව. ඉතිං ඉඳගෙන ඉන්නේ කෙසේද? අපි සෘතියට අනුව එළියට ඇදුනෙමු. අපි එනවිට කොරිඩෝවේ සොඳුරු දසුනක් දකින්නට තිබිණි. දෙයියන්ගේ දානයට ඉඳගත් පිංවතුන් පිරිසක් සේ කොරිඩෝවේ එහා කෙළවරේ සිට මෙහා කෙළවර දක්වා කීකරු සිසුන් පෙළ ගැසී සිටියහ. අපිද සංවර ලෙස ඉඩ ඇති තැන්වලින් දෙයියන්ගේ දානයට ඉඳ ගතිමු. දණ ගසා ගත්තායැ'යි කීවද වරදක් නැත. දං වලඳමින් මොහොතක් සිටින විට එකා දෙන්නා ඇද ගහන්නට ගත්තෝ ය. කවුරු ඇද ගැහුවත් බට්ටා කෙලින් ය. මේ අතර බට්ටාට එහා පැත්තේ එක කකුලකට දුක් දෙමින් සිටි එකා උගේ පන්තියේ කෙල්ලන් සමඟ මුකුළු කරන්නට ගත්තේ ය. මුං මහා අමනයෝ ය. පිලිවෙළකට දානයකට ඉන්නවත් නොදන්නෝ ය.
මොහොතකින් තම පංතියේ කොලු කෙලි පිරිසට ඉගැන්නීම නැවතූ මියුරු හඬ පෞරුෂය මුකුළුවා දෙසට එන්නට ගත්තා ය. තම රාජකාරි මොහොතකට නැවැත් වූ මුකුළුවා ඇද ගහගත් ගමන් ම බිරන්තට්ටු වී බලා සිටියේ ය. බට්ටා තාම කෙලින් ය. තම ඉලක්කය අසලටම පැමිණි කොච්චි මිරිස් කරල දැවැන්ත හස්තය දිගහැර මුකුළුවා දෙසට වැනුවේ ය. ඒ මොහොතේ ම බට්ටා වන මගේ කණ කීං ගා ඇස් නිලංකාර වී ගියේ ය. පොඩ්ඩක් හිටු! ඌට ගැහැව්වා ම කොහොම්......අහ්! සොරි ය. බාසාව පොඩ්ඩක් එහා මෙහා වුණේ ය. ඕ තොමෝ අත වනා තිබුණේ මුකුළුවාට නොවේ ය. අසරණ මට ය. ඊට මොහොතක් ගිය පසු මගේ මූණ දෙස බලන්නෙකුට මියුරු හඬ පෞරුෂයේ විවාහක අවිවාහක බවද කිව හැකි විය. මන්ද යත් ඇය ඇගේ ඇඟිලි හතරට අමතරව මඟුල් මුදුවද මගේ මූණේ තබා ගොස් තිබුණා ය.
පින්තූරය ගත්තේ: මෙතනින්බට්ටාhttp://www.blogger.com/profile/04834982813712526152noreply@blogger.com13tag:blogger.com,1999:blog-3678664820098083310.post-74984158470564564812012-02-18T07:25:00.000+05:302012-02-18T22:23:04.162+05:30කොන්කිරිට් එකකට බලු වුණෙමි. එදා මහ මූසල අඳුරු දවසකි. කිව්වාට එහෙමත් ම නැත. හොඳින් ඉර පායා තිබුණු අතර දසතින් කුරුල්ලන් ගී ගැයුවෝ ය. නිවාඩු දවසක් වූ බැවින් උදේ පාන්දර ඇහැරුණ බට්ටා කුකුළා සමඟ කිකිළියෙකුත් අතේ රැගෙන සුද්දලා ගේ ගෙදර ගොස් සිටියේ ය. නැත්තං කුකුළාට තනිකං දෝසය හැදෙන්නට හැකි ය. හරියට ම දිනය කියනවානං ඒ 2010 දෙසැම්බර 26 ය. සුද්දාටත් නත්තල් නිවාඩු වූ බැවින් ඌත් සමඟ පච කෙලිමින්, කෙබ්බ ඇද බාමින් සිටින අතරේ පයින්ඩයක් රැගෙන කෙලගෙන ආවේ අපේ මල්ලී ය. ගෙදරින් එන්න කිව් බවක් ඌ මට කීවේ ය. හුටා තමා ය. අපේ අම්මා එන්නය කියන්නේ හොඳකට නොවන වග මම දන්නේ හෑන්ඩ් විසොන් එකෙන් ය. ඕන කෙහෙම්මලක් කියා මම ගෙදර ගියේ රතු නිවේදනය ආවොත් හිරේ යන්නට විය හැකි බැවිනි. ගෙදර යන අතරමගදී මා දැක්කේ මේසොන් හැන්දක් අතේ තියාගෙන එන බිම්මල් අයියා ය. ඌ එන්නේ අපේ ගේ දිහාට බව දුටු විට මට බ්රහස්පතී තාරකාව පෙනුණේ ය. අද දවසට හරි ය. ඌ යන්නේ අපේ ගේ හදන්නට ය. දැං කොරන්නට දෙයක් නැති නිසා මමත් ඌ සමඟ ගේ ඇතුලට ගියෙමි.
බිම්මල් අයියා හදන්නට වඩා කඩන්නට දස්සයා ය. ඒ නිසා ඌ මුලින් ම අපේ ගෙයි පිටිපස්ස කඩන්නට සිතුවේ ය. වැඩේ ලේසි නැත. තිබුනේ අඩි 4ක් දිග, 4ක් පළල, අඟල් 5ක් උස කොන්කිරීට් ලෑල්ලක් බිම දාන්නට ය. එවැන්නක් දැක නැති අය සිටීනම් සොයාගෙන ඔසවා බලා මේක කියවිය යුතුය. හීනෙන් හෝ එසවිය යුතුය. පැය ගානක් කැරකී, ඇඹරී, එල්ලී, කටුවෙන් කොටා, මිටියෙන් තලා ආදී වසයෙන් දුක් විඳ බිම්මල් අයියා විසින් බිත්ති දුර්වල කල පසු තිබුනේ අඩි 8ක උසකින් කොන්කිරීට් එක බිම දාන්නට ය. වහලය උඩට නැග ගත් අපි දෑතින් ද දෙපයින් ද කකුලෙන් ද තල්ලු කරමින් දේපල හානි වලින් තොරව එය බිම දමා ගත්තෙමු. දැන් එය තියෙන්නේ බිත්ති බඳින තැන බිම ය. බිම්මල් අයියාගේ වැඩ එහෙම ය. ඌ හොඳට ම දන්නේ වැඩ දෙක කර ගැනීමේ කලාව ය. මෙහෙම හිටියාට මම ඌටත් වඩා හොඳට ඒක දනිමි.
