2012/08/31

මරණය සොයමි..




සැඟවුණු කඳුළු බිඳුවක පිහි පහර        වැද
වැගිරෙන රුහිරු සමඟින් පවු ගෙවයි   හද
තනිකම මකන මුත් පාලුව ළඟින්         හිඳ
පෙර තනි මැකූ ඇය මා ලඟ නොමැත   අද

පන්හිඳ අනියි කටු අත්තක් වී                හදට
පුන්සඳ පවා සෝ දසුනකි මගෙ        ලොවට
ඉන්නද කෙසේ ඇය වෙන් වුනි පෙර   පවට
දැන් ලද දෙයින් සැනසෙනු මිස නන්   කුමට

ඇය හෙලු බැලුම් සිහිවෙයි නිල් දෙනෙත  අයා
කන්කලු සිනාවන් සොයනෙමි කොහෙද  කියා
දැන් මා කෙසේ සැනසෙන්නද දෙ ඇස     පියා
ඇය ගිය ලොවට ඈ මගෙ හද අරන්          ගියා

උණුසුම් කඳුළු බිඳුවකි නෙත සිප      ගන්නේ
කොතරම් වැළපුණත් ඇය නෑ යළි    එන්නේ
රුදු සිහිනයෙන් කෙළෙසද මා   පිබිදෙන්නේ
මරණය සොයමි, අද මා ඔබ වෙත     එන්නේ

Related Posts Plugin for WordPress, Blogger...