2013/01/30

පින්තූර අස්සට වීඩියෝ සමග ගීතයෙන් ගීතය.. (2013 ගෙට්ටුව)

        27 වෙනිද මොකද වුණේ කියල මම අමුතුවෙන් කියන්න ඕනෙ නෑනේ.. ඔය ආපු ගිහිපු උදවිය කියල තිබුණේ මදි නොකියන්න.. අතිශයෝක්ති, මඩ, රස, ගුණ වැණුම්, අපබ්‍රංස, මතක ආවර්ජනා, තරඟ, හොර වැඩ වගේ හැමදෙයක් ගැනම.. නොකියපු දෙයක් හොයාගන්නත් අමාරුයි..
……
……        ඒ පෝස්ට් දාපු හැමෝම වගේම මමත් ඒ දවස රස වින්දා.. හරිම ලස්සන දවසක්.. මීට වඩා ක්‍රියාකාරී බ්ලොග්කරුවෙක් වුණා නම් ඊටත් වඩා රස විඳින්න තිබුණා කියලත් හිතුණා..  කොහොම වුණත් අක්‍රීය බ්ලොගරුවන්ගේ සංගමයේ අධි ක්‍රියාකාරී සාමාජිකයෙක් විදියට වුණත් අඩුවක් දැනෙන්න ඉඩ තිබ්බෙ නං නෑ ඒ අපූරු යාලු මිත්‍රයො ටික.. ඒ වගේ සුහද මිනිස්සු ගොඩක් එක සැරේම හම්බවෙන්න තරං පිං කරලා තිබුණලු අපිත්..
……ප්‍රධාන සංවිධායකවරු තුන් දෙනා වෙච්ච සිරා, සෑමා, අටමා කියන සහෝදරවරුත් ප්‍රාදේශීය පිරිස් සංවිධායකවරුන් වෙච්ච ප්‍රදීප් අයියා ඇතුළු අනික් අයත් වගකීමෙන් මහන්සිවෙලා තමා දවසේ කටයුතු පිලිවෙලට පෙලගස්සල තිබුණෙ.. උදේම ඇහුණ කනගාටුදායක ආරංචියකුත් මතක් කරන්න ඕනෙ.. වැස්සත් එක්ක හදිස්සියෙ ආපු ගංවතුරෙන් පාරවල් වැහුණ නිසා සඳරු අයියත් එක්ක ඒ පැත්තෙන් එන්න හිටපු උදවියට ගෙට් එකට එකතු වෙන්න බැරි වුණා..

මෙන්න මේ කාරණාව ටිකක් සැක සහිතයි.. දමිත් අයිය කියනව මෙහෙම කතාවක්..
//


අඩෝ Batta..........

දේවා ගේට්ටුවට අවා බන්,කුලියාපිටිය,කුරුණෑගල පැත්තෙන් එන්න හිටපු එවුනුත් අවා.

මම ඇහුවත් එක්ක දේවා අයියගෙන් ඒ පැත්ත යට වෙලාද කියල,උබනේ මටත් ඔය නිවුස් එක කිව්වේ.

එහෙම අවුලක් ගිහින් නෑ බං .ඇයි බං අර ජාල කරාමේ ලගදි ප්‍රදීප් අයියත් එක්ක දේවා අයියාවත් හම්බ උනේ...

උබ ගුලි කාලද හිටියේ....// කාරණාව පැටලිලි සහගතයි.. දන්න කෙනෙක් ඉන්නවනං පැහැදිලි කරන්න.. නැත්තං හැමෝම නොදැක්ක වගේ ඉන්න.. :P
     