මේ අතර අපේ අම්මාට ලෑල්ල එහෙම් පිටිම්ම ගන්න ඕනෑ විය. මොන මඟුලකටදැ'යි බැලූ විට දැනගන්නට ලැබුනේ වලං හෝදන්නට බව ය. දැන් නිකං ගහෙන් ඇන්න එකාට ගොනා වැටුනා වාගේ ය. අපි දෙන්නා දත කාගෙන, බඩ ගාගෙන, උඩ දාගෙන කොන්කිරීට් එක තල්ලු කලද එය හෙල්ලෙන්නටවත් කැමති වූයේ නැත. මොනා වුනත් මට ඒකට පැරදෙන්නට බැරි ය. මම අහල පහල කැරකී තුන් දෙනෙකු ගෙන් යුත් මහා සේනාවක් එක්කාසු කරගෙන ආවෙමි. දැන් පස් දෙනෙක් සිටිති. ලෑල්ල එක පැත්තකින් උස්සා අනිත් පැත්තට පෙරලන්නට බිම්මල් අයියා සිතුවේ ය. ඌ හිතුවාට කරන්න ඕනෑ අපි ය. අත් දහය ලෑල්ලට තැබූ පසු,
2 x 5 = (4' x 4' x 5'')කොන්කිරීට් ලෑල්ලේ ආයාසයට යෙදිය යුතු බලය
යන බටු ගණිත සංකල්පයට අනුකූලව ලෑල්ල එසවෙන්නට ගත්තේ ය. කොන්කිරීට් එක පෙරලෙන්න ඔන්න මෙන්න කියා තිබියදී ගණිත සංකල්පය වැරදී ගියේ ය. ලෑල්ල එතනින් එහාට යන්නට බෑ කීවේ ය. ලෑල්ලට බැරි නං අපිට කොරන්න දෙයක් නැති ය. කරොත් කොන්කිරිට් හිමිකම් උල්ලංඝන චෝදනා යටතේ නඩු පැවරිය හැකි ය. ඒ වුනාට මම නඩු වලට බය නැති ය. බට්ටා පොඩියට හිටියාට මහා ශක්තිවන්තයෙකි. පතාක යෝධයෙකි. පොඩි කාලේ සිට උළු හාලේ බත් හා කරදමුංගු කා හැදුනෙකි. කඩේට ගොස් කිලෝ පහේ හාල් බෑග් එක කරේ තියාගෙන එන්නේ ගේමක් නැතිව ය. එහෙවු මට මේක කිරි කජු ය. අනිත් උන් එය අත අරිද්දී මම අල්ලාගෙන සිටියෙමි. එහෙත් අවාසනාවකි. උදේට කන්නට බැරි වූ බව මට අමතක වී ගියේ ය. නැත්තං එවැන්නක් සිදු නොවන බව මට සහතික ය.
වම් අත එලියේ තිබියදී දකුණේ ඇඟිලි ද එළියට ඇද ගන්නට මට හැකිවිය. නමුත් දබර ඇඟිල්ලෙන් දැවිල්ලක් ආවේ ය. මොකදැ'යි බැලූ විට එහි කුඩා හම කෑල්ලක් ගැලවී තිබෙනු පෙනිණ. අපූරු වැඩේ ඒක නෙමේ ය. මට මැද ඇඟිල්ලේ ඇතුල දැක ගැනීමට හැකිවීම ය. එම ඇඟිල්ලේ උඩ පුරුකෙන් බාගයක් නියපොත්තද සමග කොන්කිරීට් ලෑල්ල විසින් අනුභව කර තිබිණි. දැන් වීරයා වෙන්නට වෙලාව ය. අපේ වැඩ බලමින් සිටි සුපවයිසර අක්කලා තුන්දෙනෙක් ද එතන වූ බැවින් මම අත ඔසවා "ඇඟිල්ල ගියා" කීවෙමි. පට්ට ආතල් ය. අක්කලා උගුර යටින් කෑ ගසා නහයෙන් අඬන්නට ගත්තෝ ය. දැං මළ කෙළියයි ය. අම්මාට සද්දේ ඇහී ඇත. දැක්කොත් තවත් කෙළියකි. මම ඇඟිල්ල සඟවා ගත් පසු එක අක්කා කෙනෙක් අයිස් වතුර එකක් ගෙනාවා ය. ඇඟිල්ල නවා ගත් ගමන් ම අයිස් වතුර එකේ ඔබන විට අක්කා මටත් වඩා වෙව්ලමින් හිටියා ය. කෙසේ හෝ අම්මාගෙන් සඟවාගෙන අම්මා ගෙනා රෙදි කෑල්ලකින් ම ඔතාගෙන කලුබෝවිල දවස් හතරක් තැප තවත් මාස 2ක් දුක් වින්ද පසු යන්තං දැන් ඇඟිල්ල මෙහෙම ය.
බට්ටාhttp://www.blogger.com/profile/04834982813712526152noreply@blogger.com8tag:blogger.com,1999:blog-3678664820098083310.post-75469168453830203942012-02-14T00:13:00.000+05:302012-02-15T00:16:43.781+05:30ආර්තිකේට නිර්වචනයක්?
''හොඳ හොඳ සෙල්ලං එළි වෙන ජාමෙටෙ''යි කිව්වට සමහර වෙලාවට නිදාගන්න ගිය වෙලාවටත් එක එක විකාර හිතෙන්න පටං ගන්නවා. මේක මේ මට ඊයෙ රෑ හිතිච්ච වැදගත් අදහසක්. මේකයි කතාව. ක්..හ ක්...හ (උගුර පාදයි.....නෑ කාරයි.)
ආර්ථිකය... කවුරුත් දන්න අටමගලයක් නෙව මේක. ආං ඒ කියන ආර්ථිකයේ හැසිරීම ගැන පැහැදිලි හා නිවැරදි නිර්වචනයක් හිටි හැටියේ බට්ටට කම්පනා උණේ පැණි වරකෙට හෙණ ගහනවටත් වඩා වේගෙන්. ඒකට අනුව ගත්තා ම ඔය ආර්ථිකය කියන මෙව්ව එක මේ අපේ මාරයියා කියපු ආබස්සරයන් වගේ එක පාරට පහල වෙච්ච දෙයක් නං නෙමෙයි. ඕක බොහෝ ම පුංචිවට ඉපදිලා පස්සෙ පස්සෙ සීමාවක් නැතුව විසාල වෙන්න පටං ගත්ත මළ කරුමයක්.
දැං අපූරු ම කාරණාව මේකයි. ලෝකෙ ම මහ ලොකුවට පිලිගන්න ඔය අයිතමේ ඉපදුනේ කොහේද? කොහේද ඉතිං මේ සිරි ලංකාවේ මිස! ඉතිං ඔය මෙව්ව එක මේ පුංචි රට ඇතුලේ ටික ටික විසාල වෙන්න ගත්තා. ටික කාලයක් ගියා ම ඕක කොච්චරක් ලොකු වුණාද කියනවනං ආර්ථිකේට සිරිලකේ ඉඩ මදි උණා. ඉතිං ඒක මේ රටෙං පිට වෙලා ගියා. කොහේටද ඒ කියල දැං මගෙං අහන්න එපා ඕං! මං දන්නවැයි ඔව්වා. මේක ආර්ථික විජ්ජාව මිසක් ඉතිහාසය නෙමෙයිනේ. කොහොම වුනත් ටිකක් එක එක තැන්වල රස්තියාදු වෙලා මේක රිංගුවේ කොහේටද? ආං හරි! ඇමරිකාවට තමා. ඉතිං ඕක ඇමරිකාව ඇතුලෙත් නිකං හිටියද? නෑ....ලොකු වුනා. ඒකෙන් මේකෙන් ඇමරිකාවෙත් ඉඩ මදි වුණා ම ආර්ථිකේ ගියේ චීනෙට! දැං ප්‍රස්නේ ඊ ලඟට යන්නේ කොහේටද? දෙකක් නෑ රුසියාවටනේ! ඊටත් පස්සේ හඳටත්, එතන ඉඩ මදි වුණා ම බ්‍රහස්පතිටත් ඕක යන්නෙ නැද්ද කියලා බලාගෙන ඉන්ටකෝ!
ප.ලි
ඔන්න ඕකයි බට්ටගේ ආර්ථික විවරණේ.
බට්ටා උසප්පෙළට ආර්ථික විජ්ජාව නොකිරී ම ගැන ගුරුවරු සතුටු වනු ඇත.
ප.ප.ලි
මේ පිස්සු කතාව විඳවපු ඔබේ සිත සංවේදී බව මම දන්නවා! සමහර විට ඔබ මේ වෙනකොටත් මධුෂානි අක්කා ගැන දන්නව ඇති. ඇයට පිළිකාවක් වැළඳිලා. ඔබට කළ හැකි සුළු උපකාරයකින් ජීවිතයකට ජීවිතය දීම ගැන උපරිම සතුටක් ලැබීමට මෙතනින් ඇගේ විස්තර දැනගෙන හැකි උදව්වක් කරන්න. අපිට ඇයගේ වටිනා ජීවිතය රැක ගැනීමට හැකි බව මට හොඳට ම විශ්වාසයි.
පින්තූරය ගත්තේ: මෙතනින්බට්ටාhttp://www.blogger.com/profile/04834982813712526152noreply@blogger.com4tag:blogger.com,1999:blog-3678664820098083310.post-24120131007349658532012-02-11T04:00:00.000+05:302012-02-12T17:36:13.992+05:30මහා හාර්ඩ් මංකොල්ලය හා ඇණ හතර
යූත් එක ඇතුලෙ ඉලෙක්ට්‍රොනික් වලට කියල තිබුණෙ අපේ පන්තිය විතරක් නිසා එක එක ජාතියෙ කුණු කන්දරාවක් ඇතුලෙ ගොඩ ගහං ඉන්න අපිට සිද්ධ වුණා. කැඩිච්ච වගේ ම වැඩ කරන ටී.වී, රේඩියෝ කෑලි, තව අපිවත් ඩිමාවත් නම දන්නේ නැති විවිධාකාර ගැජට් කෑලි, ඔය අතරෙ ඩිමා විතරක් නම දන්න එව්වත් එහෙං මෙහෙං තිබුණා. ඒ ඇරුණ ම ඔය කහල ගොඩවල් අතර තිබුණ තව දෙයක් තමා වැඩ කරනවදැ'යි කියලවත් හරියට ෂුවර් නැති කොම්පීතර කෑලි ගොඩක්! වැඩක් කරගන්න බැරි වුණත් වැඩ කරන කොම්පීතර කෑල්ලකුත් ඩිමා බාරේ තිබුණ එක වෙනම කතාවක්! අපිට ඉතිං පන්තියෙ කවුරුවත් නැති වෙලාවක් අල්ලල ෂෝ කෑල්ලක් වත් බලා ගන්න තිබුණෙ ඒක විතරක් නිසා හැමෝ ම ඒකට ගොඩක් ආදරේ කරා. කොච්චර ආදරේ කරාද කියනවනං ඩිමා ළඟ නැති වෙලාවට ෂට්ඩව්න් නොකර ම බොහෝ ම පරිස්සමෙන් ප්ලග් එක ඇදල දාන්න තරං අපි කාරුණික වුණා. කොහේද අර ඩිමා කාරය දැක්කොත් කෑ ගහනව නෙව "ඕකට ඔහොම ඔච්චර ලව් කොරන්න එපා යකෝ" කියලා. මයෙ හිතේ ඌට අපි ගැන දුක ඇති.
දැන් මං කියන්න ගිය කතාව බලමු. දෙයියන්ගෙ පිහිටෙං මට එදා යූත් එකට යන්න බැරි උණා. මට විතරක් නෙවේ සුද්දටත් යන්න බැරි උණා. එදා පන්තියෙ හිටිය එවුං වුණේ, සී.ඩී, බඩා, ගල්ෂෝටා හා ඩිමා. දවල් වරුව වෙනකොට ඩිමා එළියට ගියේ රාජකාරියකට. ඔය අතරෙදි පන්තියෙ සාහසික අපරාධයක් සිද්ධවෙන්න කටයුතු පිළියෙල උණා.(පසුබිමින් භයානක සංගීතයක් ඇසේ)
ඩිමා බාරේ තිබුණු කොම්පීතරේ මේසෙ උඩ වැජඹෙන අතරතුරේ ඒ මේසෙ ම යටට වෙලා අහිංසක විදියට බලාගෙන හිටියෙ අංග සම්පූර්ණ සිස්ටම් යුනිට් එකක්. මේක දිහා බල බල තොල කට ලෙවකමින් හිටිය විශාල අපරාධකරුවෙක් තමන්ගෙ සගයන් දෙන්නාව පන්තියේ දොරවල් දෙක ගාවට යැව්වෙ කවුරුත් එනවාදැ'යි ඔත්තු බලන්නයි.
"හරි! හරි! මචං මේ පැත්තෙ අවුලක් නෑ." ඉස්සරහ දොර පැත්තෙං ආවෙ මැර කටහඬක්.
"මෙහෙත් හරි!" පිටිපස්සෙ දොරෙනුත් සද්දයක් ආවා.
මේ අතරෙදි කබඩ් එකක් ඇතුලෙන් මුවහත් ආයුධයක් අතට ගත්ත විශාල මිනිහෙක් තමා දිහාට එන හැටි සිස්ටම් යුනිට් එක වෙව්ලමින් බලා හිටියා. (මොකෝ ඒක දුවන්න කියලැයි?) අතේ තිබිච්ච ආයුධය එස්. යූ එකට මෑනූ අපරාධකරු එහි ඇණ ගලවා දැම්මා. අනතුරුව හාර්ඩ් ඩිස්ක් එක දිහාට ගිය ඔහුගේ අත එහිද ඇණ ගලවා දමා එය අතට ගත්තා. 250GB-SATA ලෙස එහි සටහන්ව තිබුණා. මළවුන් අතරට ගිය එස්. යූ එක තිබූ හැටියට සකස් කළ අපරාධකරු එතැනින් ඈත් උණා.
"වැඩේ හරි මචං"
කුපාඩි මොළ තුනක පිහිටෙන් හාර්ඩ් එක සැඟවුණ අතර දරුණු අපරාධයක් එලෙසින් නිමා උණා.