             මම නොදන්නවට මේකට මහන්සි වෙච්ච තව ගොඩක් අය ඇති.. ඒ අතරින් ගෙට්ටුවට යන්න කලින් ගේට්ටුව ලඟ හිටගෙන ගෙට්ටුවට ආපු අය වෙනුවෙන් ටිකට් විකුණපු සමියයි, කම්මලයිත් මතක් කරන්න ඕනෙ..
……
……              කොහොමෙන් කොහොම හරි පටං ගනිද්දි හිටපු ලොකු පිරිසෙන් ගොඩ දෙනෙක් හවස් වෙද්දි අඩු වෙලා හිටිය.. ඒ උදවියට මගේ සාතිශය සංවේගය ප්‍රකාශ කරන්න වෙනව.. මොකෝ ඒ අපූරු දවසෙ අපූරුම කොටස තිබුණෙ හවස් වරුවෙ.. හොඳ හොඳ සෙල්ලං එළිවෙන ජාමෙට කියන්නෙ නිකංයැ..
……
……            ඉතිං වෙච්ච දේවල්, කරපු දේවල් ගැන ගොඩක් බ්ලොග් වලින් කියවපු නිසා දැන් කට්ටිය ලෑස්ති වෙන්න ඒ හවස් වරුවෙ තිබුණ අන්තිම තරඟෙන් කොටසක් ශ්‍රව්‍ය දෘෂ්‍ය ආකාරයට රස විඳින්න.. මේ වීඩියෝ එකේ තත්වෙ බාල කරන්න සිද්ධ වුණා මට, මගේ නෙට් ස්පීඩ් එක ගොඩක් වැඩි හින්ද යූ ටියුබ් එකේ බටේ කඩාගෙන ගියොත් එහෙම කියල.. එහෙම කරලත් පස් හය පාරක්ම උත්සහ කරල, මේක තමා අන්තිම සැරේ කියලත් දෙපාරක් තුන්පාරක්ම උත්සාහ කරල තමා "ට්‍රයි ඇන්ඩ් ට්‍රයි වන් ඩේ යූ කැන් වීඩීයෝ එක අප්ලෝඩ් කරන්න" කියන නියමයට අනුව වැඩේ ඉවර කරගත්තෙ.. එහෙනං ඕං අල්පේච්ඡ බ්ලොග් කාරයො විදියට ලද දෙයින් සතුටු වෙයල්ලා.. එහෙම බැරිනං මගේ දුප්පත් 2MP මොබයිල් කැම් එක වගේ නැති සෝනි සයිබර්ෂොට් කම්පැක්ට් කැමරාවකින් මේ සිද්ධිය මට වඩා හොඳට වීඩියෝ කරපු 'උගේ හද ගැස්ම' ලියන දමිත් ශ්‍රියන්ත අයියට වැඳල හරි උසස් තත්ත්වයේ වීඩියෝ එකක් අප්ලෝඩ් කරවගෙන ඒක බලපියව්.. :D








            අවසාන වශයෙන්, සංවිධායක වරුන්ටත්, ගෙට් එකට ආපු හැමෝටමත්, එන්න ඇඟිලි ගැන ගැන ඉඳල  සාධාරණ හේතු නිසා එන්න බැරි වුණු අයටත්, හෙට කොහොමහරි යනවමයි කියල හිතාගෙන ඉඳල උදේ නැගිටින්න කම්මැලි හිතිල ගෙදර හිටපු උදවියටත්, යන්දෝ නොයන්දෝ කියලා හිතාගන්න බැරුව හිටිය අයටත්, "අනේ අපි නං යයි ඔය කෙහෙල්මල් වලට" කියල හිතාගෙන ගෙවල්වල හිටපු අයටත්, ඔය සේරම ගැන කියපු එකේ ඔන්නොහෙ මටත් බොහෝම බොහෝම ඉස්තූතියි.. ^_^

යේ යේ.. පෝස්ට් එකක් දැම්මෝ.. හුරේ.. හූ සිතුමෝ.. ඇද්ද තොට... ඔ.. අ.. :O අඩේ සොරි මචංලා... ප්‍රසිද්ධ වේදිකාව නේද.. අමතක වුණා.. :/


Related Posts Plugin for WordPress, Blogger...