කොහොමද නිකං දැක්ක වගේ කිව්ව හැටි? ඔයිට ටික වෙලාවකට පස්සෙ ඩිමාත් එක්ක පංතියට ආපු අපේ සෑර් තවත් කෙනෙක්ව එක්කං ආවා. ඔටෝ ඒසී සෑර්. අපේ සෑර් ඒසී සෑර්ට අර නිවන් ගිහිපු කොම්පීතරේ දෙන්න හදනවා. පුදනකොට ම කාපි යකා කිව්වලු. යකා කිව්වෙ අපේ සෑර්ට නෙමෙයි ඕං. ඒසී සෑර්ට! දැං ඩිමා එස්.යූ එක මේසෙ උඩින් තියලා සේරම ලෑස්ති කරලා ඔන් කරනවා. යකෝ මේක ඔන් වෙන්නෑනේ! මුකුත් අවුලක් වෙන්න විදියක් නෑ! අන්තිමට බලනකොටත් වැඩ කොරාපු එක නෙව. දැන් සෑර්ලත් ට්‍රයි කරනවා.
"ගලවල බලන්න පොඩ්ඩක්" අපේ සෑර් ඩිමාට කිව්වා.
අර ආයුදේ ගත්ත ඩිමා ඒක ගැලෙව්වා. ඇතුලට ඔලුව දාලා බැලුවම මොකද්දෝ අඩුවක් පේනවා. හ්ම්.....මොකද්ද අඩු? අහ්... කෝ යකෝ හාර්ඩ් එක?
"සෑර් මේකෙ හාර්ඩ් එක නෑනේ"
"මොකක් බොල? හාර්ඩ් එක නෑ? හොඳට බලන්න. ඔය කොහෙ හරි මුල්ලකට වැටිලද දන්නෑ!"
"නෑ සෑර් නෑ! මං මේ මදර බෝඩ් එක යටත් බැලුවනෙ සෑර්"
"කව්ද යකෝ මේක ගත්ත එකා. තමුසෙල තුන්දෙනා මෙහෙ එනව. කව්ද මේකෙ හාර්ඩ් එක ගත්ත එකා?"
"අපි දන්නෑ සෑර්! අපි අහිංසක මිනිස්සු සෑර්!"
ඔය විදියට ගිහිපු කේස් එක වැරදි කාරය හොයාගන්න බැරි වෙච්ච නිසා ටික දවසකින් වැළලිලා ගියා. අපිත් වැඩේ කරේ කව්ද කියල දැනගත්තෙ සෑහෙන කාලෙකට පස්සෙ. කොහොම උනත් ඒ අරූ කියන එක ගැන සාධාරණ සැකයක් අපේ වගේ ම ඩිමාගෙ හිතෙත් තිබිල තියනවා. කෝස් එක අවසානෙදි ඇත්ත දැනගත්ත ඩිමා තමා එදා සුපර් ම කතාව කියල තිබ්බෙ.
"කව්ද දන්නෑ බං ගත්ත එකා, ඌ මේකෙ ඇණ හතරත් උස්සලනෙ"
හික් හික් ඇණ හතර. අපි තාම ඕකට ඕක කිය කිය විහිළු කරනවා!
ප.ලි:
කියවන්නෝ සිතට ගත යුතු දෙයක් ඇත. මේ කතාන්දරය සත්‍යයක් වුවත් මෙහි එන සමහර දෙබස් අමු පට්ටපල් බොරු ය. එනම්, ලියන්නා කෙසේ ලීවත් කියවන්නා සිහි බුද්ධියෙන් කියැවිය යුතුයැ.
පින්තූරය ගත්තේ: මෙතනින්බට්ටාhttp://www.blogger.com/profile/04834982813712526152noreply@blogger.com3tag:blogger.com,1999:blog-3678664820098083310.post-60051430579792975082012-02-09T04:06:00.001+05:302012-02-09T04:07:26.609+05:30මෙව්වට හිනා යනවද බොල?
නිදි වරා අඩ රැයක් සිටියෙමි සිහින මවමින් අවදියෙන්
නිදාගන්නට දෙන්නෙ නෑ නොවැ තරුණ සේවා මතකයන්
හප්පේ ඉතින් කොටමි. යූත් එකේදි වෙච්ච පුන්චි පුන්චි සීන් වාගයක් කියන්නයි යන්නෙ. දවසක් මං පන්තියට වෙලා කරන්න වෙන වැඩක් නැති නිසාම හදන්න ගත්තා පුන්චි ලයිට් පත්තුවෙන සර්කිට් කෑල්ලක්. අර රොබෝ සර්කිට් එකය කියන්නේ. එල්.ඊ.ඩී ලයිට් දෙකක් මාරුවෙන් මාරුවට පත්තුවෙන මෙව්ව එක. ඔය වෙලාවේ අපේ අනිත් අය හිටියේ එලියේ. මම මෙව්ව එක හදලා ටිකකින් ඔන්න අපේ සෑර් එනවා. ඇවිල්ලා මේසෙන් වාඩිවෙලා අහනවා
"ආහ් මල්ටිවයිබ්‍රේටර් එකක්ද?"
"නෑ සෑර් රොබෝ සර්කිට් එකක්!"
ඔය කෙලියෙ! ටිකකිනුයි මෑන් අහපු එක මට මීටර් වුනේ. මම හිනාව හිරකරගෙන එලියට ගිහින් කට්ටිය ගාවට වෙලා ඇතිවෙනකං හිනා වෙන්න ගත්තා. ඇයි බොල මල්ටිවයිබ්‍රේටර් යැ'යි බර වචනෙන් හදුන්නන්නේ රොබෝ සර්කිට් එකම නෙව!
තව දවසක් සුද්දගේ තීන්ත ඉවරවෙච්ච කාට්රිජ් එකද මොකද්ද කියන එක යූත් එකට ගෙනාවේ යන ගමං තීන්ත පුරෝ ගන්න.
"බොල බූරුවෝ! කඩේට දීල පුරෝන එක පාඩුයි. උං වතුර කලවං කරනවා. ගොං හරකෙක් නොවී තෝ ඕක පුරෝ ගනිං ඉන්ක් සෙට් එකක් අරං."
සී.ඩී අයියාත් බඩා අයියාත් ඉතා ආදරයෙන් ගුරුහරුකම් දෙනවා. ඒ ආදරණීය ආමන්ත්රණයන්ගෙන් කුල්මත් උනු පාර සුද්දා මෙහෙම අහනවා.
"ඉතිං උණහපුලුළු පැටවුනේ කොහොමද මේ පාට දාන්නේ මේකටයි කියලා හරියටම දැනගන්නේ?"
"ඇයි බං බලපිය ඕකේ ඒ ගැන වගක් නැද්ද කියලා."
දැං කට්ටියට අලි ප්‍රස්නේ. කස්ටියම දහ අතේ හැඟුම් පටලමින් මොලේ පතු ගාන අතරේ ඉටු දෙයියෝ පන්තියට වැඩම කරා.
"අනේ බුදු සෑර් මේකට මොකද කරන්නේ?"
ප්‍රස්නේ දැන ගත් කල සෑර් විසඳුමක් දුන්නා.
"දැං බොල ඕකේ පාට තුනයිනේ තියෙන්නේ. ඉතින් ගනියවු ඇල්පෙනෙත්තක්. අරගෙන ඇතුලට ඇනලා ඒක ටිෂූ කොලේක උලලා බලාපියවු මෙතන තියෙන්නේ මොන පාටද? නැත්තං මොන පාට තියෙන්නේ එතන නැතුව මෙතනද කියලා"
ඕක කියලා සෑර් යන්න ගියා. අන්න බලන්න අපේ සෑර්ගෙ ටිකිරි මොලේ. මෙච්චර බුද්ධිමත්තු වෙච්ච අපේ එකෙක්ටවත් ආවද එහෙම අදහසක්? දැන් හරි! ගත්තා ඇල්පෙනෙත්තක්! ඇන්නා! උලලත් බැලුවා! ම්හු..... සේරම පාට එක වගේ නොවැ. ටිකකින් සෑර් ආපහු ආවා.
"මොකෑ, වැඩේ හරි ගියාද?"
"නෑ නෙව සෑර්"
"අයියෝ බොල. මෙහාට ගෙනෙන් බලන්න ඕක."
දැන් සෑර් කට්ටෙන් ඇන ඇන බලනවා. ඔහෙ නෑ තීන්ත වේලිලා වගේ. දැන් අලි ප්‍රස්නෙ ආපහු. දැන් සෑර් කාට්රිජ් එක උඩ අලවලා තිබිච්ච ස්ටිකරේ අතේ තියං රෝල් කරනවා, ගුලි කරනවා, කරකනවා, අඹරනවා, මිරිකනවා, ඔය සේරම කරන ගමං ප්‍රස්නෙට තියන විසඳුම් අපිත් එක්ක සාකච්ඡා කරනවා. අන්තිමට මිනිහා කියනවා සුද්දට මෙහෙම.
"දැන් තමුසෙ මෙහෙම කරනවා. මේකත් අරං තීන්ත පුරෝන කඩේකට යනවා. ගිහිං එහෙම තැනකින් වැඩේ කරගන්නවා. දැන් ඉතින් වෙන කරන්න දෙයක් නෑනේ. මේකෙ උඩ තියන ස්ටිකරෙත් අලවං යනවා. කොහෙද ඒක? අහ්!"
මිනිහා අතේ තියන හැඩ රුව අදුරගන්න බැරි ස්ටිකරේ දිහා බලනකොට මට හිරකරගන්නවත් බැරි තරං ලොකු හිනාවක් ගියා. නවතගන්නම බැරි වුනු සඳ මම බඩාගෙ පිටිපස්සට ගිහින් ඇති වෙනකං හිනා වුනා. ඒකෙ ඒ තරං හිනා වෙන්න දෙයක් නැති වුනත් අද වුනත් ඒක මතක් උනාම හිනා යන්නෙ ඇයි කියල මටම තේරෙන් නෑ.
ඔය අව් අස්සේ ඕං මට මතක් උනා මං කොහේදෝ කියවපු විහිලු කතාවක්. ඇමති කෙනෙක් ගියාලු මන්ත්‍රී කෙනෙක්ව හම්බවෙන්න මිනිහගේ ගෙදරට. ගේට්ටුවට තට්ටු පාරක් දැම්මාම වැඩකාරියක් ආවලු.
ඇමති: මන්ත්‍රීතුමා ඉන්නවද?
වැ.කා.: පොඩි හාමුදුරුවො ගෙදර නෑ.
ඇමති: එහෙනං මන්ත්‍රීතුමාගෙ අම්ම ඉන්නවද?
වැ.කා.: ලොකු හාමුදුරුවො මාකට් ගියා.
ඇමති: ඒමද? එහෙනං ලොකු හාමුදුරුවොයි පොඩි හාමුදුරුවොයි ආවම කියන්නකො බුදුහාමුදුරුවො ඇවිත් ගියා
කියල!
පින්තූරය ගත්තේ - මෙතනින්
බට්ටාhttp://www.blogger.com/profile/04834982813712526152noreply@blogger.com3tag:blogger.com,1999:blog-3678664820098083310.post-51645674701422552822012-02-06T15:45:00.000+05:302012-02-06T15:45:44.975+05:30කෙස් ගහක් දී පාටියක් ගත්තෙමු.
පිළිවෙලක් නැති මතකයන් අතරින් තෝරගත්තු මේ කතාව කියන්න මට විශේෂ අවසරේකුත් ගන්න උනා. කොහොමටත් මගේ 1 ඉඳන් 0 වෙනකන් තියන කිසිම දේක පිළිවෙලක් නං නෑ තමා. මේකත් 2010 යූත් එකේ වෙච්ච සිදුවීමක්. කලින් පෝස්ට් එක නොබලපු අයට පැහැදිලි මදි වෙයි ඕං. (නොහොත්, අනේ පිලීස් කලිං එකත් බලන්න.)
හරි! මේක කලින් සිදුවීමටත් කලින් සිද්ද වෙච්ච දෙයක්. අපේ බඩාට කෙල්ලෙක්ට හිත ගිහින් තිබුනා. ආරංචිවල හැටියට හිත ගිහිපු පළවෙනි කෙල්ල. අපේ පංතියට එහා පංතියේ හිටපු ඒ අක්කට හිත ගිහිපු බඩා ඒ දවස් වල දැක්කම දුක හිතෙන චරිතයක් වෙලා තිබුනා. උගේ හිතේ තිබුන මහ විසාල ආදරේ ගැන පුංචි අදහසක් අපිට දෙන්න බඩා කිව්වෙ
"ළමයි දෙන්නෙක් එක්ක ආවත් බාරගන්නවා " ය කියලා.
මේ කතාව ගැන බොහෝම අප්සැට් එකේ හිටියෙ සුද්දා. "ඒ පව් බං බඩා" ඌ මාත් එක්ක කියනවා. කොහොම උනත් මේ ඒක පාර්ශ්වික ආදරයේ ආදරවන්තයාට ලොකු ප්‍රශ්නයක් තිබුනා. අක්කා පරසතු මලක්. හලේ! ඒක විතරදැයි, තව අවුලක්. අක්කා අපේ අයියට වඩා අවුරුද්දක් වැඩිමල්. ඉතිං මොකෑ කරන්නේ? අපිට කරන්න දෙයක් නැති උනාට බඩාට විසඳුමක් තිබුනා. මූ ගියා අඳුරන කට්ටඩියෙක් හම්බ වෙන්න. කට්ටඩියා දුන්න විසඳුම.
"කරපිය වශියක්!"
"කොහොමද අයියා ඒ?"
"ඇයි බොල? ගෙනෙන් කෙස් ගහක්!"
"ගලෝපියව් බොලව්නේ කෙස් ගහක්! දුක නැද්ද තොපිට?"
දුකයි තමා. ඒත් කෙල්ලෙක්ගේ කෙස් ගස් ගලවන්න ගිහින් කොහොමද අඩි උස සෙරෙප්පුවෙන් වදිනකොට? බට්ටට නං බෑ ඔව්වා! අහ්! තව දෙයක්. මේ වෙනකොට අපේ සෙට් එකේ තව දෙන්නෙක් හිටියා. බන්ඩයි, ජුන්ඩයි. මැද්දෙදි හැලුණ උන් දෙන්නත් අපේ වයසෙ. ඔය අතරෙදි දවසක් යූත් එකට පොලෝසියෙන් ආවා. කාවවත් ගෙනියන්ට නෙමෙයි. ජනාධිපතිතුමා යූත් එකට ගෙන්නන්ට. ළඟදි තණකොල කැපුවත් උපන්තේකට අතුගාලා නොතිබුණු පිට්ටනියට හෙලිකොට්ටෝරුවො දෙන්නෙක් ගොඩ බාද්දි, හිතාගන්න බැරි තරං වේලිච්ච තණකොළ කෑළි ගොඩක් සම්පූර්ණ වටපිටාවම වැළඳ ගනිද්දි විවේක කාලය පටන්ගත්තා. අපි කෑමත් අතට අරන් කැන්ටිමට යන අතරතුරේදි නිසරු සිමෙන්ති පොළවෙ තණකොල රැඳුණු සුන්දර දර්ශනේ රස විඳින්නත් අමතක කරේ නෑ.
දැන් අපි කැන්ටිමේ. බඩාත් සීඩීත් වාඩිවෙලා ඉඳිද්දි ජුන්ඩා, ගල්ෂෝටා, සුද්දා සහ මම අත හෝදන්න ගියා. අර ඌරො දෙන්නට මොන සෞඛ්‍යද? අපි ටැප් එක ළඟට වෙලා බලා හිටියෙ කාන්තාවො දෙතුන් දෙනෙක් අත් හෝදමින් හිටපු නිසා. ලේඩීස් පස් කිව්වලු! කව්ද එතකොට මේ අන්තිමට ඉන්න අක්කා ඈ? අපේ බඩාගෙ අක්ක නෙව බොල! අක්ක ටැප් එක පැත්තට පහත් වෙලා වතුර බොන ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න ගල්ෂෝටට අමතක උනේ නෑ. දිග කෙස් ගහක් අගින් අල්ලගත්තු ඌ විදුලි වේගෙන් ඒ අත පිටිපස්සට ගත්තත් අක්කට නොදැනෙන්න ඒක කරන්න පුලුවං වුනේ නෑ. ප්‍රතික්‍රියාව වුනේ සද්දයක් දාගෙන එක පාරටම හැරුන අක්කා ගල්ෂෝටා දෙස බැලීම, ඒ එක්කම ගල්ෂෝටා ජුන්ඩා දෙස බැලීම සහ අක්කා ජුන්ඩා දෙස රවා බැලීම. ඔයින් ගියා මදැයි!
කොහොම උනත් මැරෙනකං හිනාවෙවී කන්න ගිහිපු අපිට කෙස් ගහක් වෙනුවෙන් පාටියක් හම්බ උනේ බඩාගෙන්!
පින්තූරය ගත්තේ: මෙතනින්බට්ටාhttp://www.blogger.com/profile/04834982813712526152noreply@blogger.com7tag:blogger.com,1999:blog-3678664820098083310.post-57112075498261626382012-02-03T16:04:00.001+05:302012-02-06T15:34:08.130+05:30තඩි බළලෙකුට එරෙහිව..........!
කුඩා රොජර් තම නිවසේ උස් බිත්තියට මුවා වී තම විරුද්ධවාදියා වූ තඩි බළලාට ගලක් මානමින් සිටියේය. භාජන ගැටෙන ශබ්දයෙන් තම මව කුස්සියේ සිටින වග ස්ථිර කර ගත් රොජර් තම භාරදූර කටයුත්ත මෙවරවත් සාර්ථක කර ගැනීම සඳහා හොඳින් කාල වේලාව ගෙන, අවධානයෙන් හා නිශ්ශබ්දව සිටීමට අදිටන් කර ගත්තේය. බළලා තමා එහි සිටින බව නොදනී යැ'යි සපථ කර ගත් ඔහු, සීරුවෙන් බිත්තියෙන් මෑත් වී තම ප්‍රහාරක හස්තය උරහිසට උඩින් පිටුපසට ගනිත් ම නිතර දැඩි අවධානයෙන් සිටින බළල් තඩියා එම චලනයට දෙනෙත් යොමු කළේ ය. ඒ සමග ම වේගයෙන් ඉදිරියට ගිය රොජර් ගේ අතින් වෙඩි උණ්ඩයක් සේ නිදහස් වූ ගල් කැටයට එරෙහිව උඩ පිනූ සිවුපාවා දුවන්නට විය.
තඩි බළලා ගේ සතර පා අතරින් බිම වැදුනු ගල නැවත වරක් උඩ විසි වී බිම දිගේ රෝල් වී නිශ්චල විය. රොජර් ක්ෂණිකව පහත් වී තවත් ගල් කැටයක් අතට ගත්ත ද ඒ වන විට ඔහුගේ ප්‍රතිවාදියා වාෂ්පයක් සේ අතුරුදන්ව සිටියේ ය. අත තිබූ ගල ඈතට වීසි කළ රොජර් දහසක් බලාපොරොත්තු කඩවූවෙකු ගේ ස්වභාවයෙන් නැවත හැරුණේ, ඉදිරිපස දොරෙන් ඇතුලට ගොස් තම කාමරයට වැදුණේ ය.
ඇඳ මත වැතිරුණු රොජර් තම සටන කෙසේ හෝ ජය ගැනීමේ පරමාර්ථය ඔස්සේ ඔහු ගේ සිතිවිලි දාමය මෙහෙයවන්නට විය.එලෙස අවසානයේ දී තම බුද්ධිය පාවිච්චියට ගැනීමට ළමයා තීරණය කළ අතර ඔහු ගේ දඟකාර කුඩා මොළයට විවිධ අදහස් ගලා එන්නට විය. බොහෝ වේලාවකට පසු සියලු අදහස් අතරින් එකක් තෝරාගත් ඔහු එය කෙසේ හෝ ක්‍රියාත්මක කරන්නට සිතුවේ ය. කුමක්ද ඒ අදහස? ඔව්! ඔහු උගුලක් ඇටවීමට යයි. රොජර් තම සංග්‍රාමයේ රහස්‍ය සැලසුම් මෙසේ සකසද්දී ඔහු ගේ දක්ෂ කුඩා සතුරා මේ කිසිවක් නොදැන ආරක්ෂා සහිත ස්ථානයක ගුලි වී තද නින්දක ගැලී විවේක සුවය විඳිමින් සිටියේ ය.
පසුදින රොජර් අවදිවන විට ඔහුගේ කුඩා කාමරය උදා හිරු කිරණින් ආලෝකමත් වී තිබුණේ ය. කම්මැලි කමින් යුතුව ඇඳෙන් නැගිටගත් රොජර් තම සාමාන්‍ය කටයුතු අහවර කිරීමෙන් පසු මිදුලට බැස්සේ ය. තම මිදුල අඳුරු වන සේ වැවුණු රූස්ස ගස් පෙල දෙස ඔහු මොහොතක් බලා සිටියේ ය. එහි සුන්දරත්වයෙන් ප්‍රබෝධමත් වුණු ළමයා මොහොතකින් සිය අලස කම් අත්හැර දමා වේගයෙන් දුවගොස් මනාව අතු වැඩුණු අඹ ගසකට නැග ගත්තේ ය. එහි සුව පහසු දෙබලක ඇණ තියාගත් ඔහු වළාකුලින් පිරි නිල් අහස දෙස බලා සිටියේ ය. මිදුල වසා පැතිරුණු විසල් ගස්වල අතු අතරින් රිංගා ආ ළහිරු රැස් ඔහුගේ මුහුණ මත පතිත විය. එම හිරු රැස් පහස විඳිමින් වටපිට බලමින් සිටි රොජර්ට තරමක් දුරින් පිහිටා තිබූ තණ නිල්ල අසල චලනය වන යමක් ඇස ගැසුණි. නෙත් විදහා එදෙස බැලූ ඔහු තම සටනේ පළමු අදියර ක්‍රියාත්මක කිරීමට අවස්ථාව පැමිණ ඇති බව වටහා ගත්තේ ය. මන්ද යත් ඔහුගේ ප්‍රතිවාදියා තම සියුම් අඩි සටහන් මෘදු පොළොවේ ඔබ්බවමින් නිහඬව ඉදිරියට එමින් සිටියේ ය. රොජර් ද පරිසරය හුරු පුරුදු දකුණු ඇමෙරිකානු වනචාරියෙකු මෙන් නිහඬව තමා නැග සිටි ගසින් බිමට බැසගත්තේ ය. තමා පමණක් දන්න උපාය ක්‍රියාත්මක කිරීමට ඔහු බිළාලයා එන මග රැක සිටියේ ය. අඩි පාරේ වංගුවෙන් ප්‍රතිවාදියා මතු වනු දකිත් ම ඔහු තම ක්‍රියාදාමයට සූදානම් විය.
වංගුවෙන් හැරුණු වහා ම තම නිසල සතුරා බළලා විසින් දකින ලද්දේ ය. පවනේ හමා යන පුලුන් රොදක් සේ ගමන් කරමින් සිටි ඌ එසවූ පය බිම නොතබා මොහොතක් බලා සිටියේ ය. සතුරා ගේ චලනයක් නොමැති බව නිරීක්ෂනය කිරීමෙන් පසු බළලා තව අඩි කීපයක් පෙරට ආවේ ය. සතුරා නිසල බව දුටුවත් උගේ සැකය අඩු නොවී ය. එහෙත් පසු බැස යාමට තරම් නිවට සිතක් ද බළලා සතු නොවී ය. එබැවින් ඌ තව අඩි කීපයක් පෙරට ආවේ ය. බළලා දැන් රොජර්ට ඉතා ආසන්න ය. මේ වන විට රොජර් සූදානම්ව සිටිය යුතු වූවත් එවැන්නක් නොපෙනුණු අතර තම ප්‍රවේසම ගැන සැළකූ බළලා රොජර්ට අඩි කීපයක් දුරින් පවනට බඳු වේගයෙන් දිව ගියේ ය. ඌ නොපෙනී ගිය පසු ළමයා තමා සිටි ගසට නැවත නැග ගත්තේ ය. එසේ නම් ඔහුගේ උපාය කුමක් ද? ඔහු බළලා රැවටීමට යයි.
ඊළඟ වතාවේ බළලා පැමිණෙන විට රොජර් නිවසේ දොර පඩිය මත නිදි කිරමින් සිටියේ ය. මෙවර ඔහු බළලා දකින්නට පෙර බළලා විසින් ඔහුව දක්නා ලද්දේ ය. මඳක් නැවතුන සත්ත්වයා සතුරාව නිරීක්ෂනය කලේ ය. අදත් ඔහු නිසල ය. මෙවර බළලා සැක නැතිව ම ඉදිරියට පය තැබුවේ ය. එහෙත් සතුරා නොදුටු රොජර් ගේ සුළු චලනයකින් උගේ සිතට නැවතත් සැකය පැමිණියේ ය. තවත් මොහොතක් නැවතී බලා සිටි ඌ නැවත ඉදිරියට අඩියක් තබනවාත් සමගම රොජර් බළලාව දැක්කේ ය. එක් වරම ඔහු තිගැස්සී ගිය මුත් තම ඉරියව්ව වෙනස් නොකර ම සිව්පාවා දෙස බලා සිටියේ ය. මේ අතරතුර අඩියෙන් අඩිය ඉදිරියට පැමිණි බළලා මඳ වේගයකින් රොජර් අසලින් දිව ගියේ ය. ජයග්‍රහණයක සේයාවක් දුටු රොජර් සතුටින් පිනා ගියේ ය.
මේ සිදුවීමෙන් පසු කිහිපවරක් ම බළලා රොජර් අසලින් දිව ගිය නමුත් උගේ මඳ වේගය තව දුරටත් අඩු නොවීම ළමයාට මහත් ගැටලුවක් වීය. වරක් බිළාලයා තමා ඉදිරියෙන් යද්දී මඳක් ඉදිරියට ගොස් බලන්නට රොජර් සිතුවේ ය. සිතුවිල්ල ක්‍රියාත්මක කරමින් අඩි දෙකක් ඉදිරියට තබත් ම තිගැස්සුනු බළලා කොයි අතකට දිව්වාදැ'යි රොජර්ටවත් සිතා ගැනීමට නොහැකි විය. බලාපොරොත්තු සියල්ල කඩ කරගත් ළමයා තම සතුරා රැවටීම කිසිසේත් ම කළ නොහැක්කක් බව ප්රත්යක්ෂ කර ගත්තේ, වෙන බළලෙකු පසුපස යාමට තීරණය කළේ ය.
හේ! හේ! පූසා දිනුම්!
පින්තූරය ගත්තේ: මෙතනින්බට්ටාhttp://www.blogger.com/profile/04834982813712526152noreply@blogger.com0tag:blogger.com,1999:blog-3678664820098083310.post-73099058530530942192012-02-02T01:00:00.000+05:302012-02-06T15:33:31.205+05:30රුපියල් දහයට ගහගැනීම
මේ සිද්ධිය උනේ 2010 අවුරුද්දෙදි. ඒ වෙනකොට බට්ටා O/L කරලා ඉවරවෙලා නිවාඩු කාලෙදි කෝස් කෑල්ලක් කරන්න කොහේදෝ තියන තරුණ සේවා මෙව්ව එකකට ගියා. අර ඉලෙක්ට්‍රොනික් ය කියන ජාතියේ කෝස් එකක් තමයි කරේ. බට්ටගෙ අසල්වැසියෙක් සහ හොඳම යාලුවා වුණු සුද්දත්(17) එක්ක සෙට් වෙලා, එතෙන්ට ගිහින් ඇතුලත් වෙලා පන්තියට යනකොට එතන හිටියේ ඩිමොස්ටේටර්(ඩිමා)(21) විතරයි. ඌ අපිට කලින් අවුරුද්දෙ කෝස් එක කරලා, සර් නැති වෙලාවට අපිව බලා ගන්න හිටපු එකා.
අපි පන්තියෙ වාඩිවෙලා ඉන්නකොට එකෙක් ආවා . ඌ මොකාද වගේ බලලා එළියට ගියා. ඌ තමා සී.ඩී(21)! ටිකකින් ආවා හොඳ මහත දෙහෙත ඇති දැක්කම දුවන්න හිතෙන ඩයල් එකක්. ඌ නිකං වත් හැරිල බලන්නැතුව එළියට ගියා. ඒ බඩා(20)! ඔහොම තව ටිකක් වාඩි වෙලා ඉන්නකොට තවත් එකෙක් ආවා. ඒ යකා අපේ දිහා බලලා ලස්සනට මූන පුරා කුපාඩි හිනාවක් දාල යන්න ගියා. ඌට කියන්නෙ ගල්ෂෝටා(21)! ඔය වගේ එක එක ජාතියේ උන් 11 ක් හිටියා. මේ සිද්ධිය වෙච්ච කාලෙ වෙනකොට 11න් ඉතුරුවෙලා හිටියෙ ඔය උඩ කියපු තුන්දෙනා සහ සුද්දත් මමත් විතරයි.
ඒ අතරිනුත් මට යූත් යන චාන්ස් එක මිස් වෙලා තිබුණා. මොකද A/L උලව්ව කරන්න මට තාවකාලිකව යූත් යෑම නවත්තන්න උණා.ඒ නිසාම මේ කේස් එක වෙනකොට බට්ටා යූත් එකේ නෑ. දැන් පසුබිම පැහැදිලි නිසා කතාව මෙහෙමයි!
දවසක් අපේ කට්ටිය පන්තියට වෙලා පච කෙළ කෙළ හිටියා. ඔය අතරෙදි රු. දහයෙ කොළේක බාගයක් එකෙක්ට හම්බ උණා. ඒක හරියටම දෙකට නවාපු කොළයක් වගේම පෙනුණා. මේක දැකපු තව එකෙකුට බොහොම අපූරු ගොන් අයිඩියාවක් ආවා. මේක අනිත් උන්ටත් කිව්වාට පස්සේ සෙට් එක පන්තිය ඇතුලෙන් හීනි තඹ කම්බි රෝලක් හොයාගත්තා. මේකෙන් දිග කෑල්ලක් කඩාගෙන දහයේ කොළේ කොණක අමුණපු මුන් ටික දහය එළියෙන් තියලා තඹ කම්බිය දොර යටින් ඇතුළට ගත්තා.දැන් මොකෙක් හරි ඇවිත් අහුලනකං දොරේ වීදුරුවට මූණ තියාගෙන අපේ උන් බලං ඉන්නවා. ඔන්න පාලුව මකාගෙන එකෙක් ඈතින් එනව පේනවා. සර්ගෙ යාලුවෙක්. ඔපීසියෙ වැඩ කරන ඩයල් එකක්. උගේ ඇස් දෙක බිම තියන දහය දිහාට ගියා. ඒක අඳුර ගන්න ඇස් දෙකට පුලුවන් වෙච්ච ගමන් පහත් වෙච්ච ඩයල් එක අත ඒ දිහාට ගෙනියනකොට ම අපේ උන් කම්බිය ඇද්දා. අවුල මොකද්ද කියලා එකෙන් ම මීටර් වෙච්ච නිසා මිනිහා ෂේප් එකේ නැගිටලා ගියා. අපේ උන්ට ආතල් එක මදි වෙච්ච නිසා ඌව නෝන්ඩි කරන්න එළියට බැහැපු කට්ටිය ඌ යනකං බලං හිටියා.
පළවෙනි චැප්ටරේ ඒ විදියට ඉවර උන නිසා සෙට් එක දෙවෙනි කොටසට ගියා. දැන් කලින් වගේම ඇතුලෙ ඉඳන් කට්ටිය බලං ඉන්නවා. ඔය අතරෙදි බඩා වගේ දෙකක් විතර මහත එකෙක් පන්තිය පැත්තට රෝල් වෙනවා. කව්ද යකෝ මේ? අප්පද බොල! පවර් ඉලෙක්ට්‍රිකල් එකේ සෑර් කාරයා. ඒ යකාගෙ ඇස් පෙනීමත් නරක නෑ. මෙන්න මූ දහය ගන්න පාත් වෙනවා! අපේ එවුන් මේ සැරේ කොළේ අතට ගන්නකං ඉඳල ඇද්දේ කම්බිය අතේ තියන එකාගෙ වැරැද්දක් නිසාද කොහෙද. කලින් එකාට වගේම සෑර්ටත් තේරුණා අවුල. හැබැයි මිනිහ ගේම අත ඇරියෙ නෑ. බාග දහය හයියෙන් ඇදල ගත්ත මිනිහා ඒකත් සාක්කුවෙ දාගෙන යන්න ගියා.
මේ අතර ගල්ෂෝටාගේ ක්‍රියාකාරකම් වලින් ධෛර්යමත් උනු අපේ උදවිය උගේ පස්සෙන් එළියට බැහැල කෑ ගහන්නයි හූ කියන්නයි පටං ගත්තා."ඒයි රුපියල් දහය දීල යනව. ලැජ්ජ නැද්ද හොරකං කරන්න. හු හූ........" කට්ටිය ආතල් එකේ කෑ ගහනකොට සද්දයක් දාපු සෑර් ඇතුලට ගියා. මේ කතාව මොකද්ද කියල නං මම දන්නෑ. හැබැයි මොකක් උනත් ඒ කියපු කතාවට මල පැන්නේ වලි හොයමින් ඉන්න අපේ චන්ඩියා ගල්ෂෝටට. උගේ වාස භවනය යූත් එක පිහිටි නගරයේ ම තිබුනු නිසා ඌට බය වෙන්න දෙයක් තිබුනෙ නෑ. ඌ කෑ ගහගෙන සෑර්ගෙ පන්තියට යනකොට ඌව තනි නොකල අපේ යහපත් යාලුවන් ඌත් එක්කම ගියා.ඒ අතරෙදි ඒකේ ඩිමෝල දෙන්න අපේ එවුන්ව අවුස්සමින් හිටියා. පන්තිය ඇතුලෙදි වෙච්ච උණුසුම් වචන හුවමාරුවකින් පස්සෙ වැඩි කලබල නැතුව අපේ උන් පන්තියට ඇවිල්ල තිබුණා.
ඒත් එක්කම යූත් එක ඇරුණා. මේ වෙනකොටත් අපේ සිසුන්ගේ යහපත් කල්ක්‍රියාව ගැන ඔපීසියට පැමිණිලි ගිහින් තිබුණු අතර ම ගේට්ටුවෙන් පිටවන ඉලෙක්ට්‍රොනික් කාරයන් අල්ලගන්නට සික්කන් සික්කාවන් පෙළ ගැසී සිටියා. දැන් කට්ටිය ගේට්ටුව ගාව.
"ඕගොල්ලො ඉලෙක්ට්‍රොනික් එකේ නේද?" සික්කාවක් අහනවා.
ප්‍රෝඩාවට උපන් හපන් බඩා ඉස්සරහට එන්නේ මේ වෙලාවෙ.
"නෑ නෑ ඒ ගොල්ලො පිටිපස්සෙන් එනවා"
කොහොමහරි මේ විදියට හැමෝම එදා යහතින් ගෙවල් වලට ගිහින් තිබුණා.බට්ටාhttp://www.blogger.com/profile/04834982813712526152noreply@blogger.com6